Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
අම්මලා එක්ක පාර්ලිමේන්තු යන බබාලා - Photos

- අම්මලා එක්ක පාර්ලිමේන්තු යන බබාලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,734 Views
මව් පදවිය අනිකුත්  ඕනෑම පදවියකට වඩා උතුම් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ නිසාම මව් පදවිය ලැබූ කාන්තාවන්ට ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රසූත නිවාඩු ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එය සාමාන්‍ය සේවිකාවගේ සිට රටේ ජනපතිධුරය දක්වා ලැබෙන නිවාඩුවකි.

නමුත් මෙලෙස නිවාඩු ලබා දෙන දින ගණන එක් එක් රටවල එකිනෙකට වෙනස් වේ. පසුගිය වසර කීපයක කාලයක් තුළ විවිධ රටවල විධායකය නියෝජනය කරනු ලබන කාන්තාවන් සිය ප්‍රසූත නිවාඩුව රට වෙනුවෙන් කැප කළ අවස්ථාවන් අපට දකින්නට ලැබිණි. මේ එවැනි අවස්ථාවන් කීපයකි.

ජසින්ඩා ආර්ඞ්න්
පසුගිය දිනක නවසීලන්තයේ මුස්ලිම් භක්තිකයන් පිරිසක් ඉලක්ක කොටගෙන එල්ල වූ ප්‍රහාරයෙන් පසු හිජාබයක් පැලඳ මුස්ලිම් ජනයා වෙත ගිය සුදු ජාතික ජසින්ඩා ආර්ඞ්න් ගැන මේ දිනවල වැඩි කතාබහට ලක් වී තිබේ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. ඇය මීට පෙර ද ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වූ දේශපාලනඥවරියකි. එයට හේතු වූයේ ඇයට සිය පළමු දරුවා ප්‍රසූත කර ප්‍රසූත නිවාඩු ලබා සිටින කාල වකවානුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද ලෝක නායක හමුවක දේශනයක් සඳහා සහභාගි වන්නට සිදුවීමයි. මේ සඳහා ඇයට නිව්යෝක් නගරය වෙත යා යුතු විය. ඇය මෙම නිල සංචාරය සඳහා සහභාගි වූයේ ඒ වනවිට මාස දෙක හමාරක් වයසැති නිවි ටි අරෝහා බිලිඳිය සහ ඇගේ සැමියා සමග ය. ජසින්ඩා සිය දේශනය පවත්වන අවස්ථාවේ පවා බිලිඳු දියණිය ඇගේ ඔඩොක්කුව මත සැප නින්දක පසු වූවා ය.



කැරොලිනා බෙස්කන්සා
ස්පාඤ්ඤ මන්ත්‍රීවරියක වන කැරොලිනා බෙස්කන්සා සිය මාස දෙක හමාරක් වූ බිලිඳා පාර්ලිමේන්තුව තුළට රැගෙන ඒම සඳහා අවසර ගනු ලැබුවේ ඒ වනවිටත් දරුවාගේ ප්‍රධාන ආහාරය මව්කිරි පමණක් ම වූ බැවිනි. නමුත් ඇය පාර්ලිමේන්තුව තුළ කතාබහට සහ විවේචනයට ලක් වූයේ ඇය පාර්ලිමේන්තු සභා ගැබ තුළ දී බිලිඳාට මව්කිරි පෙවීම නිසාය. ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවෙන් ඇයට අවසර ලැබී තිබුණේ දරුවා සමග තවත් පවුලේ  ඕනෑම කෙනෙකු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි ඇගේ නිල කුටිය වෙත රැගෙන ඒම සඳහාත් බිලිඳාට මව්කිරි ලබාදිය යුතු වේලාවල්වලදී ඇයට පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව යාම සඳහාත් පමණි. එවැනි අවසරයක් පමණක් තිබියදී ඇය සභා ගැබ තුළට දරුවා රැගෙන ඒම සහ එහිදී බිලිඳාට මව්කිරි දීම උත්තරීතර පාර්ලිමේන්තුවට සිදුකළ අගෞරවයක් ලෙස සලකනු ලැබිණි.



ලිසියා රොන්සුලි
ඉතාලි සෙනේට් සභික මන්ත්‍රීවරියක වන ලිසියා දින 24 ක් වයසැති විටෝරිලා සිරියෝලි නම් වූ සිය බිලිඳා පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා රැගෙන පැමිණියා ය. ඒ අයවැයක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍යම තිබූ සිය ඡුන්දය පාවිච්චි කිරීම සඳහා ය. මේ නිසා ලොව අඩුම වයසකදී පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි පළමු බිලිඳා ලෙස දින 24 ක් වයසැති විටෝරියා වාර්තාගත වී තිබේ. එමෙන්ම බිලිඳෙකු ප්‍රසූත කර අඩුම කාලයකදී පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගි වූ දේශපාලනඥවරියක ලෙස ලිසියා ද වාර්තා ගත වී තිබේ.



ජෝ ස්වින්සන්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ජෝ ස්වින්සන් සිය බිලිඳා පාර්ලිමේන්තු සැසිවාර සඳහා රැගෙන පැමිණෙන විට බිලිඳාගේ වයස මාස එකහමාරකි. මාස එකහමාරක් යනු බිලිඳෙකු දිනකට පැය 20 කට වඩා වැඩි කාලයක් නිදා ගන්නා වයසක් වන බැවින් ස්වින්සන්ට සිය පාර්ලිමේන්තු සැසිවාරවලදී බිලිඳාගෙන් කිසිදු කරදරයක් සිදු නොවූ බවත් බිලිඳා ඇහැරෙන සෑම අවස්ථාවකදීම මව්කිරි පෙවීමත් සමග නැවතත් තද නින්දට යන බවත් ඇය පවසා තිබිණි. මේ නිසා ඇය පුරුද්දක් ලෙස බිලිඳා සමග පාර්ලිමේන්තු යෑම සිදු කළා ය.




ලැරිස්සා වෝටර්ස්
සති 14 ක් වයසැති ආලියා ජෝයි නම් වූ සිය බිලිඳු දියණිය සමග පාර්ලිමේන්තු ගිය තවත් එක් දේශපාලක මවකි  ඕස්ට්‍රේලියානු ක්වීන්ස්ලන්ඞ් සෙනෙට් සභික ලැරිස්සා වෝටර්ස්. ඇය සිය බිලිඳිය සමග පාර්ලිමේන්තු ගියා පමණක් නොව ඇයට මව්කිරි දෙන අතරතුර පාර්ලිමේන්තු විවාදයට ද සහභාග්ි වූවා ය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු විවාදයකදී තම වාරයේ අදහස් දැක්විය යුතු වන්නේ සිය අසුනින් නැගිට සැමට පෙනෙන ආකාරයෙන් හිටගෙන සිටිමිනි. ලැරිස්සා ද සිය අදහස් දැක්වීම සඳහා ඒ අවස්ථාවේ කිරි උරමින් සිටි බිලිඳා ද අත දරා ආසනයෙන් නැගී සිටියාය. ඇය ඒ ආකාරයෙන් විනාඩි දෙක තුනක් අදහස් දක්වමින් සිටියදී  ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු කථානායකවරයා කියා සිටියේ බිළිදාගේ පහසුව පිණිස අසුන් ගෙන සිටිමින් සිය අදහස් දැක්වීමට ඇයට විශේෂ අවසරයක් ලබා දෙන බවයිි. ඉන්පසු ලැරිස්සා සිය ආසනයේ අසුන් ගෙන මව්කිරි දෙමින්ම විවාදයේ තම අදහස් දැක්වීම අවසන් කළාය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top