ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන හෝටල් ත්‍රිත්වයකට සහ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක ද පිපිරීම් සිදුවුණා.
ඒ, ෂැංග්‍රිල්ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංස්බරි සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් යන හෝටල් පරිශ්‍ර තුළයි.
මෙම පිපිරීම්වලින් විදේශකයින් 27 දෙනෙක් මියගොස් තිබෙනවා.
ජනප්‍රිය කොලිවුඩ් නිළියක් වන රාධිකා සරත්කුමාර් ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ රැඳි සිට ඇති අතර බෝම්බ ප්‍රහාරය සිදුවීමට පෙර ඇය ඉන් ඉවත්ව ගිය බව ඇය පවසනවා.
ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ඒ පිළිබඳව සඳහන් කර තිබුණා.
එම පණිවුඩය පහතින් බලන්න..