Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
ලෝකයේම අවධානය ගනිමින් උතුරු කොරියාව තවත් සාර්ථක මිසයිල අත්හදා බැලීමක් කරලා - Photos

- ලෝකයේම අවධානය ගනිමින් උතුරු කොරියාව තවත් සාර්ථක මිසයිල අත්හදා බැලීමක් කරලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,008 Views
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියාව ප්‍රථම වරට මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
 
කෙසේ වෙතත්, මෙය දිගුදුර මිසයිලයක් නොවන බව විශේෂඥයන් පවසන අතර, එය පසුගිය නොවැම්බර් මාසයේදී සිදුකළ පරීක්ෂණයට සමාන එකක් බවයි සඳහන් වන්නේ.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අවසන් වරට පැවති සාකච්ඡාව කිසිදු එකඟතාවක් නොමැතිව බිඳ වැටීමත් සමග දෙරට අතර සබඳතාවලද සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබුණු බව සඳහන් වනවා.
 
කොරියානු මාධ්‍ය වාර්තා කළ ආකාරයට මෙම මිසයිල අත්හදා බැලීම උතුරු කොරියානු නායකයාගේ නිරීක්ෂණයටද ලක්ව ඇති අතර, එය ගොඩබිම, මුහුද හෝ අහසේ සිට අත්හදා බැලුවේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
 
මෙම සාර්ථක අත්හදා බැලීම කොරියානු හමුදා ශක්තිය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව කිම් ජොන්ග්-උන් පවසා තිබෙනවා.
 
- නරේන් විශ්වජීත්


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top