Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
6 දෙනෙකු නොඑන ගමන් ගිය වෙන්නපුවේ මාරක අනතුරට හේතුව හෙළිවෙයි - අනතුර සිදුවූ අවස්ථාවේ වීඩියෝව මෙන්න - Video & Photos

- 6 දෙනෙකු නොඑන ගමන් ගිය වෙන්නපුවේ මාරක අනතුරට හේතුව හෙළිවෙයි - අනතුර සිදුවූ අවස්ථාවේ වීඩියෝව මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60,702 Views
මෝටර් රථයේ හිමිකරු වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක්
විදෙස්  රටක නිෂ්පාදිත පිස්තෝලයකුත් මෝටර් රථයේ
 
වෙන්නප්පුව නයිනමඩම පාලම අසලදී අද අළුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලැබුවා.

ඔවුන් සියළු දෙනා අනතුරට ලක් වූ මෝටර් රථයේ ගමන්කළ පුද්ගලයින් වීම විශේෂත්වයක්.

මේ අතර එම මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිසියට හමු වී තිබෙනවා.

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ නයිනමඩම පාලම අසලදී  අද අළුයම 3.15 ට මෙම අනතුර සිදු වුණේ හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනය වෙමින් තිබූ මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස ගැටීමෙන්.

මෝටර් රථයේ පැමිණ ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගලෝත්සවයකට සහභාගී වී ආපසු නිවෙස් බලා පැමි‍ණෙමින් සිටි පිරිසක්.

හිමිකරු විසින් පැදවූ මෝටර් රථය තුල අනතුර සිදු වන අවස්ථාවේ තවත්  පුද්ගලයින් ‍ 8 දෙනෙකු සිට ඇති අතර අනතුරින් ඔවුන් සියළු දෙනා තුවාල ලැබුවා.

මෝටර් රථයේ ගැටුණු පසු ලොරි රථය මාර්ගයේ ඉවතට පැන පාලමේ ආරක්ෂක බැම්මේ ගැටී නතර වී තිබෙනවා.

අනතුරට ලක්වූවන් මාරවිල මූලික රෝහලට ඇතුලත් කරන විටත් පුද්ගලයින් සිව්දෙනෙක් මිය ගොස් තිබුණා.

බරපතල තත්ත්වයේ පසු වූවන් පසුව මීගමුව මහ රෝහලට මාරු කර යැවුණු අතර එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියා.

මෙලෙස මියගියේ වෙන්නප්පුවේ පදිංචිකරුවන් වන මනෝජ් අනුරුද්ධ, ජනිත රුෂාන් පීරිස්, බණ්ඩාර වික්‍රමසිංහ, සංජීව ප්‍රනාන්දු සහ ප්‍රදීප් චන්දනයි.

වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක් වන ප්‍රදීප් චන්දන මෝටර් රථයේ හිමිකරු වන අතර අනතුරට ලක්වන අවස්ථාවේ රථය පදවා ඇත්තේ ද ඔහුයි.

වෙන්නප්පුව කොලින් ජාඩිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මනෝජ් අනුරුද්ධ ධීවර කාර්මිකයෙක්.

26 හැවිරිද ජනිත රුෂාන් පීරිස් රැකියාවිරහිත තරුණයෙක් වන අතර 34 හැවිරිදි බණ්ඩාර වික්‍රමසිංහ වෙන්නප්පුව නගරයේ ආපනශාලාවක සහයකයෙක් ලෙස සේවය කර තිබෙනවා.

සුරංග සංජීව නිවාස අලුත්වැඩියා කරන්නෙක් ලෙස සේවය කරන අතර ඔහු 34 හැවිරිදි වියේ පසු වුණා.

ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ පදිංචි රෝහණ සෙනෙවිරත්න ද  සිද්ධියෙන් මියගියා.

ඔහු නාවික හමුදා නිලධාරියෙක්.

මීගමුව මහ රෝහලට ඇතුලත් කෙරුණු පුද්ගලයින් අතුරින් බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

තවත් පුද්ගලයින් දෙදෙනෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිසිය පැවසුවේ අනතුර සිදුව ඇති ආකාරය නිරීක්ෂණය කිරීමේදී මෝටර් රථය පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයකින් පැමිණ ඇති බවයි.

මේ  අතර මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුල තිබී විදෙස්  රටක නිෂ්පාදිත පිස්තෝලයක් පොලිසියට හමු වී තිබෙනවා.

එය මොටර් රථයේ පිටුපස දොරක් අසල සඟවා තිබියදී හමු ව ඇති අතර ගිනි අවියක් ලඟ තබ ගැනීමට හේතුව සහ එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු වනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top