Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
"මාලිංග බැහැ කිව්වොත් අපිට කරන්න දෙයක් නැහැ ප්ලේයර්ස් ලා ඉන්නවා ඕනේ තරම්" - ලසිත් මාලිංග ගැන තේරීම් කමිටුව අද කියපු කතාව මෙන්න - Video

- "මාලිංග බැහැ කිව්වොත් අපිට කරන්න දෙයක් නැහැ ප්ලේයර්ස් ලා ඉන්නවා ඕනේ තරම්" - ලසිත් මාලිංග ගැන තේරීම් කමිටුව අද කියපු කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,182 Views
මම ඊයේ කතා කළා පැය බාගයක් විතර ටෙලිෆෝන් එකෙන්
වර්ල්ඩ් කප් යන්නේ නැතුව ඊළඟ ඉන්න ටීම් එකට දෙන්න කියන්නද?

ලබන මැයි මස30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.

2015 වසරෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මේ සංචිතයට කලකට පසු කැඳවනු ලැබූ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ඇතුලත් වීම විශේෂත්වයක්.

15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට නායක දිමුත්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස් සහ නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ඇතුලත් වන්නේ පිතිකරුවන් ලෙසින්.

වේග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා සහ ඉසුරු උදාන නම් කර තිබෙනවා.

කණ්ඩායමේ සිටින එකම විශේෂඥ දඟ පන්දු යවන්නා වන්නේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ.

කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ධනංජය ද සිල්වාට, ජීවන් මෙන්ඩිස්ට සහ මිලින්ද සිරිවර්ධනට දඟ පන්දු යැවීමේ හැකියාව තිබෙනවා.

වේග පන්දු යවන්නන් ලෙස නම් කර තිබෙන්නේ නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංගයි.

මීට අමතරව අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙන වනිඳු හසරංග, කසුන් රාජිත, ඕෂධ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා ද කණ්ඩායම සමග එංගලන්තය බලා පිටත්ව යනු ඇති.

අවසන් වරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග ට එම තනතුර ලබා නොදීමේ හේතුව මෙන්ම නව නායකයා පත් කිරීමේ හේතුවත් තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ පැහැදිලි කළා.

අසන්ත ද මෙල්
"අපි එයාට මැච්ස් 12ක් කැප්ටන් කරන්න දුන්නානේ. ඉතින් මැච් 12 ම පරාදයි. පරාද වුනේ එයාගේ හේතුවක් නෙමෙයි. හැබැයි ටීම් එක පර්ෆෝම් කරන්නේ නැතිකොට නායකයා වගකියන්න ඕනෙනේ. එයාට වගකීමක් තියනවා කණ්ඩායම එකමුතු කරගෙන යන්න. අපිට ඒක කරන්න බැහැනේ. එයාගේ දැනුම ඉතාමහොන්දයි. ෆීල්ඩ් ප්ලේසින් ඔක්කොම හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ එයාට ටීම් එක එකතු කරගන්න බැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ.කැප්ටන් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ අනිත් 10 දෙනාවම එකට අරන් යන්න නේ.  දිමුත් ඒක පෙන්නුම් කළා සවුත් ඇෆ්රිකාවේ ටෙස්ට් මැච් දෙකේදීම. එයාට හැකියාව තිබ්බා මේ ටීම් එක එකමුතු කරන්න".

කෙසේ වෙතත් නායකත්වය නොලැබුණහොත් ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා බවට දැඩි කතාබහක් ක්‍රිකට් කරලිය පුරා පැතිර තිබුනා.

අසන්ත ද මෙල් -
"මම ඊයේ කතා කළා පැය බාගයක් විතර ටෙලිෆෝන් එකෙන් මම කිව්වේ ලසිත් මට ඔයාට ගැරන්ටි කරන්න බැහැ කැප්ටන්සිය. යම් කිසි තීරණයක් අරන් ඔයා කැප්ටන් නොවේ නම් මම ආසයි ඔයා සෙල්ලම් කරනවා නම්. එයා කිව්වේ ටීම් එක එනවුන්ස් කරාට පස්සේ එයා තීරණයක් ගන්නම් කියලා".
ශම්මි සිල්වා
"අපි ලසිත් මාලිංග ව 15වේ නම් කළා. ඇත්තටම එයා වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්. අපි එයාට ආයාචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා එයා බැහැ කිව්වොත් අපිට කරන්න දෙයක් නැහැ. වර්ල්ඩ් කප් යන්නේ නැතුව ඊළඟ ඉන්න ටීම් එකට දෙන්න කියන්නද.? බෑනේ. අපි කාවහරි එක්කෙනෙක්ව දාන්න එපැයි . මම හරි මෙතන අද මැරුනොත් ඉන්නවා ඕනේ තරම් පෝලිමේ එන්න. ඒ වගේ ප්ලේයර්ස් ලා ඉන්නවා ඕනේ තරම්. අපි මේවා වහලා දාල යන්නේ නැහැනේ".

දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග වැනි පිතිකරුවන් වෙනුවට දිගු කාලයක් එක්දින පිටියේ දක්නට නොලැබුණු මිලින්ද සිරිවර්ධන, ජීවන් මෙන්ඩිස් වැනි තුන් ඉරියව් ක්‍රීඩකයන් සංචිතයට ඇතුලත් කිරීම බොහෝ විචාරකයන් අතර විවාදයට ලක්වන තීරණයක් වී තිබෙනවා.

අසන්ත ද මෙල් 
"අපිට ආගියු කරන්න පුළුවන්. මේ ටීම් බැලන්ස් කරන්න ගියාම සමහර විට මේ වර්ල්ඩ් කප් වලට එක්ස්පීරියන්සුත් වැදගත්. හැබැයි අපිට යම්කිසි බැලන්ස් එකක් ගන්න ඕනේ. නොම්බර 6,7 කියන කට්ටියට අනිවාර්යයෙන් බෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ නැත්තම් අපිට බැලන්ස් කරන්න බැහැ ටීම් එක".  

නව තනතුර සමග ලෝක කුසලාන කණ්ඩායමක් මෙහෙයවීමේ වගකීම පැවරුණු දිමුත් කරුණාරත්න සිය සැලසුම් පිලිබඳ මෙලෙස අදහස් පල කළා.

දිමුත් කරුණාරත්න - නායක
"මට සවුත් ඇෆරිකා තරගාවලිය හම්බවෙද්දී ත් බ;ලපොරෝත්තුවක් තිබ්බේ නැහැ නායකත්වය දරන්න. නමුත් මට හම්බවෙච්ච අවස්ථාවේ මම ඒක භාර අරගෙන සතුටින් කරා. ඒ වගේම එක්දින නායකත්වයත් මට දීලා තියෙන්නේ. ඉතින් මම කරන්න හදන්නේ ටීම් එකේ සහයෝගයෙන් වැඩ කරන එක තමයි මට මුලින්ම අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ටීම් එකක් විදිහට හැදුනට පස්සේ මම හිතනවා තරගෙන් තරගෙට ක්‍රීඩා කරද්දී ගොඩක් ලේසි වෙයි කියලා. ඉතින් ටීම් ප්ලෑනින් එහෙම එංගලන්තෙට ගිහිල්ලා සැලසුම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ".

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය පළමුවෙන්ම දින තුනක කණ්ඩායම් එකමුතු කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට නියමිත අතර දඹුල්ලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව මැයි මස 6 වැනිදා ඔවුන් එංගලන්තය බලා පිටත්ව යනු ඇති.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top