Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
"මනමාලියෙක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක..." - දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය 24 හැවිරිදි පියුමි ශානිකාගේ මව හඬා වැටෙමින් කියයි - Photos

- "මනමාලියෙක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක..." - දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය 24 හැවිරිදි පියුමි ශානිකාගේ මව හඬා වැටෙමින් කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

99,179 Views
මම කිව්වා, පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප්‍රවේශමෙන් කියලා..
 
එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා..
 
"එයා රැකියාව කළේ පණ වගේ. එයා මනමාලියක් වෙන දවස මම හීන මවමින් හිටියා. මං කිව්වා දුවේ ඉක්මනට විවාහ වෙන්න කියලා. එයා කිව්වා අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් විවාහ වෙනවා කියලා. මනමාලියක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක. ළඟදී උසස්වීමක් ලැබෙන්න හිටියා. ඉගෙනගන්නත් හරි දක්‍ෂයි. රැකියාව කරන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.." යැයි දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේදී පුපරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පානදුර උයන්කැලේ පදිංචි කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකාර සහකාරියක ලෙස සේවය කළ 24 හැවිරිදි පියුමි ශානිකා සල්ගාදු මෙනවියගේ මව වන කාංචනා පෙරේරා මහත්මිය හැඬූ කඳුළින් පැවසුවා.

බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් මෙරෙඤ්ඤගේ පියුමි ශානිකා සල්ගාදු මෙනෙවිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයෙන් බාහිර උපාධි අපේක්‍ෂිකාවක් වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.
 
අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ඇය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර ඇති අතර පසුව තරග විභාගයකට පෙනී සිට කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකරණ සහකාරියක වශයෙන් ද මියයන තුරු කටයුතු කළා.
 
තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් දරාගත නොහැකිව ඇය මෙසේ ද පැවසුවා.
 
"පියුමි රැකියාවට පණ වගේ කළා. ජීවිතයම අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වුණේ. රැකියාව කළා කියලා අධ්‍යාපන කටයුතු නොකර හිටියේ නෑ. මැයි 12 වැනිදා කැම්පස් එකේ විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටියා..."
 
"12.00 වෙනකන් පාඩම් කළා. පාන්දර 5.00 ට අවදි වෙලා එයා රස්සාවට යන්න ලෑස්ති වෙනවා. අපි පානදුර බස් නැවතුම්පළ වෙත අපේ වෑන් එකෙන් උදේට ගෙනත් දානවා. පස්සෙ සුඛෝපබෝගී බස් රථයක හැමදාම ඇය අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම තියෙන කාර්යාලයට යනවා. මේ සිද්ධිය වෙන දවසේ නුගේගොඩ ප්‍රදේශයේ පන්තියකට සහභාගි වෙමින් තමයි ඇය සිටියේ. සෙනසුරාදා එයා ජයවර්ධනපුර කැම්පස් එකට යනවා. එදා මම දහවල් 11.00 ට පමණ කිව්වා පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප්‍රවේශමෙන් කියලා. එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා. නමුත් අපි එයාගේ දුරකථනයට ඇමතුම් ගත්තට මුකුත් ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. වෙනදා මට කතා කරලා අම්මේ බෙහෙත් බිව්වද කියලා අහන ළමයා. නමුත් අපි සැකේට එයාව බලන්න නුගේගොඩට ගියා. නුගේගොඩට යනකොට පන්තිය වහලා තිබුණා. හැබැයි එයාගේ දුරකථනය මේ වෙනකොටත් නාදවෙමින් තියෙනවා. මං හිතුවා එයාට අනතුරක් වෙලා කියලා..."
 
"පියුමිට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා. තව බාල සහෝදරයකුත් ඉන්නවා. මියගිය පියුමි පවුලේ දෙවැනි දරුවා. ලොකු පුතා විවාහකයි. ලොකු පුතාගේ දරුවන්ටත් එයා පණ වගේ ආදරය කළා. අධ්‍යාපන කටයුතුවලට ද උදව් උපකාර කළා. මම නිතරම කිව්වා විවාහ වෙන්න කියලා. ඒත් ඇය කිව්වා පස්සෙ ඉගෙනගෙන ඉවරවෙලා ඒ කටයුතු කරගමු කියලා. මනමාලියක් වෙන්න හිටපු ඇය අන්තිමට ඒ වගේම ලස්සනට ඇඳගෙන ආවෙ පෙට්ටියක....."
 
පියුමි ශානිකා සල්ගාදු මෙනෙවියගේ අවසන් කටයුතු මේ මස 25 වැනිදා බ්‍රහස්පතින්දා (හෙට) පස්වරු 4.00 ට නල්ලූරුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
 
- දීපිකා පීරිස්
(දිවයින)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top