Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
29
චම්පාව කැමැති කරගන්න දුක් විඳපු තරමක්.

- චම්පාව කැමැති කරගන්න දුක් විඳපු තරමක්.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

මට මතකයි අපිට ඒ වෙලාවේ එහේ මෙහේ යන්න වාහනයක්වත් නොතිබුණ කාලයක්. මට උදවු කරපු යාළුවෙක් හිටියා රොෂාන් කියලා. රොෂාන් අයියගේ වාහනේ තමයි අපි හැම තැනම ගියේ. කොටින්ම කියනවා නම් බුකිං එකක් එන්නෙත් ඉඳලා හිටලානේ ඒ කාලේ. එයාගේ වාහනෙත් දාලා ගරාජ් එකට පේන්ට් කරන්න. එදා දැන් යන්න විදියක් නෑ. අපිට වාහනයක් ගන්නත් බෑ. බුකිං එකෙන් ලැබෙන ගාණට වඩා ගාණක් යනවා වාහනයක් ගන්න. පේන්ට් කරන්න දාලා තිබුණ වාහනයත් අරන් අපි ගියා. වාහනේ එක වීදුරුවක්වත් නෑ. වින්ඩ් ස්ක්‍රීන් මුකුත් නෑ. ඒ ඔක්කොම ගලවලා පේන්ට් කරන්න. මට මතකයි වැස්සට කුඩ ඉහළගෙන තමයි අපි වාහනේ ඇතුළේ ගියේ. අද කාලේ සංගීත කණ්ඩායම්වලට වඩා හොඳම එකෙන් කට්ට කෑවා.

නැතිබැරිකම නිසා

කොටින්ම කියනවා නම් දිග කලිසමක් තිබුණේ නැති කාලයක්. අපේ පවුල් පසුබිම තුළම කට්ට කියන දේ තිබුණා. අද හැරිලා බලද්දි මට ඒ ගැන තියෙන්නෙ ලොකු සතුටක්. මොකද ඒ නැති බැරිකම තුළින් කෑව කට්ට නිසා තමයි අද මං මේ වගේ තැනක ඉන්නෙ.

කැමැත්තෙන්ම කටුකාපු හැටි.

කට්ට කෑව කාලෙන් සුන්දරම කාලේ ඉතින් පාසල් කාලේ තමයි. අඩුපාඩු ගොඩක් මැද්දෙ ඉගෙන ගත්තෙ. හැබැයි මං පොත් ගුල්ලෙක් වෙලා හිටියේ නෑ. හොඳ ක්‍රියාශීලී ශිෂ්‍යයෙක්. ඒ නිසාම තමයි 1988දී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න ලැබෙන්නෙ. දුවලා පැනලා හැමදේකටම ඔළුව දැම්මා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට ප්‍රින්සිපල්ටත් කලින් ඉස්කෝලෙට එන්නෙ මං. ඉස්කෝලේ ඉවර වුණාට පස්සෙ පන්තියක් පන්තියක් ගාණේ ගිහින්, ‍ෙදාරවල් ජනෙල් වහලද කියලා බලලා අන්තිමට ගෙදර යන්නේ මං. හරිම ආසාවෙන් කෑව කට්ටක්.

මියුසික් උණක් වුණා.

මියුසික් පිස්සුව මගේ ඇඟට ආවේ නම් හතේ අටේ පන්තිවලදී. 1985 අවුරුද්දේ අපේ ඉස්කෝලේ ප්‍රසංගයක් තිබුණා. ෆ්‍රීඩම්ස් කියන බෑන්ඩ් එක තමයි මියුසික් කළේ. ඒ තමයි මගේ මුල්ම ප්‍රසංගය. සී.ටී. ප්‍රනාන්දු මහත්තයාගේ ‘කිමද සොඳුරිය’ කියන ගීතය තමයි ගායනා කළේ. එතකොට බෑන්ඩ් එකේ කී බෝඩ් ගැසුවේ අද ජනප්‍රිය ගායකයෙක් වෙලා ඉන්න ආත්මා ලියනගේ. එතකොට ඉතින් ආත්මා කියලා කෙනෙක් හිටියේ නෑ. අදටත් මේක මතක්කළාම ආත්මාට හරි ආස හිතෙනවා.

ඇම්ම අඳුන ගත්ත නීල්.

ඒ කාලේ අපේ අහල පහළ ගමක හිටිය සංගීත කණ්ඩායම තමයි සන්ෆලවර්ස්. නීල් අයියාට තේරුණා මට මියුසික් සම්බන්ධව ලොකු ඇම්මක් තියෙන බව. පස්සෙන් ගිහින් කරදර කරනවා. නීල් අයියා ඒ මුල් අවධියේ අපිට බොහොම උදවු උපකාර කළා.

මියුසික් ලෝකෙ හීරෝ වුණේ.

සුනිල් අයියා තමයි මගේ හීරෝ! එතකොට. සංගීතය, මගේ හිතට දැනෙන දෙයක් වුණේ ඔහු නිසා. සුනිල් අයියාව ආශ්‍රය කරන්න ලැබුණේ නම් හුඟක් පහුවෙලා. බෑන්ඩ් එක පටන් ගත්තටත් පස්සෙ.


මට තිබුණ මුල්ම ගිටාර් එක

ආසාව තිබුණට Instrument එකක් ගන්නවත් වත්කමක් තිබුණේ නෑ. යාළුවකුගෙන් පරණ බොක්ස් ගිටාර් එකක් ලැබුණ කම්බි නැති එකක්. මුලින්ම මම බේස් ගිටාර් වාදනයනේ කළේ. ඉතින් ඊට පස්සේ ඒ බොක්ස් ගිටාර් එකට කම්බි හතරක් දාගෙන ඒකෙන් තමයි පුරුදු වුණේ. ඒක නිකන් නැවිච්ච පොල්පිත්තක් වගේ එකක්.

මුල්ම ප්‍රසංගයට ප්‍රැක්ටිස් කරපු හැටි.

මේරියන්ස් හැදුණට පස්සෙ පළමුවැනි වේදිකා ප්‍රසංගය තිබුණේ උඩප්පුව පැත්තෙ ගමක. ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි එතකොට. එදා ඉතින් ලෝකයක් ජයගත්ත වගේ දවසක්. ඒ මොහොත මගේ හිතෙන් අමතකම නොවන මොහොතක්. ඒකට ප්‍රැක්ටිස් කරද්දි අපිට හරියට ගිටාර් එකක්වත් තිබුණේ නෑ. බොක්ස් ගිටාර් එක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ප්‍රැක්ටිස් කළේ. ගෘෘෆ් ඩ්‍රම් සෙට් එකක් තිබුණේ නෑ. මගේ ලොකු අම්මාගේ හාල් පෙට්ටිය තමයි ඩ්‍රම් සෙට් එකේ පුට් එකට වගේ හදා ගත්තෙ. පිඟන් දෙකක් අනිත් පැත්ත හරවලා හයිජැට් එක හදාගෙන, එක්ස්රේ කොළවලින් තමයි ඩ්‍රම් සෙට් එකේ ටෝම්.... ඒක හදා ගත්තෙ. එහෙම අවම පහසුකම් යටතේ තමයි ප්‍රැක්ටිස් කළේ.


චම්පාගේ පස්සෙන් ගියපු කාලේ.

1985, 1988 වගේ කාලෙදි චම්පා කල්හාරි හරි ජනප්‍රියයි. අපි මේරියන්ස් පටන්ගෙන තිබුණෙත් නෑ. මම හරි ආසාවෙන් හිටියා චම්පා එක්ක සින්දුවක් කියන්න. ඉතින් චම්පා එනතැන්වලට මං හොයාගෙන යනවා. චම්පා එන ෂෝස්වලට ගිහින් කතා කරන්න අවස්ථාවක් ලැබෙනකල් බලාගෙන ඉන්නවා. එහෙම ගිහින් බොහොම අමාරුවෙන් චම්පාව කැමැති කරගත්තා සින්දුවක් කියන්න. ඒ දවස්වල ක්ලැරන්ස් වර්ණකුලසූරිය කියලා ගායකයෙක් හිටියා නයිනමඩමෙ පැත්තෙ. එයා මට හදලා දුන්නා ලස්සන සිංදුවක්. කොහොමහරි මෙලඩියක් දාගෙන සින්දුවත් රෙකෝඩ් කරගෙන චම්පාටත් පුරුදු වෙන්න කියලා කිව්වා. හලාවත ප්‍රසංගයක් වෙලාවේ සුදසුන ශාලාවේදී චම්පාත් එක්ක මුල්ම වතාවට ගායනා කළා. ඒ ගීතය වෙනුවෙන් සෑහෙන දුකක් වින්දා. අද කාලේ වගේ පහසුකම් තිබුණේ නෑනේ.

නලින් පෙරේරා බ්‍රෑන්ඩ් එකක් වුණා.

ඒ මොන කට්ට කෑවත් මං හැම වෙලාවෙම මං පිළිබඳ ආත්ම විශ්වාසය තියාගත්තා. ඒ නිසා තමයි නලින් පෙරේරා කියන බ්‍රෑන්ඩ් නේම් එක හැදුණේ. ගායනයෙන් විතරක් නෙවෙයි බෑන්ඩ් ලීඩර් කෙනෙක් විදියට, සාමාන්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට, ටික ටික මං බ්‍රෑන්ඩ් නේම් එකක් බවට පත් වෙන්න පටන් ගත්තා.

වැරදුණ හැම වෙලාවකම පාඩමක් ඉගෙන ගත්තා.

ඒ හැම දෙයක් පිටිපස්සෙම අත්දැකීම් තිබුණා. අරපරිස්සමක් නම් ඒ මුල් කාලේ තිබුණෙම නෑ. එක දවසක් මරදාන එල්ෆින්ස්ටන් එක ඉස්සරහදි මගේ වාහනය හොරු කඩලා, මගේ තිබුණ සල්ලි, ඩයරි ඔක්කොම හොරකම් කළා. එදායින් පස්සේ තමයි බැංකු එකවුන්ට් එකක් ඕපන් කරලා පිළිවෙළකට වැඩකරන්න පටන් ගත්තෙ. වැරැදි අඩුපාඩු තුළින් තමයි මගේ ජීවිතේ හුඟක් හරි ගැස්සුණේ.

කැපිලි නිසා කෑව කට්ට.

ඒ නිසා තමයි සිනා සිසී බෙල්ල කැපිල්ල කියලා සින්දුවක් ගැහුවේ. කැපිල්ල කියන එක සාමාන්‍ය දෙයක්. අදටත් ඒක තියෙනවා නැත්තෙ නෑ. ඒක තියෙන නිසා තමයි මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්නෙ.

ආදරය නිසා කෑව කට්ට.

අනන්තවත් කට්ට කෑවා. කැමැති කරගන්න සෑහෙන දුකක් වින්දා. පස්සෙන් ගියා. ඒත් ඒ ආදරේ සාර්ථක කරගන්න බැරි වුණා.

ජීවිතේටම කරපු එකම රස්සාව

ජීවිතේටම එක රස්සාවයි කළේ. ඒ ඇන්ඩ්‍රීස් කියන කම්පැනියේ. දවස් පහළවයි ඒ රස්සාව කළේ. මියුසික් නිසාම ඒ රස්සාවත් අත ඇරියා. ඒ දවස් 15ට රුපියල් හත්සිය පනහක පඩියක් ලැබුණා. සින්දුවක් ගායනා කරලා නම් මුලින්ම ලැබුණේ රුපියල් විස්සයි.

මතක් කරන්න අකමැතිම කට්ට.

පවුල් ජීවිතය තුළ ආදරය සොයා ගන්න බැරි වුණ කාලේ කාපු කට්ට තරම් ජීවිතේ කාපු කිසිම කට්ටක් දුකක් වුණේ නෑ. ඒ කාලේ මතක් කරන්නවත් කැමැති නෑ.

නලීන්ගේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ 'අංජලීකා' ගීතය නැවත වරක් නව සංගීතයට ඔහු විසින් ගායනා කලා. මේ එම ගීතය,

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top