ඇයගේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් සීදූව හා ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු වනවා.
අදාළ කාන්තාව වැඩි වශයෙන් රත්තරන් පැලඳවා සිටින තරුණයන් සමඟ උපක්‍රමශීලීව පෙම් සබඳතා ඇතිකර ගෙන ඉතා කෙටි කාලයක් තුළ වීදිලාම්පු නැති ජනතාව නොගැවසෙන ප්‍රදේශයන් වෙත ගෙන්වා ගෙන තම පහස ලබාදී, ඒ අතරතුර තරුණයන් දෙදෙනා යොදවා ආයුධ පෙන්වා බියගන්වා ඔහු සතු රන් ආභරණ කොල්ල කා තිබෙනවා.
දෙදෙනා පෙම්සුව විඳිමින් අඳුරේ සිටන අවස්තාවන්වල අදාල කාන්තාව තම දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට සැරසෙන බවක් පෙන්වා, එහි යම්දෝෂයක් පවතින බව පවසා පෙම්වතාගේ දුරකථනයේ ඇති ටෝච් එක දල්වන්නැයි පවසන බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම විදුලි පන්දම් ටෝච් ආලෝකය දැල්වීමෙන් දැනුවත්වන ආසන්නයේ රැඳී සිටින තරුණයන් දෙදෙනා ආලෝක සංඥාවෙන් අනතුරුව එම ස්ථානයට පිවිස තරුණයා බියවද්දවා ගෙල ප්‍රදේශයට පිහයක් තබා ගෙලබැදි රන්මාල සහ අත්පලදනා මුදු වැනිදේ රැගෙන යාම සිදුකර තිබෙනවා.
පසුව බියට පත්වන තරුණයා සමග තම දුක බෙදාගන්නා කාන්තාව පසුව යලිත් මුණගැසීමේ බලාපොරොත්තුවද තරුණයාට ලබාදී පිටව යාමයි සිදුව ඇත්තේ.
එකම ලෙසට සිදුවන මෙම කොල්ලකෑම් පිළිබඳව සීදූව පොලීසියට අනාවරණයවී උපාය දූතයෙක් යොදවා වෙළෙද කලාපය ආශ්‍රිතව ඇවරිවත්ත ප්‍රදේශයේ රැකවල්ලා සිටිමින් සිදුකළ වැටලීම මතයි එම කාන්තාව සහ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ.