Philippe Kahn කියන්නේ වර්ෂ 1952 මාර්තු 16 ප්‍රංශයේදී උපත ලැබූ පුද්ගලයෙක්. මෘදුකාංග නිර්මාණකරුවෙක්. ඔහුගේ නම බොහෝ දෙනෙකුට මතක නැති වුවත් හැමෝම අද භාවිතා කරන කැමරා සහිත ලොව ප්‍රථම ජංගම දුරකථනය සොයා ගත්තේ ඔහුයි.
ඔහුගේ මව Claire Monis. ඔහුගේ පියා කාර්මික ඉංජිනේරුවරයෙක්. පියා අධ්‍යාපනයෙන් ඉහලටම ගිය කෙනෙක් නිසා පිලිප්ටත් හොදින් ඉගැන්නුවා. ඔහු ගණිතය පිළිබද ඉගෙන ගන්නම ස්විස්ලන්තයට යනවා. අවසානයේ ඔහු මෘදුකාංග නිර්මාණකරණය ගැන ඉගෙන ගන්නවා.
විවිධ මෘදුකාංග සොයා ගන්නා ඔහු දිනක් කැලිෆෝනියාවේ මාතෘ රෝහලකට තම බිරිද දරුවා ප්‍රසුත කිරීම සදහා ඇතුලත් කර රෝහල් කාමරයට වී නොසන්සුන්ව බලා සිටිනවා. ඒ තම දියණියව දැකගැනීමේ ආසාවෙන්. ඒ වර්ෂ 1997 ජුනි 11 දා. තම බිරිදට කුළුදුලේ උපන් දැරියව වඩා ගන්නා ඔහුට ඇයගේ ඡායා රූපයක් ගැනීමේ ආසාවක් ඇති වෙනවා. ඇයට Sophie යන නම තබන ඔහු ඩිජිටල් කැමරාවෙන් දියණියගේ ඡායා රූපයක් ලබා ගන්නවා. ඒ වගේම එය ඥාතින්ට පෙන්වීමේ ආසාවත් ඇති වෙනවා. ඔහුගේ අත වහාම යන්නේ අරින වාහන කොටසක් ඇති ජංගම දුරකතනයට. ඔහු රෝහල් කාමරය තුලදීම ජංගම දුරකථනය ඩිජිටල් කැමරාවට සම්බන්ධ කරලා එය ලැප්ටොප් පරිඝනකයට සම්බන්ධ කරමින් කේත කිහිපයක් හරහා සියල්ල එකට සම්බන්ධ කරගන්න උත්සහ කරනවා.
විනාඩි කිහිපයකින් ඔහුට එය සකසා ගන්න පුළුවන් වෙනවා. පසුව ඔහු ඩිජිටල් කැමරාවෙන් ගත් දියණියගේ ඡායා රූපය පරිඝනකයෙන් සකසා ගත් කේත ඔස්සේ 2000ට යවනවා. එලෙසින් තමයි ප්‍රථම කැමරා සහිත දුරකථනය නිර්මාණය වෙන්නේ. එලෙසින් ආරම්භය ගත් පිලිප්ට 2000 වර්ෂයේදී ජපානයේ දුරකථන සමාගමක් මගින් දියුණු කර නිර්මාණය කළා. එලෙසින් නිර්මාණය වූ කැමරා සහිත ජංගම දුරකථනය වෙළෙදපොළට එන්නේ 2000 වර්ෂයේ නොවැම්බර් මස.මුලින්ම මුළු ඇමරිකාව පුරාම ව්‍යාප්ත වූ එම දුරකථනය J-SH04 නමින් වෙළෙදපොළට නිකුත් වුනා. ඉන් අනතුරුව වෙනත් රටවල් සදහා එය අලෙවි වුනා. එලෙසින් ලොවම හදුනාගත් පිලිප්ට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. තිදෙනෙක් පළමු විවාහයේ දරුවන්. හතරවැනි දරුවා දෙවැනි විවාහය කරගත් Sonia Lee ගේ දරුවායි.
පිලිප් දැන් Fullpower Technologies, LightSurf Technologies, Starfish Software and Borland යන ආයතන කිහිපයේම හිමිකරුවාද වෙනවා.