Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
හමුදාවේ 5000 ක් ආරක්ෂාවට යොදවයි - ප්‍රදේශ රැසක තිබූ සැක සහිත පාර්සල් සහ වාහන විශේෂ පරීක්ෂාවකට - Video

- හමුදාවේ 5000 ක් ආරක්ෂාවට යොදවයි - ප්‍රදේශ රැසක තිබූ සැක සහිත පාර්සල් සහ වාහන විශේෂ පරීක්ෂාවකට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,406 Views
පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සහ වෑන් රථයක් පවතින බවට ලද තොරතුරකට අනුව ඒ පිළිබඳව කොළඹ දිසාවේ සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම දැනුම්වත් කිරීම සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම ස්ථාන කිහිපයකම සැක සහිත පාර්සල් සහ වාහන ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරු මත අදත් විමර්ශන සිදුකෙරුණා.

කිරුළපන - කොළඹගේ මාවතේ සැකසහිත පෙට්ටියක් ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එය පුපුරුවා හැරියා.

කෙසේ වෙතත් එහි තිබී ඇත්තේ ජල මීටරයක් බවයි පසුව අනාවරණ වුණේ.

මේ අතර කොළඹ - කිංග්ස්බරි හෝටලය ආසන්නයේ නවතා තිබූ සැකසහිත යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක් කළා.

පසුව එහි හිමිකරු පැමිණ සිය අනන්‍යතාව තහවුරු කර ඇති අතර, ඔහුගෙන් කොටුව පොලීසිය ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම ලිඳුල - රහන්වත්ත ප්‍රදේශයේදී අනන්‍යතාව තහවුරු කළ නොහැකි වූ කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගත්තා.

28 හැවිරිදි එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයගේ සැමියා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.

අදාල කාන්තාව පසුගිය 12 වනදා වත්තල ප්‍රදේශයේ රැඳී සිට ඇති බවට ඇය සතුව තිබූ බිල්පත් මගින් තහවුරු වන බවයි පොලීසිය සඳහන් කළේ.
ඇයගේ ජංගම දුරකථනයේ තිබී කතෝලික ආගමේ සංකේතවල ඡායාරූප කිහිපයක්ද හමුව තිබෙනවා.

මේ අතර රත්මලාන 4 වන පටුමග ආසන්නයේ ආපනශාලාවක සේවය කළ මුස්ලිම් ජාතිකයින් 13 දෙනෙකු පසුගිය 21 වනදා සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුව රත්මලාන ගුවන් හමුදා කඳවුරු නිලධාරීන් පිරිසක් සහ ගල්කිස්ස පොලීසිය එක්ව එම ආපනශාලාව පරීක්ෂාවට ලක් කළා.

එමෙන්ම කඳාන මංසන්ධියේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් මත විශේෂ පරීක්ෂණයක් සිදු කෙරුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම කොළඹ නවම් මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් අසළද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෝදිසි කළේ එහි සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් මතයි.

මේ අතර මහනුවර දළදා මාළිගාව අවට නවතා ඇති රථවාහන විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණු අතර, ඊට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මහනුවර පොලිස් නිලධාරීන්ද එක්ව සිටියා.

මහනුවර නගරයේ ඞී.එස්. සේනානායක වීථීයත්, කොටුගොඩැල්ල වීථියත් සම්බන්ධ වන හරස් වීථියේ ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් දින 5 ක සිට නවතා තිබෙන බැවින් එය පරීක්ෂා කරන ලෙසයි ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම්දී තිබුණේ.

කෙසේ වෙතත් පරීක්ෂා කිරීම්වලින් අනතුරුව අනාවරණ වුණේ එය විදේශිකයෙකු පැමිණි ත්‍රිරෝද රථයක් බවයි.

මේ අතර අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසළ නවතා තිබූ යතුරුපැදියක්ද පොලිසීය පරීක්ෂාවට ලක් කළේ හිමිකරුවෙකු නොමැතිව අතහැර දමා ඇති බවට ලද තොරතුරක් මතයි.

එමෙන්ම කෝට්ටේ රජමහා විහාරය සහ පිටකෝට්ටේ මංසන්ධිය අසළ මාර්ගයේ තිබූ මෝටර් රථයක්ද පොලීසිය පරීක්ෂාවට ලක් කළා.

ඒ අනුව නගර ආශ්‍රිත මාර්ගයන්හි රථවාහන ගාල් කොට ඉන් බැහැරව යන්නේ නම් තම අනන්‍යතාව තහවුරු වන අන්දමින් දුරකථන අංකය සහ නම ප්‍රදර්ශනය කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එසේම ජලයට විෂ මිශ්‍ර කර ඇති බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කොළඹ - බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන මස 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ආරක්ෂක කටයුතු සඳහා රට පුරා යුද හමුදා සාමාජිකයින් 5000 ක් අනුයුක්ත කර ඇති බවයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top