Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීමෙන් කොල්ලකෑ කෝටි 500 ක් වටිනා දියමන්තිය ගැන වෙනස්ම කතාවක් එළියට එයි - Video

- මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීමෙන් කොල්ලකෑ කෝටි 500 ක් වටිනා දියමන්තිය ගැන වෙනස්ම කතාවක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,998 Views
ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීමෙන් කොල්ලකනු ලැබූ කෝටි 500 ක් වටිනා දියමන්තිය පළඳු කිරීමට තමන් එකඟ නොවන බව එහි හිමිකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාළ පාෂාණය කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් ගත යුතුඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.  

ඩුබායි අත්අඩංගුවේ පසුවන  මාකදුරේ මධූෂ්ගේ සගයෙකු වන කැවුමා ළග තිබී අදාළ පාෂාණය පොලිසිය සොයා ගත්තා.

අදාළ පාෂාණය ඊයේ පරීක්ෂා කළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එය දියමන්තියක් බවට තහවුරු කළ නොහැකි බව සදහන් කළා.

පසුව වැඩිදුර පරීක්ෂාව සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත අදාළ පාෂාණය යොමු කිරීමට පොලිසිය ගත් තිරණය අතහැර දැමුවේ එහි හිමිකරු ඊට විරුද්ධ වීම හේතුවෙන්.

යමන්තියේ හිමිකරු

"ඒ ගොල්ලන්ගේ බුද්ධියට ඒගොල්ලෝ බැලුවා. ඊට පස්සේ කියනවා ඕක කුඩු කරලා කෑල්ලක් ගන්න ඕන නැත්තම් කෑල්ලක් කපන්න ඕන කියලා. එහෙම කියන්නේ සැකයක් උඩනේ. හරියට කපනවානම් දියමන්තියක් විදියට ලංකාවේ මැෂින් නැහැ කපන්න. ලේසර් මැෂින් ඕන කපන්න. කපන්නත් මාස 6ක් විතර ප්‍රෝග්රෑම් කරන්න වෙනවා මේක කපන විදිය.
ප්‍රශ්නය - ඒ ගොල්ලන් කියනවනේ මේක දියමන්තියක් නෙවෙයි කියලා. ඔබතුමා ඒක පිළිගන්නවද ?
පිළිතුර - ඒ ගොල්ලන් කියන එක මම පිළිගන්නවා.  හොඳයි ඒක ගොඩක් සන්තෝසෙන් පිළිගන්නවා. තර්ක කළා මම ඒ වෙලේ. ඒ එකක් වත් පිළිගත්තේ නැහැ"..

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වන කැවුමා රැදී සිටි බවට අනාවරණ කරගත් රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ පරීක්ෂාවට ලක්කළා.

එහිදී කෝටි 200 කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177 ක්, ටී - 56 ගිනි අවි සදහා යොදන උණ්ඩ 2803 ක්, බෝර 12 පතොරොම් 234 ක්,  විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ස්වයංක්‍රීය ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් සොයාගත්තා.

එම භාණ්ඩ අතර තිබූ සී.ඩී. තැටි කිහිපයක් පරීක්ෂා කිරීමේදී ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී.ඩී. තැටියක් ද හමුවුණා.

අදාළ දර්ශන මගින් අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වූ පාතාල කල්ලි සාමාජිකයන් රැසක් දැනටමත් හදුනාගෙන ඇති අතර, කවුරුන් විසින් මෙම අවමංගල්‍ය කටයුතු මෙහෙය වූයේ ද යන්න පිළිබදව ද අනාවරණ කරගත හැකි බව ද පොලිසිය පවසනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ මාකදුරේ මධූෂ් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 2000 කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ඇති අතර, ඒවා විවිධ තැන්වල සගවා ඇති බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගත් හෙරොයින් සහ  ආයුධ තොගය රැගෙන යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් ආරක්ෂක අංශ වෙත දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්.

මේ අතර, පසුගිය මස 25 වැනිදා කළුතර සංචාරයක හෝටලයක් තුළදී  රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් මැණික් ගල් 3 ක් කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු කළුතර දිසා අපරාධ ඒකකය විසින් අද අත්අඩංගුවට ගත්තා.

අලෙවි කිරීමට ගෙනවිත් තිබූ මෙම මැණික් ගල් තුන රත්නපුර ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබු බවත් අදාළ ව්‍යාපාරිකයා සැලසුම්සහගතව  කළුතර ප්‍රදේශයේ නවාතැන්පළකට ගෙන්වාගෙන  ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.

කොල්ලකෑම සදහා උපයෝගී කරගත් ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන  තිබෙනවා.

මේ අතර, පසුගිය මස 22 වැනිදා දෙපානම පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලායන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.

සිද්ධියෙන් මියගියේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු කොල්ලකෑම් සහ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බව සදහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top