Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා කාන්තාවකුත් ආ බව හෙළි වෙයි - Photos

- මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා කාන්තාවකුත් ආ බව හෙළි වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,219 Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අන්තර්ජාලයට මුදාහළ ප්‍රහාරයට ඔවුන් පෙනී සිටි වීඩියෝවේ කාන්තාවක්ද සිටින බව කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.
 
එහි සඳහන්ව ඇත්තේ මෙම වීඩියෝවේ පිරිමි පුද්ගලයන්ට පිටුපසින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා සූදානම් වූ කාන්තාව සිටින බවයි.
 
සැකකරුවන් වීඩියෝව අවසානයේ එකිනෙනකාගේ දෑත් තබා පොරොන්දුවක් ලබාදෙන අවස්ථාවේ මෙම කාන්තාවගේ අත එහි පැහැදිළිව දැක්වෙන අයුරු කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

ප්‍රහාරය එල්ලවූ පසුගිය 21 වනදා අබු උබයිඩා ඇතුලූ හත්දෙනෙකු පෙනී සිටින වීඩියෝවක් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සහය දක්වන අල් ගුරාබා සමාජ මාධ්‍ය පිටුව මගින් මුදාහැර තිබුණා. ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත සංවිධානය, අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන ස්වයං විකල්ප මතධාරී සංවිධානයක් ලෙසයි සැළකෙන්නේ.
 
කලීජ් ටයිම්ස් පුවත්පත සිය වාර්තාව මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට එක්වූ මෙම කාන්තාව ඇතුලූ සෙසු පුද්ගලයින් ආර්ථික ස්ථාවරයක් සහිත ඉහළ හෝ මැදි ආදායම් ලබන පවුල්වල සාමාජිකයන් බවයි.
 
එසේම ඔවුන් උසස් අධ්‍යාපනයක් ලබා ඇති බවයි කලීජ් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top