ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක විවිධ ශෝකය පළ කිරීම් සිදුකරනු ලැබුවා.
ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලිපහන් නිවා දමා ශෝකය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අයිෆල් නිල ටිවිටර් ගිණුමේ දැක්වෙන්නේ එරට වේලාවේන් රාත්‍රී 12ට අයිෆල් කුළුණේ මෙලෙස විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ බවයි.
ඊට අමතරව රුසියාවේද පහන් දල්වමින් ශෝකය පළ කළ අතර, ඊජිප්තුවේ විදුලි ආලෝකවලින් ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කළ බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ.
එමෙන්ම මලයාසියාවේ දී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පහන් දල්වමින් ශෝකය පළ කර තිබෙනවා.
දේව මෙහෙයකට සහභාගි වූ පාප් වහන්සේ ද මෙරට සිදුවූ මිලෙච්ජ ප්‍රහාර මාලාව හෙළා දැක තිබෙනවා.
එමෙන්ම ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරමින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගර සභා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ධජයේ වර්ණයෙන් ආලෝකමත් කර තිබුණා.
මේ අතර ලොව පුරා කලාකරුවන් ද ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්ත්වයට ශෝකය පළ කර තිබෙනවා.
මොවුන් අතර ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන අභිෂේක් බච්චන්ද, අනුෂ්කා ශර්මා, ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, සුප්‍රකට ඇමරිකානු ගායිකාවන් වන, සෙලින් ඩියෝන් සහ මරායා කැරේ ද වනවා.
කතෝලික කාන්තාවක් පාකිස්ථානයේ පේෂාවාර් හිදි ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටිපන්දම් දල්වමින්...
ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගර සභා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ධජයේ වර්ණයෙන් ආලෝකමත් වූ හැටි...
දේව මෙහෙයකට සහභාගි වූ පාප් වහන්සේ ද මෙරට සිදුවූ මිලෙච්ජ ප්‍රහාර මාලාව හෙළා දැක තිබෙනවා...
ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලිපහන් නිවා දමා ශෝකය පළ කළ අයුරු!