Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදුකළ බෝම්බකරු දේවස්ථානය තුළට පැමිණි අයුරු CCTV කැමරාවකින් එළියට එයි - මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර ගැන තවත් තොරතුරු මෙන්න - Video

- මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදුකළ බෝම්බකරු දේවස්ථානය තුළට පැමිණි අයුරු CCTV කැමරාවකින් එළියට එයි - මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර ගැන තවත් තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100,888 Views
සැකකරුවන් 24 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට

පුද්ගලයන් 291 දෙනෙකුට සිය දිවි අහිමි කරමින් කොළඹ ප්‍රදේශ රැසක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසනවා.

මේ අතර තවදුරටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක ඊයේ සිදුකළ සෝදිසි අතරතුර සිදු වූ පිපිරීමෙන් මියගිය කාන්තාවන් දෙදෙනා ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පිපිර වූ සීලවන් හින්සාමි නැමැත්තාගේ බිරිඳ සහ ඥාති සහෝදරියක්වන බව විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර කොළඹ ඊයේ සිදු වූ පිපිරීම් සිද්ධිවලට අදාළව වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් තවත් 9 දෙනෙකු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද නියෝග කළා.

අද අලුයම 2 ට පමණ මෙම පුද්ගලයන් 9 දෙනා වැල්ලම්පිටිය - අවිස්සාවේල්ල මාර්ගයේ අංක 111 දරණ ස්ථානයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවකදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ පිළිබඳ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් 9 දෙනා ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ සීලවන් හින්සාමි නැමැත්තාට සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදු වූ පිපිරීමෙන් මියගිය කාන්තාවන් දෙදෙනාට අයත් ආයතනයක සේවය කරන බවයි.

අදාළ සැකකරුවන් සිදු වූ පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණය හමුවේ අවධාරණය කළා.

අදාළ නිවසේ සිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත් බවට පැවසෙන මොනරාගල, බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැල් දෙකක් අද පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්වුණා.

මේ අතර දෙමටගොඩ මහවිල උද්‍යාන ප්‍රදේශයේ පිපිරීම සිදු වූ නිවස ආසන්නයේ රැදී සිටි සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තා.  

එහිදී එක් පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයේ කොළඹ පිපිරීම් සිදු වූ හෝටල් කිහිපයක පිපිරීමට පෙර රහසේ පටිගත කළ දර්ශන ඇතුළත්ව තිබූ බවද පොලිසිය සඳහන් කළා.

මේ අතර පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් රැදී සිටි බවට හඳුනාගත් පානදුර, සරික්කමුල්ල ප්‍රදේශයේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම නිවස පසුගිය පෙබරවාරි මස 19 වැනිදා මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තෙකු විසින් බදු පදනම මත එහි හිමිකරුගෙන් ලබාගෙන ඇති බවයි.

මසකට රුපියල් 40,000 ක මුදලකට ලබාගෙන ඇති අදාළ නිවස සඳහා රුපියල් 480,000 ක අත්පිට මුදලක්ද ගෙවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අදාළ නිවසේ හිමිකරුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් තුළ සිදු වූ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් මෙම නිවසේ සිට ඇති අතර  කුලී සේවා සපයන ආයතනයකින් ඇනවුම් කළ මෝටර් රථයකින් ගොස් අදාළ හෝටල්වල පිපිරීම් සිදුකර ඇති බවට කිංග්ස්බරි හෝටලයේ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ තොරතුරු අනාවරණය වුණා.

පසුව හෙළි වුණේ අදාළ කුලී මෝටර් රථය පානදුර ප්‍රදේශයේ කාන්තාවකට අයත් බවයි.

අදාළ මෝටර් රථය එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පදවා ඇති අතර පානදුර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තමන් කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වෙත කැඳවාගෙන ආ බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පානදුර ප්‍රදේශයේ නිවසේ සිට පෙරේදා රාත්‍රී ඔවුන් අදාළ හෝටල්වලට පැමිණ ඇති බවට කරුණු හෙලි වී තිබෙනවා.

කිංග්ස්බරි හෝටලයේ පිපිරීමට සම්බන්ධ වූ පුද්ගලයා රැදී සිට ඇත්තේ හෝටලයේ 8 වන මහලේ පිහිටි කාමර අංක 819 වන අතර ඔවුන් අදාළ නිවසේ සිට මරාගෙන මැරෙන බෝම්බ කට්ටල රැගෙන මෙම හෝටල් වෙත පැමිණ ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය අනාවරණ කර ගත්තා.

පිපිරීමෙන් පසු සැකකරුවන්ගේ මුහුණු ඔවුන් හෝටල් වෙත රැගෙන ආ කුලී රථ රියදුරා විසින් හඳුනාගත් අතර පොලිසිය සැකකරන්නේ ෂැංග්‍රිලා හෝටලය සහ දෙමටගොඩ නිවසේ සිදු වූ පිපිරීමට සම්බන්ධ සැකකරු සහ කාන්තාවද පානදුර නිවසේ රැදී සිට ඇති බවටයි.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශයේද ඊයේ රාත්‍රීයේ ගුවන් හමුදාව විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළා.

එහිදී ගුවන් තොටුපොළ ප්‍රධාන පිවිසුම ආසන්නයේ ආඩි අම්බලම මාර්ගයේ තිබී දේශීයව නිෂ්පාදනය කර වැඩිදියුණු කරන ලද බෝම්බයක් සොයාගත්තා.

අදාළ බෝම්බය අඩි 6 ක් පමණ දිගින් යුත් PVC නළයක් තුළ සකසා තිබුණේ අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් බව ගුවන් හමුදාව පවසනවා.

මේ අතර ඊයේ සිදු වූ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ රාත්‍රීයේ දඹුල්ල නගරයේ ලැඟුම්හලක රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල සහ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් එක්තරා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ප්‍රබල සාමාජිකයන් බවද හෙළි වී තිබෙනවා.

පොලිස් ඔත්තුකරුවෙක් මගින් ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිසිය ඊයේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටුමක ප්‍රධාන සැකකරුවෙක් බව පොලිසිය සඳහන් කළා.

අනෙක් පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු ලෙස හඳුනාගත් තවත් පුද්ගලයෙකුගේ ළඟම ඥාතියෙකු බව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අද භාරදුන්නා.

අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත රැදී සිටි බව කියන රාගම එඩේරමුල්ල දේවස්ථානය පිටුපස පිහිටි සුඛෝපභෝගී නිවසක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අද පරීක්ෂා කළා.

මේ අතර ඊයේ මඩකලපුව සියොන් දේවස්ථානයේ පිපිරීම සිදුකළ බෝම්බකරු දේවස්ථානය තුළට පැමිණෙන අයුරු ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

මේ අතර අද දහවල් පන්නිපිටිය විද්‍යාල හංදිය ප්‍රදේශයේ නිවසක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෝදිසි කිරීම්වලට ලක්වුණේ මෙලෙසින්.

මන්නාරම, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරම පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ එම පුපුරණ ද්‍රව්‍ය තොගය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත්තා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top