Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
30
බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා | නදීශා

- බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා | නදීශාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

නළු නිළියෝ දේශපාලනය කරන එක විලාසිතාවක්‌ වෙලා කියලයි සමහරු කියන්නේ. ඒ කතාව ආපහු පසුගිය සතියේ අලුත් වුණා. ඒ නදීෂා හේමමාලිත් දේශපාලනයට පිවිසීමෙන්. ඇය දකුණු පළාතෙන් මීළඟ පළාත් සභා මැතිවරණයට තරගකරන්න සූදානමින් ඉන්නේ. දැන් ඉතිං ඇය ඉස්‌සර වගෙ නෙමෙයි. ටිකක්‌ කාර්යබහුලයි. ඒ දේශපාලනය කරන ගමන් කලාවටත් දායක වෙන හින්දා. කොහොමින් කොහොමින් හරි ඒ කාර්යබහුලත්වය මැද්දේ නදීෂා දේශපාලනයට පිවිසි හේතුව ගැන කිව්වේ මෙන්න මේ විදිහට.


නදීෂා රඟපෑම එපාවෙලාවත්ද?
රඟපෑම කීයටවත් එපාවෙලා නැහැ. එහෙම එපාවෙන්නෙත් නැහැ.

ඇයි මේ දේශපාලනයට එන්න හිතුවේ ?
ජනතා සේවකයෙක්‌ වෙන්න ඕනෑ හින්දා. මම නායකයෙක්‌ කියලා හිතන්නේ හොඳ සේවකයෙකුට. එහෙම හොඳ සේවකයෙක්‌ වෙන්න නම් ජනතාවට සේවය කළ යුතුයි. මටත් ඕනෑ ජනතාවට හොඳ සේවයක්‌ කරන්න.

ඔබට ඒ පිළිබඳව දැනුමක්‌ තියෙනවාද?
දේශපාලනය පිළිබඳ පොතෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි පොතේ දේශපාලනය සහ සැබෑ දේශපාලනය අතර ලොකු වෙනසක්‌ තියෙනවා. මම දකින විදිහට සැබෑ දේශපාලනය පන්ති කාමරයක්‌ ඇතුලේ ඉඳන් ඉගෙන ගන්න බැහැ. ඒ පිළිබඳව හොඳ අවබෝධයක්‌ ඇතිව වැඩකිරීම තුළින් පළපුරුද්දක්‌ ලබාගෙන ඉගෙන ගත යුතුයි. මම තවමත් කනිෂ්ඨ දේශපාලනඥයෙක්‌. මගේ දැනුම මගේ ගමනක්‌ එක්‌ක ක්‍රමානුකූලව ලබාගන්නවා. මම පරිණත දේශපාලන දැනුම ලබාගන්න දන්නවා. මට හිතෙන විදිහට නම් පොතේ දේශපාලනයට වඩා සැබෑ දේශපාලනය කියන්නේ ලැබෙන අත්දැකීම් එක්‌ක ඉදිරියට යැමයි.

මේක හොඳට හිතලා මතලා ගත්තු තීරණයක්‌ද?
සියයට සියයක්‌ම. පැහැදිලිවම හොඳට හිතලා මතලා ගත්තු තීරණයක්‌.

සමහරු ඔබ ගත්තු තීරණයට බනිනවා?
එක එක්‌කෙනාට එක එක මත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මට වැදගත්වෙන්නේ මම දරණ මතයයි. මම හරි වෙලාවේදී හරි විදිහට ගත්තු තීරණයක්‌. ඔය බනින කට්‌ටියට මට කියන්න තියෙන්නේ හොඳින් බලන් ඉන්න කියලා විතරයි. මොකද මගේ ගමන ඉස්‌සරහට තීරණය වෙන්නේ මම කරන කියන දේවල් අනුවයි. ඒ හින්දා මම හරියාකාරව මේ අභියෝගය ජයගන්නවා. ඒ අයට කාලයත් එක්‌ක ඉවසාගෙන බලාගෙන ඉන්න වෙනවා.

තවත් සමහරු අහනවා රඟපෑවට ජනතාවට සේවය කරන්න පුළුවන්ද කියලත් ?
ඒක ඇත්තමට සංකීර්ණ ප්‍රශ්නයක්‌. ලෝකයේ හොඳ නළු නිළියෝ හොඳ නායකයෝ වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ හොඳ නළු නිළියෝ ජනප්‍රිය නායකයෝ වෙලා තියෙනවා. ඒ වගේම දේශපාලනයට ඇවිත් සාර්ථක වෙලා තියෙනවා වගේම අසාර්ථක වෙලාත් තියෙනවා.

නිළියෝ දේශපාලනය කිරීම දැන් හරියට විලාසිතාවක්‌ වෙලා?
ඊට වඩා ලොකුම දේ තමයි දේශපාලනය කරන්න එන අය බොරු රඟපෑම් කරන එක. ඒ හින්දා මිනිස්‌සු ගොඩක්‌ වෙලාවට රැවටෙනවා.

නදීෂාත් මේ කරන්නේ තවත් රඟපෑමක්‌ද?
කොහෙත්ම නැහැ. මේක මගේ තවත් රඟපෑමක්‌ නෙමෙයි.

ඔබ මොනවාද ජනතාවට කරන්න හිතාගෙන ඉන්නේ ?
මම ඉදිරියේදී ජනතාව වෙනුවෙන් උපරිම සේවයක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා. එය නොපැකිළිව කරන්න සූදානම්.

කලාවෙන් ඈත්වෙන්නද සූදානම ?
කොහෙත්ම නැහැ. කලාවත් සේවයක්‌නේ.

අම්බලන්ගොඩින් නේද තරග කරනවා කියන්නේ ?
අම්බලන්ගොඩ ඉන්න අපේ සංවිධායකතුමා සමග ගාලු දිස්‌ත්‍රික්‌ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් සේවය කරන්න සූදානම්.

ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද?
අනිවාර්යයෙන්ම. මට දිනන්න පුළුවන්.

අනර්කලී, ගීතා ගාල්ලෙන් තරගකරනවා. සටනක්‌ දෙන්න පුළුවන් වෙයිද?
මගේ සටන පුද්ගලයන්ට විරුද්ධව නොමෙයි. මේ ක්‍රමයට මම විරුද්ධවයි.

නදීෂාත් අන්තිමේ පිල මාරු කරයිද?
මොනවද මේ අහන්නේ. ඇත්තටම ඊළඟට එන ආණ්‌ඩුව යූඇන්පී එකනේ. කිසිම දවසක මගේ පක්‍ෂය මාරුවෙන්නේ නැහැ.

කලාවෙන් ගොඩනගා ගත් ප්‍රතිරූපයට හානියක්‌ වෙයිද?
මම එහෙම නොවෙන්න වගබලාගන්නවා. ඒ වගේම මගේ ප්‍රතිරූපයට හානියක්‌ නොවෙන විදිහට වැඩකරන්න සූදානම්.

අම්බලන්ගොඩ මිනිස්‌සුන්ට කොළඹ ඉඳන් සේවය කරන්න පුළුවන්ද?
කොහෙත්ම බැහැ. මම අනිවාර්යයෙන්ම අම්බලන්ගොඩට යනවා.

එහෙනම් ඉස්‌සරහට නදීෂාව හම්බවෙන්න පුළුවන් අම්බලන්ගොඩදීද?
බොහෝ වේලාවට එහෙම වෙයි. මගේ ජනතාව ඉන්නේ අම්බලන්ගොඩ. ඉදිරියේදී මාවත් එහෙදී තමයි මුණගැසෙන්න වෙන්නේ.

නදීෂාට කවුද මේ ආරාධනාව කළේ ?
පක්‍ෂයේ ඉන්න ඉහළම කිහිපදෙනෙක්‌ ආරාධනාවක්‌ කළා.

ඔබ මොකද ඒ වෙලාවේ කිව්වේ ?
මම හොඳට හිතලා මතලා පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත්තා.

තනතුරකුත් ලැබුණා කියන්නේ ?
තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක ධුරයකුත් ලැබුණා.

ඇත්තද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කළ ආරාධනාවක්‌ කියන්නේ ?
ඇත්තටම එයත් ආරාධනාවක්‌ කළා තමයි.


මේ 2010 වසරේදී නදීශා ඇයගේ උපන්දිනය සැමරූ ආකාරයයි...



































Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top