එලිසබෙත් මහ රැජින කියන්නේ කවුරුත් දන්න කෙනෙක්. මේ වන විට වයස අවුරුදු 92ක් වුවත් ඇගේ පෙනුම තවමත් සුන්දරයි. ඒ වගේම ඇය නිරෝගී කාන්තාවක් ලෙස සැලකෙනවා. එම නිරෝගී බවේත් සුන්දරත්වයේත් රහස ලෙස සැලකෙන්නේ ඇය ඇගේ ආහාර රටාව කෙරෙහි දක්වන දැඩි සැලකිල්ලයි.
ඇය කිසි දිනක ආහාරයට නොගන්නා ආහාර වර්ගත් තිබෙන අතර ඇගේ ආහාරපාන පිළියෙල වන්නේ වෛද්‍ය සහ පෝෂණ උපදෙස් මතයි. මේ සටහන රාජකීය සූපවේදී Darren McGradyගේ හෙළිකිරීම් අනුව සැකසුණු එලිසබෙත් මහා රැජිනගේ නිරෝගී බවටත් සුන්දරත්වයටත් ඉවහල් වූ ආහාර රහස් පිළිබඳවයි.
පැස්ටා
මහ රැජින කිසි විටෙක පැස්ටා ආහාරයට නොගන්නා අතර ඒ වෙනුවට ඇය තෝරා ගන්නේ සලාදයක් හෝ ග්‍රිල් කරන ලද මාළු, කුකුළු මස් සමඟ එළවළු වර්ග දෙකක් වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාරයි.
අර්තාපල්
අර්තාපල්වල පිෂ්ටය වැඩිපුර අඩංගු නිසා මහ රැජින අර්තාපල් ආහාරයට නොගනී.
බිත්තර
මහ රැජින සුදු බිත්තර ආහාරයට ගැනීමෙන් වැළකී සිටින අතර ඇය අනුභව කරන්නේ රතු බිත්තරය. එලෙස රතු බිත්තර, හතු සහ සැමන් යොදා සකසන එග් ස්ක්‍රැම්බල් (Egg Scrambled) ඇයගේ ප්‍රියතම ආහාරයකි. මහ රැජින සිය සූපවේදීන්ට විශේෂයෙන් උපදෙස් ලබාදී ඇත්තේ ඇයට රතු බිත්තර පමණක් ලබාදෙන ලෙසයි. රතු බිත්තර සුදු බිත්තරවලට වඩා රසයෙන් වැඩි බව ඇයගේ විශ්වාසයයි.
ලූනු සහ සුදු ලූනු
මහ රැජින ලූනු සහ සුදු ලූනු යෙදූ ආහාර වැඩිපුර ගැනීමෙන් වැළකී සිටිනවා. ඊට හේතුව ඇය ඒවාට එතරම් කැමැත්තක් නොදැක්වීමයි. එමෙන්ම ලූනු සහ සුදුලූනුවලින් නික්මෙන සැර ගන්ධයටද මහ රැජින අකමැති බව පැවසෙනවා.
පාන් වාටි
මහ රැජින පාන්වලින් සැකසු සැන්ඩ්විච් වර්ග ආහාරයට ගැනීමට දැඩි රුචිකත්වයක් දක්වනවා. ටූනා, මයෝනීස්, ගම්මිරිස් සහ බටර් යෙදූ සැන්ඩ්විච්වලට ඇය එතරම් ප්‍රිය වුවත්, ඒවා සකසන විට පාන් වාටි සියල්ල කපා ඉවත් කිරීමට සූපවේදීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ඇය පාන් පාටිවලට අකමැති නිසාය.
පලතුරු
මහ රැජින යම් පලතුරක් ආහාරයට ගන්නේ ඒවා හට ගන්නා නියමිත වාරයේදී පමණයි. ඇගේ අදහස වන්නේ අවාරයේදී හට ගන්නා පලතුරු හටගෙන ඇත්තේ ස්වභාවික ක්‍රමයට නොවන බවයි. ඒවා ජානමය වශයෙන් වෙනස් කරන ලද පලතුරු බවද ඇගේ මතයයි. එම නිසා ඇය අවාරයේදී පලතුරු ආහාරයට ගන්නේ නැහැ.
කෙසෙල්
මහ රැජිනගේ කෙසෙල් ආහාරයට ගැනීමත් වෙනස් වූ ක්‍රමයක්. ඇය කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්නේ පිහිය සහ ගෑරුප්පුව භාවිත කරමින් කෙසෙල් ගෙඩියේ උඩ කොටස කපා ඉවත් කිරීමෙනි. ඉන්පසුව පොත්ත තීරු වශයෙන් කපා ඉවත් කර ඊළඟට පිහිය ආධාරයෙන් කෙසෙල් ගෙඩිය පෙතිවලට කපා ගෑරුප්පුවෙන් ආහාරයට ගැනීම රැජිනගේ ක්‍රමයයි. කෙසෙල් ගෙඩිය පිටින් ආහාරයට ගැනීම එතරම් ප්‍රසන්න දසුනක් නොවන බව මහ රැජිනගේ විශ්වාසයයි.
තේ