Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
මැණිකක් ගැන කතා ගෙතූ අයට අමල් පෙරේරා ඩුබායි සිට අවි අමෝරයි - චෝදනා දෙකම ප්‍රතික්ෂේප කර අමල් පෙරේරා කියූ ‍දේ මෙන්න - Video

- මැණිකක් ගැන කතා ගෙතූ අයට අමල් පෙරේරා ඩුබායි සිට අවි අමෝරයි - චෝදනා දෙකම ප්‍රතික්ෂේප කර අමල් පෙරේරා කියූ ‍දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,753 Views
ලංකාවට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවලු....

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගායක අමල් පෙරේරා සඳහන් කළේ යැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හමුවීමෙන් අනතුරුව ඩුබායි සිට හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්.

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගැණුනු ගායක අමල් පෙරේරා, නදීමාල් පෙරේරා ඇතුළු පිරිස මේ වන විට බර් - ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

නීතිඥ උදුල් ප්‍රේමරත්න - ( ඩුබායි සිට)

"අද දිනයේත් මම අමල් පෙරේරාව ගිහිල්ලා බර් ඩුබායි පොලිසියේදී මුණගැසුණා. විශේෂයෙන් ඔහු ස්ථිර කළා 27 වැනිදා ඔවුන් උසාවි දාන බවට. ඒ වගේම තමයි මෙතන යම්කිසි නෙනෙක් මත්ද්‍රව්‍ය තිබුණා හෝ යම් කිසි දෙයකට සම්බන්ධයක් තිබුණොත් ඔවුන්ට දඬුවම් කිරීම සිදුකරයි. නමුත් සිංදු කීම සඳහා නිශ්චිත ආරාධනාවක් සහිතව වීසා බලපත්‍ර ලබා ගෙන මේ රටට ආපු තමන්ට හා නදීමාල් සම්බන්ධයෙන් එවැනි දෙයක් ක්‍රියාත්මක නොවෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. ඔහු ප්‍රකාශ කළා මට, විවිධ පුවත් පළ කරන්න කටයුතු කරලා තියෙනවා අපේ රටේ මාධ්‍යය. ඉතින් අනිවාර්යයෙන්ම වැරදි දෙයක් සඳහන් කරලා තිබුණොත් හෝ නැත්නම් අසත්‍යයක් පළ කරලා ඔහුගේ කීර්තිනාමය කැළලක් කරන්න කටයුතු කළොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට ඔහු අවධාරණය කළා. ලංකාවේ මාධ්‍ය වාර්තාවල විවිධ අවස්ථාවල විශේෂයෙන්ම මැණිකක් සම්බන්ධව මම දැක්කා පුවත් වල වාර්තා වෙලා තියෙනවා අර කෝටි ගාණක් වටින මැණිකක් හොරකම් කරගෙන පැමිණීම සම්බන්ධව. ඔහු කියන ආකාරයට චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරනවා. රයන් සම්බන්ධයෙන් දන්නැහැ. බොහෝවිට අර නිදහස් වෙන්න ඉන්න 15 දෙනා අතර ඔහු ඉන්න පුළුවන්".

මේ අතර ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවන් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා ඩුබායි බලා ගොස් ඊයේ දිනයේ දිවයිනට පැමිණි නීතිඥ ෂාබ්දික වෙල්ලප්පිලි මහතා අද පස්වරුවේ අමල් පෙරේරාගේ පවුලේ ඥාතීන් මුණ ගැසී තිබෙනවා.

ඒ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top