Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
"කලකිරීමට පත් වුනු එයා විශ්වවිද්‍යාල භූමියේ පේර ගසක එල්ලී දිවි නසා ගත්තා.." - ඩග්ලස් රණසිංහ - Photos

- "කලකිරීමට පත් වුනු එයා විශ්වවිද්‍යාල භූමියේ පේර ගසක එල්ලී දිවි නසා ගත්තා.." - ඩග්ලස් රණසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,631 Views
"මගේ ජීවිතයේ මං කළ ලොකුම තකතීරු ගොන්කම ඒක තමයි.."

"තාත්තාට අතපසුවුණු දෙයක් මා ලවා කරවාගන්නයි අවශ්‍ය වුණේ..."

අපේ මහගෙදර පිහිටලා තියෙන්නේ කුරුණෑගල, වෑඋඩවිල්ලි නිරගම්දහේ කෝරළේ තෝරවතුර නම් ග්‍රාමයේ තාත්තා අපේ ගම් පළාතේ ගම් සභාපතිව සිටියා. ඔහු ඉඩම් හිමි වැවිලිකරුවෙක්. උසස් අධ්‍යාපනය ලබා තිබුණේ යාපනයේ හින්දු විද්‍යාලයෙන්. අපේ අම්මා පාසල් ගුරුවරියක්. පවුලේ පිරිමි දෙන්නයි, ගැහැණු පස්දෙනයි. අක්කා ආචාර්ය මල්කාන්ති ගුණරත්න. ඇය ගුරුවරියක්, ලේඛිකාවක්. ඊළඟට රූපා ඛේමරත්න.

ඇය ඉංග්‍රීසි ගුරුවරියක්. ප්‍රේමා ඉහළගම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇය අපට නැතිවුණා. ඊළඟට මම. ඊළඟට ලයනල් රණසිංහ. මේ මල්ලී තමයි ඉඩකඩම් බලා ගන්නේ. ලොකු නංගී චන්ද්‍රා සිරිවර්ධන. ඊළඟට තමයි බඩපිස්සී තිලකා රණසිංහ. ඇය ගුවන්විදුලි නිවේදිකාවක්. ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ අම්මා.

කොහොමද ඔබලාගේ ළමා කාලය?
හරිම සුන්දරයි. මේ සුන්දරත්වය ඇතිවුණේ අපි හැමෝම කවි සීපද මහා හයියෙන් ගායනා කරන නිසා. කුඩා කල සිටම අම්මා මේ පුහුණුව ලබාදුන්න නිසා තමයි අපි සියලුදෙනාම එකතුව කලා පවුලක් බවට පත්වුණේ.

අකුරු කළ පාසල?
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය.

එකල ඩග්ලස් රණසිංහ ශිෂ්‍යයා කුමන විදියේ චරිතයක්ද?
සාහිත්‍ය විෂයට දක්ෂයි. ක්‍රීඩාවටත් දක්ෂයි. කැඩෙටින් බොක්සිං, වොලිබෝල් පාපන්දු ක්‍රීඩාවත් කළා. මේ නිසාම ඩග්ලස් රණසිංහ දීප්තිමත් ශිෂ්‍ය‘යෙක් සහ පාසල තුළ ඉතා ජනප්‍රිය චරිතයක්ව සිටියා.

ඔබ ගැන දෙමාපියන් තබා තිබුණේ කුමන විදියේ බලාපොරොත්තුවක්ද?
විශ්වවිද්‍යාලයට යාමට වඩා තාත්තා බලාපොරොත්තු වුණා මාව නීති විද්‍යාලයට ඇතුළු කරන්න. තාත්තාට අතපසුවුණු දෙයක් මා ලවා කරවාගන්නයි අවශ්‍ය වුණේ.

ඉතින් ඔබ නීති විද්‍යාලයට ඇතුළු වුණාද?
ඔව්. ඊට පෙර මම පොලිස් සේවයේ එස්.අයි. තනතුරක් ලබාගන්නත් අයදුම් කරලා තිබුණා. ඒ සඳහා මට හොඳටම සුදුසුකම් තිබුණා.

ඉතින් මොකද වුණේ?
ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල්දැමූ බවක් දැනගන්නට ලැබුණා. මෙන්න මේ ගමන් බිමන්වලදී මට හඳුනාගන්න ලැබුණා නාට්‍ය‘වේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා. මගේ අධ්‍යාපන සුදුසුකම් දැන ගත් ඔහු මට ලිපියක් දුන්නා හෙන්රි ජයසේන සූරීන් මුණගැහෙන්න.

ඒ මොනවටද?
එතුමා මුණගැහෙන තුරු මමත් දැනගෙන හිටියේ නැහැ. ඒ ලියුම කියවලා බැලුවා විතරයි. මාව තෝරාගත්තා එතුමාගේ ‘හුණුවටයේ කතාව’ වේදිකා නාට්‍ය‘යේ සෙබළාගේ චරිතයට.

ඉතින්?
1967 මාර්තු 08 වැනිදා ලුම්බිණි රඟහලේ මංගල දර්ශනය පැවැත්වුවා. එදා ගෞරවනීය ආරාධනාවක් අනුව පැමිණ සිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඒ දර්ශනය අවසානයේදී මාව මුණගැහිලා එතුමාගේ නිවසට පැමිණෙන ලෙසට කියා සිටියා.

තවත් වාසනාවක් වෙන්න ඇති?
ඔව්. එතුමා නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ‘අක්කර පහ’ චිත්‍රපටයේ චරිතයට මාව තෝරාගන්න තීරණය කළ බව කියා සිටියා.

ඉතින් ?
ඉතින් කියන්නේ මට ලොකු සතුටක් ඇතිවුණා. තත්ත්වය මෙසේ තිබියදී හෙන්රි ජයසේන සූරීන් තවත් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. එහි ප්‍රධාන චරිතයට මාව තෝරාගෙන තිබුණා.

මොකක්ද ඒ?
"අපට පුතේ මගක් නැතේ" වේදිකා නාට්‍යයේ මේ කතාවේ හැටියට උඩරට පළාතේ ඉතාම දුප්පත් දරුවෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඔහුගේ නම "අමරදාස" ඔහු නවකවදයට ලක්වෙනවා. දෙවැනි වසර දක්වාම ඔහුට නවක වදය දෙනවා. මේ හේතුව නිසා විශ්වවිද්‍යාලය වසා දමනවා.

මේ අතර ඔහුට ලැබෙන සහනාධාර මුදලද කපා හැරෙනවා. මේ නිසා ඔහුට විශ්වවිද්‍යාලය හැර යන්න සිද්ධවෙනවා. අවසානයේදී කළකිරීමට පත් වන අමරදාස විශ්වවිද්‍යාල භූමියේ පේර ගසක එල්ලී දිවි නසා ගන්නවා.මේක සත්‍ය කතාවක්. අමරදාසගේ මව මම මුණගැහුණා. ඇය ගල්කොරියක ගල් කඩන අම්මා කෙනෙක්.

මේ තොරතුරු හෙළිකරනකොට ඇයි ඔබේ ඇස්වල කඳුළු?
"අපට පුතේ මගක් නැතේ" නාට්‍ය‘යේ අමරදාසගේ චරිතය නිරූපනය කළේ මම. මට තවමත් ඒ දුක දැනෙනවා.

හොඳයි ඊළඟට?
‘අපට පුතේ මගක් නැතේ’ නාට්‍ය නැරඹූ ජී.ඩී.එල්. පෙරේරා නම් ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා එතැනදී මාව තෝරාගත්තා. එතුමාගේ ‘රෝමියෝ ජූලියට්’ චිත්‍රපටයේ චරිතයකට.

ඊට පස්සේ ඉතාමත් වැඩ අධික නළුවෙක් බවට පත්වෙන්නට ඇති?
ඔව් ඔව්. ඊට පස්සේ ‘සාරංගා, යුගාන්තය, විරාගය, සිව්රඟ සේනා’ ඇතුළු චිත්‍රපට 40කට පමණ රංගනයෙන් දායක වෙන්නට මට අවස්ථාව උදාවුණා.

හොඳයි ඊළඟ යුගය?
‘රෝමියෝ ජූලියට්’ චිත්‍රපටයේ වැඩ අවසන් කළ කාලයේ මට මෙරටදී හඳුනාගන්න ලැබුණා ජර්මන් ජාතික ජෝල් සිල්ස් නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. ඔහු නිෂ්පාදනය කළ ‘භාවනා’ (Meditation) නම් චිත්‍රපටයේ රඟපෑමට මාව තෝරාගත්තා. මෙහි ශ්‍රියානි පෙරේරා රඟපෑවා මතකයි. නිල නොවන මට්ටමින් එහි සහාය අධ්‍යක්ෂකවරයා හැටියටත් මා කටයුතු කළා.

ඔබේ ඊළඟ පියවර වුණේ මොකක්ද?
පෝල් සීල්ස් මහත්මයාගේ උපදෙස් පිට සහ මගපෙන්වීම මත මම චිත්‍රපටකරණය හා නාට්‍ය ශිල්පය හැදෑරීම සඳහා එංගලන්තයේ ‘London International Film School’ වෙත ඇතුළු වුණා. ඒ විතරක් නොවෙයි රූපවාහිනී වැඩසටහන් පිලිබඳවත් අධ්‍යක්ෂණයක යෙදුණා.

කොහොමද ප්‍රතිඵල?
පාඨමාලාව අවසානයේදී අපට නියමව තිබුණා වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න. එදා අපි කණ්ඩායම් වේදිකාවට ගෙනාවේ ඇන්ටන් චෙකොෆ්ගේ ‘The Wedding’ කියන කතාව. මම රඟපෑවේ ග්‍රීක් ජාතිකයෙකුගේ විකාර චරිතයක්.

එදා මේ නාට්‍ය වේදිකාගත කරන වෙලාවේ විවාහක මඟුල් ජෝඩුව කුමන හෝ හේතුවක් නිසා ලොකු ප්‍රමාදයක් වුණා. මට එය දැනුනා. ඒ නිසා මම කතාවට උචිත විදියට අර විකාර චරිතයට විකාර දෙබස් කියමින් මඟුල් ජෝඩුව පැමිණෙන තුරුම වේදිකාවේ රැදී සිටින්නට පොඩි උප්පරවැට්ටික් යෙදුවා.

ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නට ඇති?
නැතුව. නාට්‍ය නැරැඹූ තරුණ නාට්‍ය‘වේදීන් යුවළක් ආවා මාව මුණගැසෙන්න. ඒ වෙලාවේ අපි අතර මෙන්න මෙහෙම සංවාදයක් ඇතිවුණා.

"අපේ නාට්‍යයට නුඹ අවශ්‍යයි."

"මං ලංකාවට යන්න තීරණය කරලයි ඉන්නේ."

"නුඹව අවශ්‍ය කරන නාට්‍ය එක දිගට ලන්ඩනයේ මාස හයක් වේදිකාගත කරනවා. ඊට පසුව ලැබෙන නිවාඩුවට නුඹට ලංකාවට යන්න පුළුවනි."

"මගේ තීරණයේ වෙනසක් නැහැ"

"මේ රත්තරං අවස්ථාව රත්තරන් බන්දේසියක තබලා නුඹට පිළිගන්වන්නයි අපි ආවේ. නමුත් නුඹ ඒකට පයින් ගහනවා."  

ඉතින් ලංකාවට ආවද?
ඔව්. මං ආවා

පසුව මොකද හිතුණේ?
මගේ වෘත්තිය ජීවිතයේ මං කළ ලොකුම තකතීරු ගොන්කම ඒක තමයි කියලා මට පසුව තේරුම් ගියා.

ඉතින් මොකද කලේ?
ඉතින් දිගටම රඟපාන්න තීරණය කලා. මම රඟපෑ චිත්‍රපට ටෙලිනාට්‍ය සහ මීට කලකට ඉහතදී ගුවන් විදුලි නාට්‍ය  ශිල්පියෙකු වශයෙන් කල රඟපෑම් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මතක ඇතැයි කියල මම සිතනවා.

ඔබේ නිවසේ සිටින ළඟම ඥාතීන් ගැනත් කියන්න බලන්න?
මා ප්‍රිය බිරිඳ කුමාරි. අපට රත්තරන් පැටියෙකුත් සිටිනවා. නම ශ්‍රී බෝධි ඉන්ද්‍රඛීල රණසිංහ. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

ඡායාරූප සහ සංටහන - අමරදාස සිල්වා



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top