අගමැති එක්ක කතාකරනවා කිව්වා මේ වෙනකම් කතාකරේ නැහැ
පොඩි කාලේ ඉඳලම කිව්වා මම කවදහරි නාසා යනවා කියලා..
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිපදවු මෙරට ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව, රාවණ වන් ගුවන්ගත කිරීමේ සූදානම සම්බන්ධයෙන් අප ඊයේ තොරතුරු වාර්තා කළා.
එහි නිර්මාණකරුවන් පැවසුවේ චන්ද්‍රිකාව ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේදී අද උදෑසන සාර්ථකව ගුවන්ගත කළ බවයි.
එලෙස අභ්‍යාවකාශගත වුණේ ගෝලීය අභ්‍යාවකාශ ඉතිහාසයේශ්‍රී ලංකා නාමය සටහන් කළ රාවන වන් චන්ද්‍රිකාව රැගත්, නාසා ආයතනය සතු අන්තරේස් රොකට්ටුවයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට අවශ්‍ය සැපයුම් සහ පර්යේෂණ උපකරණ රැගත් සිග්නස් යානය අන්තරේස් රොකට්ටුව මගින් අභ්‍යාවකාශය වෙත රැගෙන යනවා.
රාවණ වන් චන්ද්‍රිකාවද රැගත් සිග්නස් සැයපුම් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලගාවීමට වීමට නියමිත වන්නේශ්‍රි ලංකා වේලාවෙන් හෙට පස්වරු 6.30ට පමණ.
රාවණ වන් චන්ද්‍රිකාව මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදී කක්ෂගත කිරීමට නියමිත අතර එහි අවම කාලය අවුරුදු 1ක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියා කල හැකි වන බවට විශ්වාස කරනවා.
ජපානයේ ක්‍යුෂු සරසවියේ බර්ඩ්ස් නම් විශේෂ ව්‍යාපෘතිය යටතේ නිපදවු රාවණ වන් ලෙස නම් කර ඇති, ප්‍රමාණයෙන් කුඩා මෙම චන්ද්‍රිකාව ඝන සෙන්ටි මීටර් දහසක ප්‍රමාණයකින් සහ කිලෝ ග්‍රෑම් 1.1ක බරකින් යුක්ත වනවා.
මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15කට ආසන්න සංඛ්‍යාවක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමීටර් 7.6ක් වනු ඇති.
රාවණ වන් චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ලෝරා මොඩියුල නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව අධ්‍යයනය කිරීමට මෘදුකාංගයක් අත්හදා බැලීම,චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිලිබද අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිලිබදව අධ්‍යයනය කිරීම යන කරුණු 5 සාර්ථක කරගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා.
මෙම චන්ද්‍රිකාව නිර්මාණය සදහා දායක වු ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක්.
ඔහු පින්නවල ජාතික පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා තිබෙනවා.
එමෙන්ම චන්ද්‍රිකාව නිර්මාණයට දායක වු දුලානි චාමිකා මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන්.
පසුව ඇය තායිලන්තයේ සරසවියකින් විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා තිබෙනවා.
සාර්ථකව ගුවන්ගත කල රාවණ වන් චන්ද්‍රිකාව නිර්මානය සදහා දායක වු දුලානි චාමිකා සහ තරිදු දයාරත්න ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කලා.
VIDEO