Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසිතූ මොහොතක විදුලි සෝපානයේ සිරවූ වීඩියෝව එළියට - Video

- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසිතූ මොහොතක විදුලි සෝපානයේ සිරවූ වීඩියෝව එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,397 Views
මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සෝපානයේ ඉඳලා..
විනාඩි 15 කට ආසන්න කාලයක් එහි සිරවෙලා...

අද උදෑසන පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණ එහි සෝපානයක විනාඩි 15 කට ආසන්න කාලයක් සිරවී සිටි බව වාර්තාවනවා.

ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

අදාළ සිදුවීමට සම්බන්ද වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එය පහතින්

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ඊයේ සිදුකළ ප්‍රකාශයට, කථානායක කරූ ජයසූරිය පිළිතුරු ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.

ඒ, කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කිරීම හේතුවෙන්.

එම අවස්ථාවේදී විනාඩි 10 කට පාර්ලිමේන්තුව කල් තැබූ කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටයි පියවර ගත්තේ.

කථානායකවරයා සඳහන් කළේ අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව ජ්‍යෙෂ්ඨත්වය සලකා නොබලන බවට ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බවයි.

සෑම විටම ජ්‍යෙෂ්ඨත්වය එකම මිණුම් දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බවද කථානායකවරයා සඳහන් කළා.

එමෙන්ම විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කළ නම් 12 ක් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළද එහිදී සිදුවූයේ අවශ්‍යතාව පරිදි ඇබෑර්තු සපුරාලීම බවයි කථානායකවරයා සඳහන් කළේ.

එමෙන්ම මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේද ඇතැම් කරුණු නිවැරදි විය යුතු බවද කථානායකවරයා මෙහිදී කියා සිටියා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top