Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
31
මවක් වෙන්නෙ ලබන අවුරුද්දෙ | හිමාලි

- මවක් වෙන්නෙ ලබන අවුරුද්දෙ | හිමාලිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views

කොහොමද හිමාලි මේ දවස්වල කාර්ය බහුල ද?

ඔව්! තරමක්. මම ප්‍රධාන චරිතයක් රඟපෑ ‘රජ හොරු’ චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. එය අධ්‍යක්ෂණය කළේ සුරංග අල්විස්. සුරංග අයියාගේ දෙවැනි චිත්‍රපටය ‘අපිත් සූරයෝ’ රූපගත කිරීම් ජනවාරි මුල පටන් ගන්න නියමිතයි. ඒ වගේ ම මම රංගනයෙන් එක් වුණු සුදේශ් වසන්ත පීරිස්ගේ ‘රංජා’ චිත්‍රපටයත් ලබන වසරේදී තිරගත වේවි. මේ දිනවල රූපගත කිරීම් කෙරෙන නාලක විතානගේ ගේ ‘අග්නි වර්ෂා’ චිත්‍රපටයටත් මම දායක වෙලා තියෙනවා. ඒ වගේ ම ලබන අවුරුද්දේ මුල ආරම්භ කිරීමට නියමිත ‘සිදම්බරම්’ ටෙලිනාට්‍යයටත් මම එක්වුණා. මගේ රංගන ජීවිතය වැදගත් අවස්ථාවක් වන ‘ස්වර්ණපාලි’ ටෙලිනාට්‍යයේ වැඩත් මේ දිනවල කෙරීගෙන යනවා. ඒ නිසා මම තරමක් දුරට කාර්ය බහුලයි.

ඒ කියන්නෙ ඔබ දැන් නර්තනයෙන් බැහැර වෙලා ද?

නැහැ. කොහෙත් ම නැහැ. මම කලාවට එක් වුණේ නර්තනයෙන්. මට නර්තන කණ්ඩායමක් තියෙනවා. මගේ සහ මගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවන් වෘත්තිය නර්තනයේ යෙදෙන අය. ඒ නිසා මම එයින් කොහෙත් ම බැහැර වෙන්නේ නෑ. මුලදී මම අවුරුද්දකට වැඩ කළේ ටෙලිනාට්‍ය දෙක තුනක පමණයි. ඒ නර්තනයට වැඩි කාලයක් යොමු කරන්න ඕන නිසා. නමුත් මට පසුගිය කාලෙ හොඳ නිර්මාණ කීපයකටම ආරාධනා ලැබුණා.

ඒ නිසයි මම ඒ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය බාරගත්තේ. මම නර්තනයත් රංගනයත් දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

ටෙලිනාට්‍ය තුළ දැනෙන යමක් කරන්න ඔබට හැකි වු‍ණත් සිනමාව තුළ ඒ අවස්ථාව තවම ඔබට හිමිවුණේ නෑ නේද?

ඔව්. ඒක ඇත්ත. මට ලැබුණේ කොමඩි ටෙලිනාට්‍ය සහ චිත්‍රපට. ඒ නිර්මාණ හොඳ නෑ කියන එක නෙමෙයි මම මෙතැනදි කියන්න යන්නේ. ඒවා ඉතාම හොඳ නිර්මාණ. මම ඒ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල ඉතාම ආශාවෙන් රඟපෑවා. ප්‍රේක්ෂකයින්ට හොඳ වින්දනයකුත් ලැබුණා‍. දැන් මට උසස් මට්ටමේ නිර්මාණවලට දායකවීමේ අවස්ථාව ලැබෙනවා. මට ලැබුණු ආරාධනා කීපයක් ම ප්‍රතික්ෂේප කළ අවස්ථාත් තියෙනව. ඒ එම චිත්‍රපටවල ඇතැම් දර්ශනවලට පෙනී සිටීමට මට නොහැකි නිසා. මගේ රංගන සහ නර්තන හැකියාව යන දෙකම පෙන්වන්න අවස්ථාවක් ලැබෙන චිත්‍රපටයකට දායක වෙන්න මම හරිම කැමැතියි. මම දන්නව සිනමාවට තුළ හොඳ යමක් කරන්න හැකියාව මට තියෙනව කියලා.

ඔබේ නර්තන දකින්න ලැබෙන්නේ ප්‍රසංග වේදිකාවේ පමණක් ද?

නැහැ. අපේ නර්තන කණ්ඩායම ඕනෑම ආකාරයේ අවස්ථාවකට නර්තන ඉදිරිපත් කරන්න බාර ගන්නවා.

ළඟදීම විකාශය වීමට නියමිත ‘ස්වර්ණපාලි’ ටෙලිනාට්‍යය ඔබට කොතරම් වැදගත් වේවි කියල ඔබ හිතනවද?

‘ස්වර්ණපාලි’ විකාශය වෙන්නෙ දෙරණ නාළිකාවෙන්. මෙය දීර්ඝ ටෙලිනාට්‍යයක්. හැබැයි දැන් හැදෙන බොහොමයක් දීර්ඝ ටෙලිනාට්‍යවලට වඩා ගොඩක් වෙනස්. මෙය ඓතිහාසික කතා පුවතක් රැගත් අපූරු ටෙලිනාට්‍යයක්. මෙහි රඟපෑමට ලැබීමම මා ලැබූ විශාල භාග්‍යයක්. මෙහි වැඩ කරන විට අපේකම ගැන සිංහලකම ගැන ලොකු හැඟීමක් මට දැනුණා.

මේ ටෙලිනාට්‍යය අපේ රටේ දීර්ඝ ටෙලිනාට්‍ය කලාවේ විශාල පෙරළියක් කරාවි. ඒ වගේ ම ප්‍රේක්ෂකයන්ට ඉතාම නැවුම් අත්දැකීමක් වේවි.

කොහොමද පවුල් ජීවිතේ?

ඉතාම සමගියෙන් සතුටින් ගෙවෙනවා. ලබන ජනවාරි 20 වැනිදාට අපි බැඳලා අවුරුදු 6 ක්. මේ කාලය තුළ මගේ නර්තන රංගන කටයුතු හොඳින් කරගෙන යන්නේ මගේ සැමියාගෙන් මට ලැබුණු සහයෝගය නිසා. අපේ ලාංකේය සමාජයේ ‘නිළිය’ කියන කෙනාට ලොකු පිළිගැනීමක් නැති අවස්ථාත් තියෙනව. ඒක කොයිතරම් දුරට මට බලපානවද කියන එක තේරුම් අරගෙන, මගෙ සැමියා මට උපරිම සහයෝගයක් දෙන නිසයි මම මගේ කලා කටයුතු හොඳින් කරගෙන යන්නේ.

ලබන අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් ඇති...?

බලාපොරොත්තු ගොඩක් නෑ. නමුත් බාරගන්න වැඩ ඉතාම හොඳින් කරන්නත්, ලබන අවුරුද්දේ මැද වනවිට මගේ කාර්ය බහුලත්වය අඩු වුණාම මවක් වීමේ ආශාව ඉටු කරගන්නත් බලාපොරොත්තු වෙනවා.












Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top