Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
ලෝකයම මවිත කරමින් අතීතයට යා හැකි උපකරණයක් නිර්මාණය කරයි - Video & Photos

- ලෝකයම මවිත කරමින් අතීතයට යා හැකි උපකරණයක් නිර්මාණය කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,092 Views
කාලය හරහා ආපස්සට ගමන් කිරීම, එහෙම නැත්තම් කාලයන්ත්‍රයක් කිව්වම ඔබට ඒ ගැන විවිධ අදහස් තියනවා වෙන්න පුළුවන්.
 
විශේෂයෙන්ම අපි සිනමාවේ කොතෙකුත් දැක තියෙන කාලය හරහා අතීතයට, අනාගතයට ගමන් කරන කතන්දර බොහෝමයි.
 
මෙම කාල තරණය පිළිබඳ විවිධ මතිමතාන්තර ඇති අතර ඉතිහාසය තුළින් එය සැබෑවක් ලෙස විවිධ සාක්ෂි සපයා තිබෙනවා.

කොහොම වුණත් ඔන්න රුසියාවේ MIPT කියන විද්‍යාගරයේ විද්‍යාඥයින් පිරිසක් කාලයන්ත්‍රයක් නිපදවන්න සමත් වෙලා තියනවා.
 
ඒත් ඇත්තටම මේ කාලයන්ත්‍රය අර අපි හිතන විදිහට අවුරුදු ගණනාවක් ආපස්සට යන්න පුළුවන් කාලයන්ත්‍රයක් නම් නෙවෙයි.
 
විද්‍යාඥයින්ට හැකියාව ලැබිලා තියෙන්නේ කුඩා අංශූ තප්පරයකිනුත් පංගුවක් පමණ කාලයක් ආපස්සට යවන්න විතරයි.
 
එතනදී ඔවුන් ඔවුන් Snooker Board එකක රූපයේ ලෙස කුඩා පන්දු රඳවා එය දෙවන රූපයේ ලෙස බිඳ දමා, තුන්වන රූපයේ ලෙස යම් අවස්ථාවකදි අදාළ විද්‍යාත්මක ක්‍රියාවලිය සිදුකර නැවතත් මුල් තත්ත්වයට ගෙන තිබෙනවා. (ජායාරූප බලන්න.)
 
මෙම ක්‍රියාවලිය සිදුකිරිමට Qubits වලින් නිපදවූ Quantum පරිගණකයක් යොදාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
 
කොහොම වුණත් මෙම පරීක්ෂණ තවමත් මුල් අවදියේ පවතින අතර ඔවුන් තවමත් ඒ පිළිබඳ පරීක්ෂණවල නියැලෙනවා.
 
මෙය භෞතික විද්‍යාවේ නව හැරවුම් ලක්ෂයක් විදිහටයි හඳුන්වා දී තිබෙන්නේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top