මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දාහතර හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර එම සිසුවියගේ ජායාරූප සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි සැකකරුවකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ගුරුවරයා නිවසේදී හා පාසලේ දී අවස්ථා හතරකදී මෙම දැරිය දූෂණය කර ඇති අතර එම ගුරුවරයා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි අයෙක් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී එහි තිබී අතවරයට ලක් වූ දැරියගේ ජායාරූප සහ තවත් දරියක් සමග ලබාගත් ජායාරූප කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවද වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.