Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
"අම්මේ තාත්තේ කොහොමද ඔය දෙන්නා නැතුව ඉන්නේ" - අවුරුදු උණුසුම යන්නත් කළින් ගලේවෙල අඹුසැමි යුවළක් අමානුෂිකව ඝාතනය කරලා - Video

- "අම්මේ තාත්තේ කොහොමද ඔය දෙන්නා නැතුව ඉන්නේ" - අවුරුදු උණුසුම යන්නත් කළින් ගලේවෙල අඹුසැමි යුවළක් අමානුෂිකව ඝාතනය කරලා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,685 Views
මෙච්චර දෙයක් මුන් කරයි කියලා කවුද දන්නේ
ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් ඝාතනය සිදු කරලා...

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම ගෙවී යන්නටත් මත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන වාර්තා වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ගෙවුණු දින තුනේදී පමණක් පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.
 
දඹුල්ල - ගලේවෙල දේවහූව එකේ ඇල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කර තිබෙනවා.'

ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් අදාළ ඝාතනය සිදු කර ඇති බව අනාවරණ වී ඇති ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතතනයට ලක්වුණේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් 51 හැවිරිදි කාන්තාවක්.

ඝාතනයට ලක්වූ යුවළ ඊයේ රාත්‍රියේ නිවසේ සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ දරුවන් දෙදෙනා ගලේවෙල නගරයට ගොස් තිබෙනවා.

ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක් අතර  ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහුගේ හිසට පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මියගොස් ඇත්තේ වැල්ලව නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පහරකෑමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, කොළොන්න උල්ඉඳුවැව ප්‍රදේශයේදී ද 17 හැවිරිදි තරුණයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි.

මේ අතර හිඟුරක්ගොඩ ජයන්තිපුර නාගපොකුණ ප්‍රදේශයේදී බීමතින් සිටි පුද්ගලයෙකු සිය අනියම් බිරිඳට පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කර සිටි අවස්ථාවේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යමෙන් අදාළ පහරදීම සිදු කර ඇති බව අනාවරණ වීඇති අතර මියගිය කාන්තාව 26 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක්.

මේ අතර පසුගිය දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් බීමතින් සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අනාවරණ වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අප්‍රේල් 13,14 සහ 15 යන දිනයන්හිදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන 11 ක් වාර්තා වී ඇති බවයි.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් බීමත්ව සිටියදී ඇති වූ ගැටුම් බව ඔහු සදහන් කළා.

අලුත් අවුරුදු අසිරියෙන් රටම ප්‍රිතිවන මොහොතක මත්පැන් හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් දක්නට ලැබීම ඛේදජනක නොවන්නේද..?

ඒ, පිළිබඳ සමාජ විද්‍යාඥ මයුර සමරකෝන් මහතා පවසන්නේ මෙවැන්නක්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top