Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ප්‍රහාර මාලාව ගැන කළ අනතුරු ඇඟවීමක් පිළිබඳ සමාජ මාධ්‍යයේ සැරිසරන ලිපිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරු

- ප්‍රහාර මාලාව ගැන කළ අනතුරු ඇඟවීමක් පිළිබඳ සමාජ මාධ්‍යයේ සැරිසරන ලිපිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,684 Views
රට තුළ ප්‍රහාර මාලාවක් දියත් වන බවට ලද තොරතුරු මත දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙසට විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා පසුගිය 11 වැනි දින යොමුකළ බව පැවසෙන ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

විශේෂ ආරක්ෂක දිශා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව අධ්‍යක්ෂ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 4, වැඩබලන අධ්‍යක්ෂ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 5 වෙත මෙම ලිපිය යොමුකර තිබෙනවා.

මේ අතර, රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර, මාධ්‍යවේදීන් අදාළ ලිපිය සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කර සිටියා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අදාළ ලිපියේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top