Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
සැකකටයුතු පුද්ගලයින්, වාහන ගැන ආරක්ෂක අංශ තොරතුරු ඉල්ලයි

- සැකකටයුතු පුද්ගලයින්, වාහන ගැන ආරක්ෂක අංශ තොරතුරු ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,308 Views
දැනට පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැකකටයුතු පුද්ගලයින්, වාහන, පිළිබඳ තොරතුරු ඇත්නම් කඩිනමින් ඒවා දැනුම්දෙන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
 
ඒ සඳහා යුද හමුදා මූලස්ථානය දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.
 
0112 434 251, 0114 055 105, 0114 055 106, 0112 433 335 සහ 0766 911 604 යන දුරකථන අංක ඔස්සේ යුද හමුදා මූලස්ථානයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට දැනුම්දිය හැකි බවයි යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ.

එසේම සැකකටයුතු වාහන, පුද්ගලයන් සහ සිද්ධීන් පිළිබඳව 1 1 6 ක්‍ෂණික ඇමතුම් අංකයට තොරතුරු දැනුම්දිය හැකි බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.
 
මේ අතර පොලීසිය සදහන් කළේ රට තුළ පවතින වාතාවරණයත් සමඟ රථ වාහන ගාල් කර යන්නේ නම් එහි තම නම සහ දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙසටයි.
 
මේ අතර ලැබෙන තොරතුරුවලට අනුව පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා මාර්ග වසා තැබීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
 
කොළඹ නගරයේ මෙන්ම ඉන් පිටත ද මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීමට මාර්ග වසා තැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.
 
මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top