Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
අසාමාන්‍ය ලක්ෂණ සහිත කුඩා දරුවන් කිහිප දෙනෙක් ගැන ඇදහිය නොහැකි කතාවක් - Photos

- අසාමාන්‍ය ලක්ෂණ සහිත කුඩා දරුවන් කිහිප දෙනෙක් ගැන ඇදහිය නොහැකි කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,637 Views
අලුත උපන් දරුවෙක් කිව්වම අපේ ඔලුවේ මැවෙන්නේ බොහෝම සුන්දර චිත්‍රයක්.
 
ආදරණීය, හුරුබුහුටි ළඳරුවෙක්ව ඔබට මේ දැන් වුණත් මවාගන්න පුළුවන්.
 
නමුත් ඔබ බලාපොරොත්තු නොවූ විදිහේ අසාමාන්‍ය දරුවනුත් මේ ලෝකේ ඉන්නවා.
 
මේ කතාව එවන් දරුවන් කිහිපදෙනෙකු ගැනයි.

දීපක් කුමර් පස්වාන් 
 
මොහු උපන්නේ ඉන්දියාවේ. හැබැයි ඔහුගේ උපත සිදුවන්නේ සාමාන්‍ය දරුවෙකුගේ ස්වභාවයෙන් නම් නොවෙයි. ඔබට ජායාරූපවලින් බලන්න පුළුවන්. ඔහුගේ පපු ප්‍රදේශයෙන් පිටතට පැමිණි කකුල් හා කුඩා අත් දෙකක්. ඒ තමයි නිසි ලෙස වර්ධනය නොවූ දීපක්ගේ නිවුන් සහෝදරයා. සාමාන්‍යයෙන් ඉන්දියාව වගේ රටක මෙවැනි අසාමාන්‍ය දරුවන් දේවත්වයෙන් ඇදහීම සාමාන්‍ය දෙයක්. මිථ්‍යා විශ්වාසයන් බොහෝමයක් පවතින නිසා හුඟක් දෙනා හිතුවේ දීපක් කියන්නේ විශ්ණු දෙවියන්ගේ නැවත උප්පත්තියක් කියලයි. තව අය නම් කියන්නේ දීපක්ගේ ශරීරය තුළ යක්ෂයෙක් ඉන්නවා කියලයි. හැබැයි කවුරු මොන දේ කිව්වත්, දීපක්ට ඕනි වුණේ සාමාන්‍ය දරුවෙක් විදිහට හැසිරෙන්නයි. ඒ සිහිනය සැබෑවක් කරමින් සංකීර්ණ සැත්කමකින් ඔහුගේ අමතර අත් පා ඉවත් කරනු ලබනවා.
 
 
අර්නව් ශර්මා 
 
ඇලබට් අන්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් ගැන ඔබ අහලා ඇති. මේ කියන සුපිරි විද්‍යාඥයින්ට සමවන දරුවෙක් ගැන අහන්න කැමතිද? ඔහු නමින් අර්වන් ශර්මා. මේ ආසාමන්‍ය දක්ෂතා දක්වන දරුවා ඉන්දියාවේ උපත ලැබූ බිත්‍රාන්‍යයේ අධ්‍යාපනය ලබන දරුවෙක්. වයස අවුරුදු 2ක් වෙනකොට එකේ ඉඳන් සියය වෙනකන් ඔහුට ඉලක්කම් ගනින්න පුළුවන් වුණා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒ විතරක් නෙවෙයි, අවුරුදු 11දී ඔහුගේ IQ අගය 162කට වැඩි බව හෙළි වුණා. පූර්ව සුදානමකින් තොරවම ඒ පරීක්ෂණය සඳහා ඔහු පෙනී සිටීමත් විශේෂත්වයක්. කොහොම වුණත්, හැමෝම කියන විදිහට අර්නව් ඉදිරි අනාගතයේදී ලෝ පතල විද්වතෙක් වේවී කියලයි බොහෝ දෙනෙක් අනාවැකි පළකරන්නේ.
 
 
මිලියානා 
 
කොහොමද අපි උපදිනකොටම වයසට යනවා වගේ දැණුනොත්? මිලියානා උපදිනකොට ඇගේ නළල ආසන්නයේ හිසකේ සුදු පැහැයට හුරු වුණා. වෛද්‍යවරුන් නම් කියන්නේ මෙය ජානමය ගැටලුවක් බවයි. මොකද ඇගේ මවට වගේම මිත්තණියටත් මේ දේ ඒ විදිහටම පිහිටලා තියනවා. (ජායාරූපවලින් ඔබට ඒක බලන්න පුළුවන්.)
 
 
ෆූ වෙන්ගූයි 
 
චීන ජාතික දරුවෙක් වන ෆූ උපදිනකොටම ඔහුගේ ගෙල අසාමාන්‍යය දිගකින් යුක්ත වුණා. හරියටම කිව්වොත් ජිරාෆ් කෙනෙකුගේ වගේ. ඒ වගේම ඔහුගේ ගෙලේ කොඳු ඇට 10ක් තියනවලු. මේ නිසාම ඔහුට ඔහුගේ හිස කැරකැවීම අපහසුයි. එයින් දැඩි වේදනාවක් හට ගන්නවා. කෙසේ වෙතත් මේ ආසාමාන්‍ය දරුවාට සමාජගත වීම සහ අනිකුත් දරුවන් අතර ගැවසීම බොහෝ සෙයින් මානසිකව බලපෑවා කියලයි දැනගන්න ලැබෙන්නේ.
 
 
සිනාර් එන්ගින් 
 
උපදිනකොට උපන් ලප ඇතිව ඉපදෙන කතාව ඔබ අපි කවුරුත් අහලා ඇති. ඒත් නිකමට හිතන්න, මේ පුංචි දරුවා සිනාර් උපත ලබද්දි ඔහුගේ නළල මත හදවතක හැඩයක උපන් ලපයක් තිබිලා තියනවා. මේ දේ දකින වෛද්‍යවරු වගේම හෙදියන් පවා පුදුමයට පත් වුණු බවයි සඳහන් වෙන්නේ. දැන් ඔහු ලොකු දරුවෙක්. ඒත් ඒ හදවතේ හැඩය නිසාම ලෝකයේම මිනිසුන්ගේ හදවත් දිනාගන්න සිනාර් සමත්වෙලා තියනවා.
 
 
ඔලී ට්‍රේසයිස් 
 
සැබෑ ජිවිතයේ පිනෝකියෝ විදිහට අඳුන්වන ඔලී ඉපදෙන්නේ තරමක් ඉදිරියට පිම්බුණු නාසයක් සහිතවයි. වෛද්‍යවරු කියන්නේ ඔහුගේ මොළය, නාසය තුළ වර්ධනය වන බවයි. ඒ දේ එහෙම වුණත් ඔලී බොහෝම අපූරු සුරතලෙක් බව ජායාරූප බැලුවම ඔබට පෙනේවී.
 
 
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top