Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
31
Update :ෆොන්සේකා සරණගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

- Update :ෆොන්සේකා සරණගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

තම කීර්ති නාමය හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යොමුකර තිබෙනවා. නියෝජ්‍ය ඇමතිවරයා රූපවාහිනී වැඩසටහනකදී කල ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදුවූ බව ෆොන්සේකා මහතා පවසනවා. ඊයේ 30 පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
එම රූපවාහිනී සංවාදයේදී සරණ ගුණවර්ධන මහතා ෆොන්සේකා මහතා පිළිබදව සිදුකලේ මෙවැනි ප්‍රකාශයක්...

"පොන්සේකා මහත්තයා ගැන මගෙන් අහගන්න එපා මන්ත්‍රිතුමා. පොන්සේකා මහත්තයාට බෝම්බෙ තිබ්බෙ වනචරකමට ගිහිල්ලා. මගෙන් අහගන්න කතන්දරේ. කාන්තාවකට ගිහිල්ලා හම්බවෙන්න බැහැ හමුදාපතිවරයාව. ඔයිට ඉස්සෙල්ලා හමුදාපතිවරු හිටියා, බ්‍රිගේඩියර්ලා හිටියා, මෙයා කාන්තාවකට ඇල්ම කරන්න ගියා. ඇල්ම කරන්න ගියේ එල්.ටී.ටී.ඊ කාන්තාවකට, අපෙන් අහන්න. අන්තිමට බඬේ බෝම්බෙ බැදගෙන ආවා. අන්තිමට පොන්සේකා ඉල්ලගෙන කෑවේ"

ඒ මහතා වැඩි දුරටත් මෙසේද පැවසුවා,
නියෝජ්‍ය අමාත්‍ය සරණ : එතුමා හමුදාපති වෙලා හිටපු කාලයේ එතුමා හමුවීමට කිහිපවතාවක් යම් කාන්තාවක් ගියා කියලයි අපිට ආරංචි උනේ.

මාධ්‍යවේදියා : ඔබතුමා වගකීමෙන් ඕක කියන්නෙ?

නියෝජ්‍ය අමාත්‍ය සරණ : ඔවු වගකීමෙන් කියන්නෙ.

මාධ්‍යවේදියා : ඒ කියන්නෙ ඔබතුමාලා දැනගෙන හිටියා මේ සිද්ධිය මෙහෙමයි උනේ කියලා..

නියෝජ්‍ය අමාත්‍ය සරණ : නෑ.. නෑ.. අපිට ලැබිච්ච ආරංචියක් ගැන මං මේ කතා කරන්නේ..

මාධ්‍යවේදියා : ආ.. ආරංචියක්, ඒ කියන්නේ ඒක ආරංචියක් විතරයි, ඒ කියන්නේ එය සත්‍ය නොවෙයි. (සභාවේ සිනා)

නියෝජ්‍ය අමාත්‍ය සරණ : ඒක මට පිළිගන්න වෙනවා අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා යම්කිසි දෙයක් හරියට වෙනවානම්.

මාධ්‍යවේදියා : හැබැයි ඒ ආරංචියට එරෙහිව සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිතුමා ගත්ත පියවර මොකක්ද? මොකද හමුදාපතිවරයා ඉන්නෙ සේනාධිනායකයා යටතේ.

නියෝජ්‍ය අමාත්‍ය සරණ : නෑ ඒක මට ලැබිච්ච ආරංචියක්. (සභාවේ සිනා)

මීට පෙර අවස්ථාවක නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්‍ෂ 250 ක කප්පම් මුදලක්‌ ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තර්ජනය කර තිබෙන බවට මිනුවන්ගොඩ පොලීසියට පැමිණිලි කොට තිබුනා. පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු වන චින්තක මොහාන් පෙරේරා නමැති එම ව්‍යාපාරිකයා විසින් මිනුවන්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔහු ඒ පිළිබඳ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබුනා.

තවද ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා 2012 අගෝස්තු මස ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලූ බව පවසමින් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කලා. මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කලේ දුමින්ද ලංකාලියන නමැති ව්‍යාපාරිකයෙකි.

එසේම 2012 වසරේ හොර‍ගොල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇතුළුවී පෞද්ගලික සමාගමක් විසින් එහි ඉදිකරමින් තිබුණු නිවාස සංකීර්ණ වැඩබිමකට අලාභහානි සිදු කළ බවට නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 16 දෙනෙක් 2013 ජූලි මස 17 වන දින රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත නිදහස් කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කලා. එහිදී අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් බී.ඞී.ආර්.එස් කුමාර මහතා පැවසූවේ මෙවැනි පුද්ගලයන් නීතිය අතට ගැනීම අනුමත නොකරන බවයි.පැමිණිලිකාර සමාගමට තර්ජනය කළහොත් ඇප අවලංගු කර රිමාන්ඞ් කරන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පවසා සිටියා.

2013 මැයි 21 වනදා උසාවි නියෝගයකින් කියැවුනේ ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වී ඇති බවට අනාවරණය වීම නිසා ඔහු දිවයිනට පැමිණි වහාම විදේශ ගමන් බලපත්‍රය සමග අධිකරණයට ඉදිරිපත්කරන ලෙසටයි. ඒ වීරගුල ගම්මානයේදී 2009 මාර්තු 29 වෙනිදා රාත්‍රියේ අහසට වෙඩි තබා මරණීය තර්ජන එල්ල කොට කුඩා පිරිමි දරුවෙකු පැහැරගෙන ගිය බව කියන සිද්ධියේ පළමු සැකකාර නියෝජ්‍ය අමාත්‍ය සරණගුණවර්ධන මහතා අදාල දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top