Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
22
කොළඹ පිපිරීම්වලින් විදේශිකයන් 36 ක් මරුට - 9 දෙනෙකු අතුරුදහන්!

- කොළඹ පිපිරීම්වලින් විදේශිකයන් 36 ක් මරුට - 9 දෙනෙකු අතුරුදහන්!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
කොළඹ සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් 36 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ විදේශිකයන් 11 දෙනෙකුගේ මෘත දේහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි.

ඉන්දියානුවන් 3 දෙනෙකු, එක්සත් රාජධානියට අයත් සාමාජිකයන් 3 දෙනෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු, ඇමරිකානුවන් දෙදෙනෙකු සහ පෘතුගාල ජාතිකයෙකු මෙම පිරිසට අයත්.

රෝහලේ තවත් 19 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හඳුනා නොගත් විදේශිකයන් 25 දෙනෙකුගේ මළ සිරුරු පවතින බව ද ඔවුන් නිවේදනය කළා.

ඊට අමතරව තවත් විදේශිකයන් 9 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

මීගමුව, මඩකලපුව සහ රාගම රෝහල්වල මිය ගිය හෝ තුවාල ලැබූ කිසිදු විදේශිකයෙකු නොමැති බව රෝහල් බලධාරීන් තහවුරු කළ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

විදේශිකයන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා 0112 32 30 15 යන දුරකථන අංකය පැය 24 පුරා විවෘත බවයි එම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් මෙම ප්‍රහාර හෙළා දැක තිබෙනවා.

මෙවැනි ප්‍රහාර ශ්‍රී ලංකා ජනතාවගේ එක්සත් බව පළුදු කිරීම අරමුණු කර ගත් ඒවා බවත් නීතියේ ආධිපත්‍ය හා මානව හිමිකම් ආරක්ෂා වන අයුරින් ද සැමට ආරක්ෂාව තහවුරු වන ලෙස කටයුතු කරන මෙන් ද සියළු බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් මෙම සිදුවීම් හෙලා දැක තිබෙනවා. මෙය එක් ජනකොටසකට විශේෂ දිනයක එල්ලවු ප්‍රහාරයක් වුවද එය සමස්ත ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ සිදුවීමක් බව එම නිවේදනයේ සදහන්.

මුස්ලිම් කවුන්සිලයද අදාල ප්‍රහාරයන් හෙළා දකිමින් සදහන් කර ඇත්තේ විධිමත් පරික්ෂණයක් කර අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙන එමට රජය කටයුතු කල යුතු බවයි.

මේ අතර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ මුස්ලිම් මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද හමුව තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top