බුද්ධියෙන් ලෝකය දිනනවා කියන්නේ එතරම් පහසු දෙයක් නෙමෙයි. නමුත් දෙළොස් හැවිරිදි නිෂි උග්ගල්ල බුද්ධිය නිසා ලෝකයම දන්න දරුවෙක් බවට පත් වුණා. ශ්‍රී ලංකා සම්භවයක් ඇති නිෂි බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" එහෙමත් නැති නම් "Child Genius" වැඩසටහනට සම්බන්ධ වී ජයග්‍රහණයේ සම්මානය ලබා ගන්න සමත් වුණා. ඒ ගැන නිෂි අපට කිව්වේ මෙහෙමයි.
නිෂි ඔබ ඉපදෙන්නේ හැදී වැඩෙන්නේ බ්‍රිතාන්‍යයේ. නමුත් ශ්‍රී ලංකාවට ඔබ නෑකම් කියන නිසා ඔබ ලංකාවට ආදරේ කරනවා. මුලින්ම කතා කරමු ඔබ සාමාන්‍ය මට්ටමින් හෝ සිංහල භාෂාව ඉගෙන ගන්නේ කොහොමද කියලා..?
මගේ අම්මයි තාත්තයි නිසා තමයි මම සිංහල ඉගෙන ගන්නේ. ඒ දෙන්නා මාත් එක්ක කතා කරනවා පුංචි කාලේ ඉදලා. මට වෙන කවුරුවත් නැහැ මෙහෙ සිංහල කතා කරන්න. ගොඩක් හොදට සිංහල කතා කරන්න බැරි වුණත් මට සාමාන්‍ය මට්ටමින් කතා කරන්න පුළුවන්. සිංහල ලියන්න කියවන්නත් පුළුවන්. ඒ ගැන සතුටු වෙනවා.
ලංකාවට එන්න ඔබ බෙහෙවින්ම ප්‍රිය කරනවා කියලත් ආරංචියි..?
ඔව්. මම මෙහෙ ඉපදුණු කෙනෙක් නිසා මම ඉපදිලා මාස 6 තමයි ලංකාවට අරගෙන ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මට තේරුණු වයසේ ඉදලා හැම අවුරුද්දකම මාව ලංකාවට එක්කගෙන යනවා. මම හරිම ආසාවෙන් මගේ ආච්චි සියා නෑදෑයින් බලන්න යන්නේ. විශේෂයෙන්ම මම දළදා මාළිගාව වදින්න යනවා. ඒ වගේම අපි බලන්න යනවා. මම අලි බලන්න නම් කොහොම හරි යනවා.
නිෂි මේ දවස්වල බ්‍රිතානයේ, ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි. මුළු ලෝකයේම කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා. ඒ ගැන මොකද හිතන්නේ..?
ගොඩක් සතුටුයි. මගේ ඉස්කෝලෙත් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. සමහර පොඩි ළමයි මාව වටකරගෙන මගෙන් අත්සන් පවා ගන්නවා. අන්තර්ජාලයේ ලැබෙන ප්‍රතිචාරත් මට මගේ අම්මා තාත්තා පෙන්නුවා. ඒ ගැන සතුටු වෙනවා. ඉස්කෝලෙදි වැඩිපුර මම ගැන කතා කරන්න කාලය වැය කරනවා. මම ඒකට කැමති නැහැ. ඒ කාලය අපරාදේ. ඒ කාලේ ඉගෙන ගන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ.
මේ තරගයට කවුද අයැදුම් කළේ..?
මමම තමයි ඇප්ලයි කළේ. ඊට කලින් මම අම්මා තාත්තාගෙන් ඇහුවා. මේ තරගයට ඇප්ලයි කරන්නද කියලා. ඒ දෙන්නම කැමති වුණා. ඉර පස්සේ තමයි ඇප්ලයි කළේ.
තරගය දිනන්න බලාපොරොත්තුවෙන් වෙන්න ඇති අයැදුම් කළේ..?
තරගය දිනන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් ඒ තරගයට අයැදුම් කරන්නේ ගොඩක් දක්ෂ ළමයි. ඒ නිසා පොඩි බයකුත් තිබුණා. ලොකු කැපකිරීමක් කරන්න වුණා අවසන් වටයට හා ඉන් ජයගන්න. ඒ කැපකිරීම නිසයි ජයග්‍රහණය හිමි වුණේ. ඒ වගේම කියන්න ඕන අන්තිම මොහොත වෙනකල්ම කවුරු දිනයිද කියලා හිතාගන්න බැරුව හිටියේ කියන එකත්. දිනුවා කියලා මගේ නම කිව්වා මොහොතේ නම් මම හුගක්ම සතුටු වුණා. ඒ මොහොත ගැන හිතා ගන්නත් බැහැ.
පැය කියක් ඒ සදහා කාලය යෙදෙව්වද..?
මම පාසල් ගිහින් ඇවිත් දවසකට පැය දොළහක් පාඩම් කළා. මම කොහොමත් දවස නිකන් කාලය ගත කරන කෙනෙක් නෙමෙයි. නිතරම පාඩම් කරනවා. පොත් කියවනවා. මම නොදන්නා දේවල් අන්තර්ජාලය ඔස්සේ හොයාගෙන ඉගෙන ගන්නවා.
පොඩි ළමයි හරි කැමතියි සෙල්ලම් කරන්න. පාසලේදී යාළුවො සෙල්ලම් කරද්දී නිෂි සෙල්ලම් කරන්නෙම නැද්ද..?
යාළුවො එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා. නමුත් එතරම් කැමැත්තක් නැහැ ඒ පැත්තට යොමු වෙන්න.
සෙල්ලම් කරන්න, නිදහසේ කාලය ගත කරන්න කාලයක් යොදවන්නේ නැති නිසා කම්මැලිකමක් දැනෙන්නේ නැද්ද..?
කොහෙත්ම නැහැ. මගේ මුලික දේ ඉගෙන ගන්න එක. විවිධ දේ අත්හදාබලන එක. ඒ නිසා මට කිසිම කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මම කැමතිම විද්‍යාඥයා මහාචාර්ය ස්ටීවන් හෝකින්. එතුමාට හෝ Albert Einstein ට සම වෙන්න මට බැහැ. නමුත් ඔවුන් ගිය මග යමින් මගේ අනාගතය හදා ගන්න කැමතියි. ඒ වගේම මම කැමතියි ලොකු වුනහම භෞතික විද්‍යාඥයෙක් වෙන්න.
නිෂි කවදාවත්ම අමතර පංති ගිය කෙනෙක් නෙමෙයි කියලත් ආරංචියි,..?
ඔව්. මම කවදාවත්ම අමතර පංතියක් ගියේ නැහැ. අම්මා තාත්තාගෙන් නොදන්න දේවල් අහගෙන ඉගෙන ගත්තා. නැත්තම් අන්තර්ජාලයෙන් ඉගෙන ගත්තා.
පොත් කියවන නිෂි පොතක් ලියන්න කැමති නැද්ද..?
ආසාවක් තියෙනවා භෞතික විද්‍යාව ගැන හොද පොතක් ලියන්න. ඒකට අත්හදා බැලීම් කරන්න ඕන. මම පොත් කිහිපයක්ම ලියලා තියෙනවා.
ලංකාවේ නම් දරුවන් අධ්‍යාපනයට වැඩිපුර යොමු කරවන්නේ දෙමාපියන්. ඉගෙන ගන්න ඔබට දෙමාපියන්ගේ බලපෑමක් කළේ නැද්ද..?
මම ඉගෙන ගන්න ළමයෙක් නිසා කිසිම බලපෑමක් නැහැ මට දෙමාපියන්ගෙන්. මම ලංකාවේ ගැහැණු ළමයින්ගෙන් ඉල්ලීමක් කරනවා හොදට ඉගෙන ගන්න කියලා. හැමෝම හිතන්නේ භෞතික විද්‍යාව ගණිතය කියන විෂයන් ගැහැණු ළමයින්ට අමාරුයි කියලා. අමාරු නැහැ ඒ අයටත් කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්න කියලා මම කියනවා.
නිෂිගෙ කතාබහෙන් අනතුරුව ඔහුගේ පියා ආදරණිය දියණිය ගැන කිව්වේ මෙහෙම කතාවක්,
නිෂිගේ අධ්‍යාපන බුද්ධි මට්ටම අනිත් ළමයින්ට වඩා සෑහෙන වෙනස් කියලා දැනගත්තේ එයාට අවුරුදු දෙකේදී. මෙහෙ තියෙන ප්ලේ ගෘප් එකකට දුවව දැම්මා අවුරුදු දෙකේදී. එතකොට දුව අනිත් ළමයි වගේ සෙල්ලම් කරන එකට වඩා පාඩම් වැඩවලට පෙහෙලිකා පුරවන්න තමයි කාලය යොමු කරලා තියෙන්නේ. 1 සිට 100 දක්වා වැරදි නොවී ලියලා තිබ්බා. ඒ වගේම A to Z ලියලා තිබුනා. මාස 18 ක ළමයෙක්ට ඒ වගේ දැනුමක් තියෙන එක ගැන පුදුම වුනා. දවසක් මගේ බිරිද ශිරෝමිට ටීචර් කියලා තියෙනවා දුවට උගන්වන්න සාමාන්‍ය ටීචර් කෙනෙක් යොදවන්න බැහැ කියලා. මුලින්ම දැනගන්නේ එහෙම. ඊට ටික දවසකට පස්සේ දුව මගේ ලගට ඇවිත් ඇහුවා "තාත්තා ලෝකේ හැම ප්‍රශ්නයකටම උත්තර දන්නවද කියලා," මම කිව්වා මම කිව්වා මම නම් දන්නේ නැහැ කියලා. මම ඇහුවා ඇයි එහෙම අහන්නේ කියලා. එයා කිව්වේ "මිනිස්සු හැම කෙනෙක්ම හැම ප්‍රශ්නයකටම උත්තර දන්නවා නම් මට ලොකු වෙලා කරන්න දෙයක් නැහැනේ. මම බය වුණා.." කියලා. දුව තරගයෙන් දිනුව එක ගැන සතුටුයි. ඒ වගේම කියන්න ඕන. මේ තරගයට ඉදිරිපත් වුනු එකම ලංකාවේ සම්භවයක් තියෙන දරුවා දුව කියන එක. මිට කලින් කිහිපවතාවක්ම ඉන්දියාව නම් නියෝජනය කළා.."