බොරුව, වංචාව, අයුක්තිය, අසත්‍යය, මේ වචන ගැන සමාජයේ තියෙන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි. බොහෝම කළු, සෘණ ආකල්ප. ඒ නිසා සමාජයේ ජිවත් වන බොහෝ අය බොරුවෙන්, වංචාවෙන් ඈත් වෙලා ජිවත් වෙන්න උත්සහ කරනවා. සමාජ සම්මතයට අනුව ජිවිතය නිවැරදි දිශාවකට යොමු කරගන්න උත්සහ කර ගන්නවා.
සරත් විවාහකයෙක්. ඔහුගේ බිරිඳ පද්මා. ඒ වගේම මේ සිදුවීම වෙන කාලය වෙනකොටත්, සරත්ට උස් මහත් වෙච්ච ඕලෙවල් වයසේ කොල්ලෙක් හිටියා.
බිරිඳයි, දරුවයි එක්ක සතුටින් හිටපු සරත්ට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
සරත්ගේ හොඳම යාළුවා වීරසේකර. සරත් වගේ කෙනෙක් නොවුණු වීරසේකර, විවාහකයෙක් වුණත් කෙළිලොල් ජිවිතයකට හුරුවෙලයි හිටියේ. ඉතින් වීරසේකට අනියම් සම්බන්ධකම් බොහෝමයක් තිබුණා. මේ ගැන හොඳින්ම දන්න සරත්, වීරසේකරට අවවාද කළා.
ඒත්, වීරසේකර ඒ ගැන තැකීමක් කළේ නැහැ. ඒ ගතකරන විනෝදකාමී ජිවිතේ අත්විඳින්න කියලා ඔහු සරත්ටත් ආරාධනා කළා.
සමහර දේ වෙනස් වෙන්න දිග කාලයක් ගත වෙනවා. ඒ කාලය ඇතුළත නොවෙනස්ව හිටපු කෙනෙක් වෙනස් වෙන්න හුඟ වෙලාවක් යන්නේ නැහැ.
සරත්ටත් එහෙම වෙනවා. අහම්බෙන් බස් රථයකදී මුණ ගැහෙන කාන්තාවක්, සරත්ට සමීප වෙන්නේ නොහිතපු විදිහට.
ඇය නමින් සුදර්ශා. ඇගේ සැමියා විදේශගත වෙලා. ඇයට කුඩා දැරියක් හිටියා. මේ හැමදේම ඇය සරත්ට කියනවා. අවසානයේ සරත්, සුදර්ශීට සමීප වෙන්නේ ආදරයම බලාපොරොත්තුවෙන් නෙවෙයි.
සරත්ට ඕනි වුණේ තමන්ගේ සිතැඟි ඇයගෙන් ලබා ගන්නයි.
ඒ දේ විඳින්න ගිහින් තමන්ගේ ජිවිතේට මේ තරම් අවහිරතා මතුවේවී කියලා සරත් එදා හීනෙකින්වත් නොහිතන්න ඇති. සුදර්ශී, සරත්ට සමීප වෙනවා. ඒක අත් හරින්න බැරි සම්බන්ධකමක් වුණත් සුදර්ශිගේ අතීතය ඇය කියපු තරම් ලස්සන එකක් නොවන බව සරත් පස්සේ දැනගන්නවා.
සුදර්ශී සරත්ට කලින්, තමන්ට වඩා වයසින් බාල කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වලා තිබුණා. මේ දේවල් දැනගෙන උරණ වෙන සරත්, තමන්ගේ ජිවිතේ කරපු ලොකුම වරද හදාගන්න හිතාගෙන සුදර්ශීගෙන් ඈත් වෙනවා.
ඒත් ටික දවසකින් සුදර්ශී, සරත්ට ඇමතුමක් අරගෙන හිතාගන්නවත් බැරි විදිහේ කතාවක් කියන්න ගන්නවා.
ඒ තමයි තමන්ට, පරණ සම්බන්ධයක් නිසා සමාජ රෝගයක් වැළඳිලා තියනවා කියන කතාව. ඒක අහන සරත් වියරු වැටෙනවා. තමන්ගේ ජිවිතේ අනියම් සම්බන්ධකමක් නිසා මෙහෙම කෙළවර වෙයි කියලා සරත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
සරත්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...