ඩුබායිහි අත්අඩංගුවට ගැනුනු මෙරට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ඉදිරියේදී පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මාකඳුරේ මධූෂ් විසින් පවත්වනු ලැබූ මත් සාදයකදී එම පිරිස අත්අඩංගුවට පත්වුණේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.
මේවන විට ඩුබායි අත්අඩංගුවේ සිටි ගායක නදිමාල් පෙරේරා, පාතාල ක්‍රියාකාරීන් වන කංජිපානි ඉම්රාන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පිටුවහල් කෙරුණු අතර, සෙසු පිරිස ඉදිරියේදී ඩුබායි බලධාරීන් විසින් පිටුවහල් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
.