Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
Missed Call එකකින් හමුවූ අවුරුදු 22ක් වැඩිමහල් පෙම්වතා එක්ක පවුල් කෑව තරුණියට අවසානයේ සිදු වූ දේ

- Missed Call එකකින් හමුවූ අවුරුදු 22ක් වැඩිමහල් පෙම්වතා එක්ක පවුල් කෑව තරුණියට අවසානයේ සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,584 Views
වැරදි දුරකථන අංකයකට ඇමතීමෙන් එකිනෙකා හඳුනාගත් වයස අවුරුදු 18ක අගලවත්තේ තරුණියක් හා වයස 40 ක මාවනැල්ල පදිංචි පුද්ගලයකු අතර ඇතිවූ පෙම් සබඳතාවක් මත එම පුරුෂයා, තරුණිය වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී තරුණියගේ පියාගේ පැමිණිල්ලක් මත අගලවත්තේදී පොලිසිය අල්ලාගෙන තිබෙනවා.
 
මීට මාස දෙකකට පමණ ඉහත තරුණිය වැරැදීමකින් තම දුරකථනයට ගත් ඇමතීමක් හේතුවෙන් දෙදෙනා හඳුනාගෙන ආදරවන්තයන් වූ බවත් පසුව දෙදෙනාගේ කැමැත්තෙන් තම ගමට ගොස් සතියක් පමණ එකට ජීවත් වූ බවත් අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිසියට පවසා තිබෙනවා.

එකට ජීවත් වෙමින් සිටියදී තරුණියගේ මවුපියන්ගේ ඉල්ලීමට කොළඹට පැමිණි අවස්ථාවක තමන් ආමර්වීදිය පොලිසියට ගෙන ගොස් මවුපියන් තරුණිය රැගෙන ආ බවත් ඔහු පවසා තිබෙනවා.
 
තරුණිය දිගින් දිගට තමාට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් ඇයව නැවත රැගෙන යන ලෙස කළ ඉල්ලීම් නිසා පසුගිය දිනක බියගම සිට වෑන් රථයකින් අගලවත්තට පැමිණ තරුණිය රැගෙන යෑමට කටයුතු කළ බවත් ඔහු පවසනවා.
 
මෙම පුද්ගලයා තරුණිය වෑන් රථයකින් පැහැරගෙන යන බව පවසමින් ඇගේ පියා අගලවත්ත, දාපිළිගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා මඟ හරස් කර වෑන් රථය අල්ලාගෙන ඇති අතර පසුව අගලවත්ත පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.
 
-මව්බිම-
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top