Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
මහියංගනයේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සියළු දෙනා අද ඥාතී හිතවතුන්ගේ නෙතට කඳුලක් එක්කරමින් අවසන් ගමන් යයි - Video & Photos

- මහියංගනයේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සියළු දෙනා අද ඥාතී හිතවතුන්ගේ නෙතට කඳුලක් එක්කරමින් අවසන් ගමන් යයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,879 Views
මඩකලපුවේ පදිංචි පවුල් 3 ක සාමාජිකයින්...
මෘත දේහයන් නිවෙස් වෙත රැගෙන එනු ලැබුවේ අද පෙරවරුවේ....

පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවමින් ඊයේ සිදුවු රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වුවන්ගේ මෘත දේහයන් අද පෙරවරුවේ මඩකලපුව පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා.

එම දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණේ ඥාතී හිතවතුන්ගේ නෙතට කඳුලක් එක්කරමින්.

බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී  පෞද්ලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ ඊයේ අලුයම 1.30 ට පමණ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ ගමන් ගත් 12 දෙනෙකු සහ බස් රථයේ ගමන් ගත් 6 දෙනෙකු මහියංගනය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙකුම ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් මඩකලපුවේ පදිංචි පවුල් 3 ක සාමාජිකයින්.

පිරිමි සිව්දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ පවුල් තුනකට අයත් දරුවන් තිදෙනෙකු මෙලෙස මියගොස් තිබූ අතර නිවුන් දරුවන් දෙදෙනෙකුද ඒ අතර වුණා.

ඔවුන්ගේ මෘත දේහයන් මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබුවේ අද පෙරවරුවෙයි.

මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට ඔවුන්ගේ පවුල්වල ඥතීන් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටියා.

පසුව මෘත දේහයන් සාන්ත සෙබස්තියෙන් දේවස්ථානයට ගෙන එනු ලැබුවේ අද පස්වරුවේ අවසන් ආගමික වතාවත් සිදු කිරීම සඳහායි.

මාරක රිය අනුතුරින් ජීවිතක්ෂට පත්වු මඩකලපුව - රත්නම් පාරේ පදිංචි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් ඔහුගේ බිරිඳ, දියණිය මෙන්ම පුත්‍රයාගේ දේහයන් මඩකලපුව කන්නාමුනේයි සුසාන භූමියෙදි භූමදාන කෙරුණා.

මඩකලපුව, පනිවිච්අඩි ප්‍රදේශයේ පදිංචි ජෝසප් රෙලින්ටන් ඔහුගේ බිරිඳවන සිල්වියා ජොප්ස්ගේ සහ මඩකලපුව ඩජ්බාර් පෙදෙසේ පදිංචි ලිස්ටර් ඇලෙක්සැන්ඩර්, ඔහුගේ බිරිඳවන නිසාලීන් ඇලෙක්සැන්ඩර් සහ ඔවුන්ගේ සිව් හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනාගේ දේහයන් භූමදාන කෙරුණේ මඩකලපු කල්ලියන් කාඩු කතෝලික සුසාන භූමියේදි.

සිදුවු රිය අනතුරින් බරපතළ තුවාල ලබා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කෙරුණු වෑන් රථයේ ගමන් ගත් 15 හැවිරිදි සහ 13 හැවිරිදි දැරියන් දෙදෙනා මේ වන විට බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර අනතුරට ලක්වූ බස් රථයේ මගී ප්‍රවාහන අවසර පත්‍රයේ මාසයක කාලයක් අත්හිටුවිමට ජාතික ගමනා ගමන කොමිසම් සභාව පියවර ගෙන තිබෙනවා.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top