Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
නොසිතූ මොහොතක මරණය කැඳවූ ලොවක් කැළඹූ ජායාරූප පෙළක් මෙන්න - Photos

- නොසිතූ මොහොතක මරණය කැඳවූ ලොවක් කැළඹූ ජායාරූප පෙළක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,430 Views
සුන්දර අත්දැකීම් ජීවිතයට එක්කරන අමතක කරන්න බැරි ලස්සන අවස්ථා අපි හැමෝගෙම ජීවිතවල තියනවා. 
 
ඒ වගේ අවස්ථාවන් ඡායාරූප ගත කරලා ජීවිත කාලයටම අමරණීය කරගන්න, පුළුවන් හැම වෙලාවෙම අපි උත්සහ ගන්නවා. 
 
හැබැයි අද මේ කියන්න යන්නේ එච්චර ලස්සන සුන්දර අත්දැකීමක් ගැන නෙමෙයි. පහළ තියන ඡායාරූප 20 අපි ඒ කියපු සුන්දර අත්දැකීම් වලට නම් අයිති වෙන්නේ නෑ. 
 
මොකද මෙතන තියෙන්නේ ජිවිත අවධානම ගැනවත් හිතන්නේ නැතුව ගත්ත දුර්ලභ ඡායාරූප 20ක් නිසා. මේ සමහරක් ඡායාරූප ගන්න ගිහින් ඡායාරූප ශිල්පිය ජිවිතක්ෂයට පත්වුණ අවස්ථාත් මේ අතර තියනවා. 
 
ඒ නිසා දුර්ලභ ඡායාරූප ගන්න ගියාට කමක් නෑ තමන් පරිස්සමින්. බලන්නකෝ එහෙනම්.....



 
මේ තියෙන්නේ ඉන්දියාවේ සත්වෝද්‍යානායක හිටපු සුදු පාට කොටියෙක්ගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය වඩාත් පැහැදිලිව ගන්න ඕන කියල ඡායාරූප ශිල්පියා එයාගේ කුදුව ළඟ තිබුන ගහකට නැගල තියනවා. නොහිතපු වෙලාවක ගහෙන් ලිස්සල වැටුණු ඔහු මේ කොටියාගේ කූඩුව ඇතුලට ඇදගෙන වැටිලා තියනව. ගොඩක් පිරිසක් එපා කියද්දී ඒක කනකටවත් ගත්තේ නැතුව මේ අවධානම ගත්ත ඡායාරූප ශිල්පියාව බේර ගන්න සත්වෝද්‍යානායේ නිළධාරීන් පිරිස පැමිණෙන කොටත් ගොඩක් පරක්කු වැඩියි. මේ සුදු කොටියා ඔහුගේ අවසන් ඉරණම හරිම කෘර විදිහට අවසන් කරලා තිබුනා.
 
 
මේ තියෙන්නේ Reynaldo Dagsa කියන පිලිපීන දේශපාලඥයා තමන්ගේ පවුලේ අය එක්ක එකතු වෙලා ගත්ත ඡායාරූපයක්. පේනව නේද තුවක්කුවක් අතින් අරගත්ත කෙනෙක් ඡායාරූප ශිල්පියාගේ පැත්තට තුවක්කුවක් දිගු කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ ඉන්නේ පතල කල්ලියක සාමාජිකයෙක්. මේ ඡායාරූපය ගත්තයින් පස්සේ ඔහු තියපු වෙඩිල්ලකින් Reynaldo Dagsa මරණයට පත්වෙලා තියනවා. ඡායාරූපයේ ඉන්න අනිත් තිදෙනාට හානියක් වෙලා නෑ කියල තමයි කියන්නේ.
 
 
එළුවන් කියල කියන්නේ ගොවිතැන් වලදී වගේම කෘෂිකර්මාන්තයේදී යොදාගැනෙන මුරණ්ඩු සත්ත්වයෙක්. ඡායාරූපයේ ඉන්න මේ තරුණිය සුරතලයට ඇතිකරන්න ගෙනාව එළු පැටියෙක් තරමක් ප්‍රචණ්ඩ වෙලා ඉන්න අවස්ථාවක් තමයි මේ අපිට බලාගන්න අවස්ථාව ලැබෙන්නේ.
 
 
මේ ඡායාරූපයේ දැක්වෙන්නේ 2000 අවුරුද්දේ ජූලි මාසේ පැරීසියේ ඉඳල නිව්යෝර්ක් වෙත පියාසර කරපු 4590 කියන ප්‍රංශ ගුවන්යානයක්. 100ක් මගීන් සමග ගමන් අරඹපු මේ ගුවන් යානය හදිසි තාක්ෂණික හේතුවක් මත ගුවන් තොටුපල අසල පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක් මතට කඩාවැටීමකට ලක් වෙන්නේ ගුවන් නියමුවා ඇතුළු 109ක් දෙනෙක් ජිවිතක්ෂයට පත් කරමින්. මේ එම ගුවන්යානය කඩා වැටීමට ලක්වෙන්න සුළු මොහොතකට කලින් ලබාගත්ත ඡායාරූපක්.
 
 
මේ ඉන්නේ 1931 ඉපදුන ඇමරිකානු ජාතික රංගන ශිල්පියෙක් වුන James dean. 1955 සැප්තැම්බර් මාසේ මේ රංගන ශිල්පියා අවසන් ගමන් යන්නේ මෝටර් රේසින් තරගයක් නියෝජනය කරමින් සිටින අතරතුර සිදුවූ අනතුරකින්. මේ තියෙන්නේ ඔහු අවසානයටම ලබාගත් ඡායාරූපය කියල තමයි ඉතිහාස ගත වෙන්නේ.
 
 
ඇමරිකානු රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම ගීත රචකයෙක් වන Patrick Swayze තමයි මේ ඉන්නේ. මොහු අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසා මරණයට පත්ව ඇති අතර මෙම ඡායාරූපයේ ඇති වැදගත්කම වන්නේ මෙය ඔහු මිය යාමට තත්පර කිහිපයකට පෙර ලබාගත් එකක් වීමයි.
 
 
එක්සත් රාජධානියේ අගමැති ලෙස සේවය කළ බ්‍රිතාන්‍ය රාජ්‍ය කාන්තාවක් වූ Margaret Thatcher මිය යාමට සුළු මොහොතකට පෙර ලබාගත් ඡායාරූපයකි මේ.
 
 
මේ ඡායාරූපය තරමක් විශේෂ එකක්. ලොවක් ආදරය කල ඩයනා කුමරිය 1997 දී රිය අනතුරට ලක්වීමට ඉතා ආසන්න මොහොතක ලබාගත් ඡායාරූපයක් විදිහට මේක ඉතිහාස ගතවෙලා තියනවා.
 
 
ඇමරිකානු රංගන ශිල්පියෙක් සේම ගීත රචකයෙක් වුන Jonny Cash ගේ අවසාන සංදර්ශනයේදී ලබාගත් ඡායාරූපයක් තමයි මේ. ඔහු මියයන්න සුළු මොහොතකට පෙර ලබාගත් ඡායාරූපයක් තමයි මේ.
 
 
නිදහස වෙනුවෙන් සටන් කල Martin Luther King 1968 අප්‍රේල් මස ඝාතනයට ලක්වන්නට මොහොතකට පෙර ලබාගත් සේයාරුවකි මේ.
 
 
මේ ඡායාරූපයේ ඉන්න තරුණයගේ අවසාන මොහොත මේක වෙන්න ඇති කියල ඡායාරූපය දුටු සැනින් ඔබට පැහැදිලි වනවා නොඅනුමානයි. එක හරියටම හරි. මෙතරම් උස ගොඩනැගිල්ලක නැගල අවධානම් සහගත විදිහේ ඡායාරූපයක් ගන්න ගිහින් මේ තරුණයා අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගෙන ගිහින් තියනවා.
 
 
කලකට පෙර අවාසනාවන්ත ලෙස අතුරුදහන් වී පසුව සොයාගැනුණු මැලේසියානු ගුවන්යානයක් වුන MH 17හි ගමන් ගත් Gray නම් තරුණයා සහ ඔහුගේ මව විසින් ලබාගත් අවසාන ඡායාරූපයයි මේ. මෙහි ගමන් ගත මගීන් සියල්ල ගුවන්යානය සොයාගන්න විට මියගොස් තිබුනා.
 
 
Gabriela නම් තරුණිය තම ජීවිතය නැති කරගැනීමට ඉතා සුළු මොහොතකට පෙර ලබාගෙන සමාජ මාධ්‍ය හරහා ලෝකයට මුදාහරි අයගේ අවසාන සේයාරුව මෙයයි.
 
 
ඉරාක පවුලේ අයව මරා දැමීම හේතුවෙන් හමුදා සෙබළෙකු වූ ස්ටීවන් ග්රීන් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක් මෙහි දැක්වෙන අතර එය ඔහු ඝාතනයට ලක්වීමට පෙර ලබාගත් අවසාන ඡායාරූපයයි.
 
 
Dale Earnhardt 2001 වසරේදී මෝටර් රථ තරගයක් අතරතුර අනතුර නිසා මියයාමට ප්‍රථම ලබාගත් ඡායාරූපයකි.
 
 
Gilles Leclerc සහ Marianne Labanane දෙදෙනා Bataclan නම් ප්‍රසංග ශාලාව තුල විනෝදවෙමින් සිටින ඡායාරූපයක් තමයි මේ. මේ ඡායාරූපය ලබාගෙන සුළු මොහොතක් යාමට පෙර එහි සිටි පුද්ගලයින් 98 දෙනෙකු මිය යන්නේ Marianne Labanane ට පමණක් ජීවත්වීමේ වාසනාව තවදුරත් ඉතිරි කරමිනුයි.
 
 
මෙය බටහිර මිත්‍යා විශ්වාසයක් හා බැඳුනු ඡායාරූපයක්. 2017 13 වෙනි සිකුරාදා දිනයක් තමයි මේ පින්තුරය අරගෙන තියෙන්නේ. මෙය සෑම වසරකදීම සිදුවන අතර දින දර්ශනයේ ඇති සාපලත් දිනයක් ලෙස හැඳින්වේ.
 
 
2012 නවසීලන්තයෙන් ගමන් අරඹපු වායු බැලුනය හදිසියෙන් අධි වෝල්ටීයතා විදුලි රැහැනක වැදීමෙන් සිදුවූ අනතුරෙන් එහි සිටි 12 දෙනෙකුගේ ජිවිත අහිමි වුනා.
 
 
1961 අවුරුද්දේ ඇමරිකාවේ skating team එකේ 18 දෙනා තමයි මේ ඉන්නේ. ඔවුන් බ්‍රසීලය වෙත ගිය අවසන් ගමනට පෙර ලබාගත් ඡායාරූපයක් වන මෙය කණ්ඩායමේ සාමාජිකයන්, ඔවුන්ගේ පුහුණුකරු සහ පවුලේ සාමාජිකයන් සියල්ලන්ටම මරණය කැඳවමින් ගමන අතරතුර සිදුවූ අනතුරකින් ඔවුන් සියල්ලන්ටම අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යන්නට සිදුවෙලා තියනවා.
 
-මව්බිම-
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top