Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
10
"හෝටල් කාමරයේ තරුණයන් 14 දෙනෙක් මැද තරුණියන් තිදෙනෙක්" කොකේන් ගහපු පුංචි තිරයේ ටෙලි නිළිය කොටු වුණු පොල්හේන ෆේස්බුක් සාජ්ජේ නොදත් කතාව - Video

- "හෝටල් කාමරයේ තරුණයන් 14 දෙනෙක් මැද තරුණියන් තිදෙනෙක්" කොකේන් ගහපු පුංචි තිරයේ ටෙලි නිළිය කොටු වුණු පොල්හේන ෆේස්බුක් සාජ්ජේ නොදත් කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65,170 Views
හෝටල් කාමරයේ දොර විවෘත කළ විට දුටු දර්ශනය..
නිළිය සංගීත ප්‍රසංගයකට යනවා කියලා ගෙදරට කියලා..

සමනලුන් සිල්ලරට විකුණන්නට මාන බලමින් සිටින සමාජ වටපිටාවක සමනල සමනලියන්ගේ ජීවිත සිල්ලරට ඩැහැගන්නට මේ කුරිරු සමාජ සමත් විය. ජීවිතය සිල්ලර කර විකුණා දමන්නටත් පමණක් නොව ජීවිතය මායාවක් කර රඟ දක්වන්නට මාන බලන සහේලියන්ගේ සුන්දර ජීවිත බලා සිටියදී මිලින වන්නට පටන් ගෙන ඇත. ඒ තාරුණ්‍යය බිලිගැනීමට මාන බලන මත් රකුසාට මුවා වී එන ගින්දරිලාගේ සමාජය වෙළාගෙන ඇත. ඒ තාරුණ්‍යය වනසා මත් රකුසාට නොදෙවැනි ෆේස් බුක් රකුසාටද තාරුණ්‍යය බිලි වී හමාරය.

දිනෙන් දින සමාජය ව්‍යසනයට දායක වන මුහුණු පොත නිසා තරුණ ජීවිත දහස් ගණනක් මොහොතකින් විනාශ වේ. ඒ ඔවුන්ගේ යෞවනය මුහුණු පොත ඉදිරියේ හමාර වන බැවිනි.

මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් තමන්ගේ මඩිය තරකර ගැනීමට මාන බලන රාක්‍ෂයන් තරුණ තරුණියන්ගේ මුහුණු පොතට ඇතුළු වන්නේ තම මව පියා සහෝදර සහෝදරියන්ට වඩා ඉතා ළෙන්ගතුකමිනි. ඒ ළෙන්ගතුකම නිසා මුහුණු පොතේ සිටින මෙම මිතුරන් ජීවිතයේම කොටසක් වී හමාරව ජීවත් වේ. දවස උදාවන්නේත් දවස අවසන් වන්නේත් ඒ දයාබරත්වයෙන් රැඳුණු මුහුණු පොතේ මිත්‍රත්වය සමඟිනි. මෙම ජාවාරම්කාරයන් තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට ඔවුන්ට ආවේණික වදන් භාවිත කරයි. මේ නිසාම බොහෝ ආදර සම්බන්ධතා පවා විනාශ කර ගනිමින් මුහුණු පොතේ සැමදා දකින එහෙත් කිසිදා සැබැවින් නොදුටු ඒ ආදරණීය සගයා සමඟ තම රහස් පවා හුවමාරු කර ගනී. මේ අයුරින් දින මාස ගෙවී යන්නට ඉක්බිතිව මේ මුහුණුපොතේ නාඳුනන මිතුරාගෙන් අපූරු යෝජනාවක්, මැසෙන්ජර් තුළින් පණිවුඩයක් එවයි.

 ඒ ඔයා දැකගන්නට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා මුහුණු පොතේ අප මිතුරු සමාජය සංවිධානය කරන රාත්‍රි සාදයට පැමිණෙන ලෙසත්ය. එවැනි පණිවුඩයක් ලැබීමෙන් පසු එය කෙසේ ඉවත දමන්නද? කෙසේ හෝ මේ සඳහා අදාළ තීරණය කරගත් දිනට එන්නට මේ තරුණ තරුණියන් මාන බලමින් සිටී. ඒ අතරින් බොහෝ දෙනකුට එවැනි සාදයකට යෑමට ඔවුන්ගේ පවුල්වලින් බාධා ඇතිවේ. එවැනි විට බොහෝ තරුණියන් නිවෙසට මුසාවක් ‍දොඩා නිවෙසින් පිටවූ අය වෙති. දකුණු මුහුදු වෙරළ තීරය රාත්‍රි සාද සඳහා ඉතා ප්‍රසිද්ධය. ඒ දකුණු වෙරළ තීරය විදේශිකයන්ගේ පාරාදීසයක් වූ බැවිනි. සෑම දිනකම රාත්‍රිය ඩී.ජේ. සංගීතයකින් සරසන්නට සංචාරක හෝටල් හිමියන් කටයුතු කරයි. එම සාදය සාජ්ජයක් වන්නට එතරම් කාලයක් ගත නොවේ. ඩී.ජේ. සංගීතය පසෙක දමා දේශීය සංගීත උපකරණවල නාදය ඉන්පසු ප්‍රදේශය දෙවනත් කරයි.
 මේ සාදය අවසන් වන්නේ විස මත්ද්‍රව්‍ය පානය කර ගත මත් වූ පසුවය. එවැනි සමාජ වටපිටාවක් තුළ මුහුණු පොතේ තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන සාද පවා දකුණු මුහුදුබඩ වෙරළ තීරය උපයෝගී කර ගනී. මේ සඳහා දිවයිනේ නන් දෙසින් තරුණ තරුණියන් රාත්‍රිය උදාවන්නටත් පෙර ඒ සමාජ ශාලාවලට ඇතුළු වේ. නමුත් මුහුණු පොතේ මිතුරන් සියල්ලම හඳුනා ගැනීමට හැකිවන්නේ නිමේෂයකි. නම පවා කියා කතා කිරීමට තරම් ඔවුන්ගේ නම් ගම් මතකයට එන්නේ දිනපතා මුහුණු පොතේ සිටින මිතුරු මිතුරියන් වූ බැවිනි. එහෙත් මෙම සාදය සංවිධානය කළ මිතුරාගේ මුහුණ දැකගන්නට නම් කිසිදා හිමි වන්නේ නැත. ඒ ඔහු විසින් මෙම සාදය සංවිධානය කළද ඔහු මේ සඳහා සහභාගි නොවන බැවිනි. මෙවැනි සාද සංවිධානය කරන්නන් බොහෝ දුරට ලංකාවේද නැති බව පොලිස් බුද්ධි අංශ සොයාගෙන ඇත. විදේශීය රටක සිට මෙවැනි සාද සංවිධානය කරන බවත් මෙම සාදයට පැමිණීමට නම් සාමාජික මුදලක් අවශ්‍ය බවත් එය ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු කරන ක්‍රමවේද භාවිත කරන බවත් පොලිස් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ. ඒ අනුව සාමාජිකයන් මෙය සංවිධානය කරන මිතුරාගේ ජංගම දුරකථනය හරහා මුදල් යැවීම සිදුකරයි. එවිට ඔහුට හෝ ඇයට මෙම සාදයේ සාමාජිකත්වය හිමිවේ.

මෙවැනි සාදයක් පසුගියදා හික්කඩුව මුහුදු තීරයේ සමාජ ශාලාවකද පැවැත්විණි. ඒ සඳහා තරුණ තරුණියන් පන්සීයක් පමණ පැමිණ තිබිණි. ඔවුන්ගෙන් බහුතරයක් මත්කුඩු භාවිත කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. රාත්‍රිය වන විට බොහෝ තරුණ තරුණියන් ඇඳ සිටි ඇඳුම් පැලඳුම් සොයා ගැනීමට නොහැකි තරම් රිද්මයකට ඔවුන් පත්ව තිබිණි. නිරුවතින් සිටි තරුණියක් පොලිස් නිලධාරීන් හමුවේ ලැජ්ජාව පවා නොදැනෙන්නට මත්ව සිටියේය. එහිදීද මෙය සංවිධානය කළ බුකියේ මිතුරා සිටියේ නැත. අසරණ තරුණ තරුණියන් විශාල පිරිසකට නීතිය ඉදිරියේ වරදකරු වන්නටත් මාපියන් ඉදිරියේ අන්ත අසරණ වන්නටත් සිදුවිය.

ඒ හික්කඩුව වෙරළ තීරයේ පසුගියදා පොලිසිය විසින් සිදුකළ වැටලීමකින් හසුකරගත් තරුණ තරුණියන් ගැනයි.

එවැනි තත්ත්වයක් මාධ්‍ය ඔස්සේ රට පුරා ලොව පුරා පැතිරෙන්නට මත්තෙන් එවැනිම සාදයක් මාතර ප්‍රදේශයේ සංවිධානය වන බව ඉව වැටුණේ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාටය. ඔහුගේ පොලිස් බුද්ධි අංශ මඟින් මේ පිළිබඳ පැවැත්වෙන දින, වකවානු සහ ස්ථානය හඳුනාගෙන තිබේ. ඒ අනුව පසුගිය තුන්වැනිදා වැලිගම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ සමාජ ශාලාවක මෙවැනි සාදයක් පවත්වන බවට ලද තොරතුරු මත පොලිසිය සීරුවෙන් සිටියේය. දිනය උදාවිය. ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අමතරව විදේශිකයන්ගෙන් පිරුණු මෙම සාදය වැඩි වේලාවක් පැවැත්වීමට නොහැකි විය. ඒ පොලිසිය මෙම සාදය පිළිබඳ අවධානයෙන් සිටින බව සැලවීමත් සමඟ සාදය අතරමඟ නතර කළ නිසාය.
 සියල්ලෝම එපමණින් විසිරෙන්නට වූහ. මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතා විසින් මෙම මෙහෙයුමේ වගකීම පවරා තිබුණේ මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ.වී. උදිත කුමාර නිලධාරියා වෙතය. උදිත කුමාරගේ උකුසු ඇසට වැලි ගැසීමට තරම් මේ ජාවාරම්කරුවන් සමත් නොවන බව පොලිස් අධිකාරිවරයා තේරුම්ගෙන බොහෝ කල්ය. ඒ ඔහුට භාරදෙන කාර්යය කුමක් වුවත් එය ඉටු කිරීමට ඔහු සමත් වන බැවිනි. ඒ නියෝගවලට අනුව උප පොලිස් පරීක්‍ෂක උදිත කුමාර මහතා තම සගයන් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියද සමඟ මෙහෙයුම ආරම්භ කළේය. එහෙත් ඒ වනවිටත් සාදය වහ වහා අවසන් කර ඔවුන් ළඟම පිහිටි නවාතැන්පොළ වෙත ගොස් හමාරය. දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු ඉව අනුව ඔහු පොල්හේන වෙරළ තීරයේ ඇති නවාතැන් පොළක් වහා වැටලීය.

එම නවාතැන්පොළේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සහ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණ තරුණියන් පිරිසක් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුවය. පොලිසිය අනුමාන කළ කාමරයට ළංවීමත් සමඟ පොඩි කාමර දෙකක් තුළ විශාල පිරිසක් සිටින බවට උදිත කුමාර මහතාට තේරුම් ගියේය. පොලිස් නිලධාරිනිය ‍ෙදාරට තට්ටු කිරීමත් සමඟ එකකු ‍ෙදාර ඇරියේ කිසිවක් සිතාගන්නටවත් සිහියකින් නොවේ. ‍ෙදාර විවෘත කළ විට දුටු දර්ශනය දැකීමෙන් පොලිසිය ගල් ගැසී ගියේ කිසිවක් සිතාගත නොහැකිවය. ඒ තරුණියන් තිදෙනකු සහ විශාල තරුණයන් පිරිසක් එම කාමරයේ සිටිනු දැකීමෙනි. ඔවුන් මේ සැරසෙන්නේ වෙන කුමකටවත් නොව විස මත්ද්‍රව්‍ය භාවිත කිරීමට බව සැලවීමත් සමඟ ඔවුන් එක එකා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළේය. මලානිකව ඒ මේ අත ඇද වැටෙමින් සිටි තරුණයන් දහහතර දෙනෙක් මැද තරුණියන් තිදෙනෙක්ද විය. ඒ අතර නිතර නිතර රාත්‍රි පුංචි තිරයෙන් දකින රංගන ශිල්පිනියක්ද එහි සිටිනු දැක පොලිස් නිලධාරීන්ද විමතියට පත් විය.
රාත්‍රිය පුරා මත්ද්‍රව්‍ය භාවිත කළ මේ පිරිස නැවත වරක් මත් ඉරීමට සූදානම් වන මොහොතේ මෙසේ අත්අඩංගුවට පත්විය. ඔවුන්ගේ මුහුණු මලානිකව ගොස් තිබෙනවා පෙනිණි. මෙම නවාතැන්පොළට මොවුන් පැමිණ තිබුණේ සාදය පවත්වන ස්ථානයට පොලිසිය කඩා පනින බව සැලවීමත් සමඟය. මාතර, පොල්හේන මුහුද අද්දර හෝටලයක කාමර දෙකක් කුලියට ගෙන දහහත් දෙනකු එහි සිටියදී මෙලෙස කොටු විය. මෙසේ අත්අඩංගුවට පත් තරුණියන් තිදෙනා අතර ප්‍රවීණ රංගන ශිල්පිනියකට පොලිස් විලංගු වැටී හමාරය. කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මේ ටෙලි නිළිය ඇතුළු දහහත් දෙනා පසුදින (04දා) මාතර වැඩබලන නීතිඥ උපාලි රණසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මාර්තු මස 08 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය. එම රංගන ශිල්පිනිය ඇගේ වත්තල, හැඳල ප්‍රදේශයේ නිවෙසින් පිටත්වී ඇත්තේ සංගීත ප්‍රසංගයකට යන මුවාවෙනි. ඇයගේ මිතුරියන් දෙදෙනකුද මේ අතර වෙති.

මීට අමතරව රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ පමුණුගම, බෝපිටිය ප්‍රවීන් රන්දික සහ චින්තක දුලාන් සිල්වා, පානදුරේ පදිංචි යසස් සම්පත් සහ සහිදු සමීර පීරිස්, පොකුණුවිට දේවිමුනි විමුක්ති සහ මිහාන් ගුණතිලක, රත්මලාන ඩිලාන් මදුර, බොරලැස්ගමුව ඩිලාන් ෆොන්සේකා, වෙලේගොඩ කාංචන තරංග, පඹුරන ශෙහාන් කිත්සිරි, බොරැල්ලේ විමුක්ති තරංග, පමුණුගම සදීර සිල්වා, කෙසෙල්වත්තේ උදාර ආසිරි ප්‍රසාද් සහ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ඉර්ෆාම් යන දහහත් දෙනාය.

වැලිගම හෝටලයකදී මෙම සාදය පැවැත්විණි. මෙම සැකකරුවන් අතර උසස් පෙළට පෙනී සිටි සැකකරුවකුද වේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා විට කොකේන් ග්‍රෑම් එකයි මිලි ගෑම් 500ක් සහ තවත් හඳුනා නොගත් මත්පෙති මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තිබී ඇත.

මෙම සාදය සඳහා තරුණ තරුණියන් 1600කට අධික පිරිසක් සහභාගි වී ඇති අතර පොලිස් මෙහෙයුමට පෙර ඔවුන් එම සාදය අතරමඟ නවතා තිබේ. මෙම සාදයට එක් අයකුගෙන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඒ අනුව ලක්ෂ හැටපහකට ආසන්න මුදලක් මේ තුළින් සංවිධායකයන් උපයා ගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙහි ප්‍රධාන මොළකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන සිදුකරන අතර මාතර දිස්ත්‍රික්කය තුළ මෙවැනි සාද තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට විශේෂ වැටලීම් සිදු කරන බව මාතර කොට්ඨාස භාර පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.

උදය කුමාර රණවීර
(මව්බිම)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top