Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙළාදකී

- ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙළාදකීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,641 Views
ශ්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයක මෙන්ම හෝටල් කිහිපයක සිදුවු පිපිරීම් අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙළාදැක තිබෙනවා.

පාස්කු ඉරිදාව සැමරීමට එක්ව සිටි පිරිසක් ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ තම අවධානය යොමුවී ඇති බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ.

මෙම ඛේදජනක අවස්ථාවේ දී පීඩාවට පත්වු ප්‍රජාව සමග එක්ව සිටින බව ද පාප් වහන්සේ ප්‍රකාශකර තිබෙනවා.

මෙම පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් යාඥා කරන බවයි ශුද්ධෝත්තම පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද මෙම සිදුවීම පිළිබඳ කණගාටුව පළකර තිබෙනවා.

ඇය සිය කණගාටුව පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් ද යොමුකර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද සිය ශෝකය පළකර තිබෙනවා.

දේවස්ථාන සහ හෝටල්වල සිදුවූ මෙම පිපිරීම් අගෞරවාන්විත තත්වයක් බවයි ඇය සඳහන් කර ඇත්තේ.

පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන්ට මෙම ඛේදජනක අවස්ථාවේ බලවත් ශෝකය පළ කරන බව තෙරේසා මේ කියාසිටියා.

මේ අතර ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා, තුර්කි ජනාධිපතිවරයා මෙන්ම ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුලු ලෝක නායකයන් රැසක් ද ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳ සිය කණගාටුව පළකළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top