පිටකොටුව - බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක් මෙලෙස සොයාගෙන ඇති බවයි.
මේ අතර, ඊයේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොළඹ ෂැංග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් අනතුරට ලක්වීම හේතුවෙන් එම තීරණයට එළඹුණු බවත්, එමගින් නිකුත් කළ නිවේදනයක සඳහන්.
කෙසේ නමුත්, අමුත්තන් සඳහා විකල්ප නවාතැන් ලබාදීමට කටයුතු කරන බවයි ෂැංග්‍රිලා කළමනාකාරීත්වය සදහන් කළේ.