නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුනු අතර සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු වාහනයකින් බැස වෙඩි තාබාගෙන තබාගෙන ගොස් තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරදු 28ක පුද්ගලයකු බවත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. වෙඩි තැබීමෙන් මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහල ගොස් තිබෙන අතර එම මරණ අතර දරුවන් සිටින බවත් සදහන් වෙනවා.
තුවාල ලැබූ 40කට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත කෙරුණු අතර, ජීවිත හානි රැසක් සිදුව ඇති බවත් සදහන් වෙනවා. එමෙන්ම වෙඩිකරුවන් ඔවුන් රැගෙන ආ සියලුම තුවක්කුවල නම් සදහන් කර ඇති බත් අනාවරණය වී තිබෙනවා.
ඊට අමතරව වෙඩිකරු වෙඩි තැබීමේ සිද්ධියට සුළු මොහොතකට පෙර ඔහුගේ ඡායා රූපයක් ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති බවත් සදහන්. ඔහුගේ සමාජ ජාල පිටු 87 ක මෙම ඡායා රූපය හා වීඩියෝ මුදාහැර තිබෙන බවත් මේවනවිට ආනාවරණය වී තිබෙනවා.
දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර එහි වීඩියෝ හා ඔවුන් වාහනයෙන් බසින අතර තුර තුවක්කු සකස් කර ගන්නා ආකාරයේ වීඩියෝද ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම වෙඩි පහර 50ක් පත්තු වී ඇති බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.
ක්‍රයිස්චර්ච් රෝහල අසළ ද වෙඩි තැබීමක් වාර්තා වී ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නැහැ.
නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසයි.
අද වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් ඇති අතර, ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බව අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.