Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
"ඉන්ටවල් එකට කන්න එක දවසක්වත් බත් එකක් බැඳගෙන ගිහින් කාලා නැහැ, ළමයි කද්දි, මම නැගිටලා යනවා.." - සුසන්තිකා ජයසිංහ

- "ඉන්ටවල් එකට කන්න එක දවසක්වත් බත් එකක් බැඳගෙන ගිහින් කාලා නැහැ, ළමයි කද්දි, මම නැගිටලා යනවා.." - සුසන්තිකා ජයසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54 Views

" එක කාමරයකුයි, කණු හතරකින් වටකරපු පොඩි කුස්සි කෑල්ලකුයි තිබුණේ.."

"මම ඒ පිළිණු බත් කෑවා කියලා කවදාවත් අහේණියක් වුණේ නැහැ..."

'ආසියාවේ කළුවෙළඹ' යන අන්වර්ථ නාමය පටබැඳී ඇති සුසන්තිකා ජයසිංහ යනු කවුරුන්දැයි කීමට අලුත් නිර්වචන අවශ්‍ය නොමැත. 2000 වසර සුසන්තිකා ගැන ලොවම කථාකළ වසරයි. ඔස්ට්‍රේලියාවේ පැවති 'සිඩ්නි ඔලිම්පික්' ක්‍රීඩා උළෙලේදී ඇය මීටර 200 ඉසව්වෙන් රීදී පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය. ඇය එම පදක්කම දිනාගැනීමත් සමග ඔලිම්පික් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබූ එකම ගෞරවය වූ ඩන්කට් වයිට් 1948 වසරේදී දිනා තිබූ රිදී පදක්කමටත් (මී. 400 කඩුලු පැනීම) නොලැබුණු ගෞරවයක් අත්පත් කරගැනීමට සුසන්තිකාට හැකිවිය.


සුසන්තිකා ජයසිංහ වැනි තවත් සිය දහස් ගණනක් දක්‍ෂයන් ශ්‍රී ලංකාවට බිහි කරගැනීමේ අරමුණින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඇයව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක ලෙස මේ වනවිට පත්කර තිබේ. ඇගේ සියලු අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් අමාත්‍යවරයාගේ ඊළඟ පියවර වන්නේ තව තවත් සුසන්තිකා ජයසිංහලා රටට බිහි කරගැනීමයි.

මේ හේතු නිසාම ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවූයේ සුසන්තිකා ජයසිංහ මහත්මියයි. මෙරට ක්‍රීඩා උළෙලක් සඳහා දේශපාලන නොවන අයෙකු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවූ පළමු අවස්ථාව මෙය වන අතර, එම අවස්ථාව ලබාගනිමින් ඇය පවසා සිටියේ, තමන් ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කර ගෙවී ගිය වසර 18ක කාලසීමාව තුළ එතෙක් මෙතෙක් උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවා තමන්ට ලබාදුන් ඉහළම ගෞරවය මෙය බවයි.

මෙහිදී ඇය ක්‍රීඩාවෙන් තමන් ඉදිරියට ආ ගමන් මාර්ගය රැස්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ආවර්ජනය කර සිටියාය.

"මගේ පුංචි කාලයේ මගෙ පවුලේ හිටියේ අක්කලා තුන්දෙනයි, අයියයි, අම්මයි, තාත්තයි. මගේ අම්මා රබර් කිරි කැපුවේ. මම එක වසරේ ඉඳන් හතර වසරට යනකම් ඉස්කෝලෙ ගියේ උඩුවක කනිෂ්ඨ විද්‍යාලයට. මම පාසල් යද්දි මට විෂයන් අටට පොත් අටක් තිබුණේ නැහැ, කවදාවත් මට අංග සම්පූර්ණ පාසල් නිල ඇඳුමක් අඳින්න තිබුණේ නැහැ.

අපේ ගේ පොල්අතුවලින් සෙවිලි කරලා තිබුණේ. මුලු ගෙදරටම එක කාමරයකුයි, කණු හතරකින් වටකරපු පොඩි කුස්සි කෑල්ලකුයි තිබුණේ. ධාරාණිපාත වැහි කාලයට අපේ වහලෙන් වතුර වැටිලා සමහර වෙලාවට මම අඬනවා මගේ පැදුර තෙමිලා කියලා. ඒ වේලාවට මගේ අම්මා මොනවහරි කියලා මගේ හිත හදනවා.

අපේ ගෙදර රෑට කන්න ගෙන්නෙ එක පාන් රාත්තලයි. ඒ රාත්තලත් හතට කපලා අපි කෑවේ. පාන් රාත්තල හතට කැපුවත් මගේ අම්ම මට අවුරුදු පහක් යනකම් මව්කිරි දුන්නා. දෙයියන්ගේ පිහිටෙන් ඒ මව්කිරිවල ශක්තියෙන් අදටත් මට හෙම්බිරිස්සාවක්වත් හැදිලා නැහැ"

"ක්‍රීඩාවට තිබුණ දක්‍ෂතා නිසා මට 04 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා වරකාපොළ, ඇත්නාවල මහා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. ඒත් ඉන්ටවල්එකට කන්න එක දවසක්වත් බත් එකක් බැඳගෙන ගිහින් කාලා නැහැ. මට හරි දුකයි ළමයි ඉන්ටවල් එකට බත් කද්දී. ඒ වෙලාවට හෙමින් සැරේ මම නැගිටලා යනවා.

අපේ අම්මා සමහර දවස්වලට රෑට උයපු බත් ඉතුරුවෙලා තිබුණොත් දවල්ට කන්න කියලා මට බැඳලා දෙනවා. ඒත් වට්ටක්කා, බණ්ඩක්කා වගේ තිබුණ දවසට බත්එක පිළුණු වෙනවා. කෑම එක මාරුකරගෙන කනකොට ළමයි කියනවා, සුසන්තිකාගේ කෑම එක පිළුණු වෙලා අමුතු ගඳක් එනවා කියනවා. ඒ වෙලාවට මම කියන්නේ අපේ අම්මා පාන්දරින් නැගිටලානේ උයන්නේ...., ඒ නිසා වෙන්න ඇති කියලා. මම ඒ පිළිණු බත් කෑවා කියලා කවදාවත් අහේණියක් වුණේ නැහැ. ඔලිම්පික් පදක්කම්, ලෝක පදක්කම් දිනන්න මට ශක්තිය ලැබුණා.

මගේ ජීවිතේ අංග සම්පූර්ණ නිල ඇඳුමක් අඳින්න ලැබිලා නැහැ. කවම කවදාවත් මට ටයි එකක් බැඳලා ඉස්කෝලේ යන්න වාසනාවක් ලැබුණේ නැහැ. ඒවා මතක් වෙනකොට මට හරි දුකයි. නමුත් සන්තෝසයි මම අද ඉන්න තැන බලපුවාම. සියලු අභියෝග යටපත් කරගෙන මට ඔලිම්පික් පදක්කමක් දිනලා රටට ගෞරවයක් රැගෙන එන්න අවස්ථාව ලැබුණා.
මේ අවුරුද්දෙ සැප්තැම්බර් 28 වැනිදා වෙනකොට මම ඔලිම්පික් පදක්කම දිනලා අවුරුදු 18ක් වුණා. නමුත් ඔලිම්පික් පදක්කම දිනූවට පස්සේ මට මගේ රටෙන් ලැබුණු ඉහළම පිළිගැනීම හා වටිනාම ත්‍යාගය මෙයයි (ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවීම).

ක්‍රීඩාව දේශපාලනීයකරණයවීම තුළ රට ලෝකෙට ගෙනගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහුගිය කාලයේ නැත්තටම නැතිවෙලා ගියා. ලෝකෙට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමහර වෙලාවට අද ක්‍රීඩාවෙන් ඈත්වෙලා. මගේ ගම වරකාපොළ, උඩුවක. ක්‍රිකට් ක්‍රීඩාව හා සමහර ක්‍රීඩා කිහිපයක් ඇරෙන්න ගමේ ඉන්න නැති බැරි නමුත් ධෛර්යවන්ත අයට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් ක්‍රීඩාවක් මලල ක්‍රීඩාව කියන්නේ. නමුත් සමහර වෙලාවට දෙමාපියෝ හිතනවා ඇයි තමන්ගෙ ළමයි මලල ක්‍රීඩාවට යොමුකරන්නේ කියලා. ඒ නිසා අපි මලල ක්‍රීඩාවට නිවැරදි තැන ලබාදෙන්න ඕන.

මගේ ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඩර්වින් පෙරේරා සර්. අද ඔහු මෙලොවන් සමුඅරගෙන ගිහිල්ලා. නමුත් සුසන්තිකා කොයි වගේද, කෑවේ කොහොමද, සුන්තිකාගේ කට මෙච්චර සැර ඇයි, මේ තරම් දඟකාරකම් තියෙනවද, මොනවගේ කාලසටහන්ද ඇයට දුන්නේ. ඩර්වින් සර්ගේ දැනුමෙන් එවැනි අවබෝධයක්වත් පුහුණුකරුවන්ට ලබාදෙන්න ඒ කාලයේ හිටපු අය කටයුතු කළේ නැහැ. එවැනි අඩුපාඩු නිසා තමයි ක්‍රීඩාවේ කඩාවැටීම සිදුවෙන්නේ. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න ඕන කියලා.

මම දැන් ක්‍රීඩාවෙන් සමුගෙන වසර දහයකට වැඩියි. මට හොඳට ඇස් පේන වෙලාවේ, කන් ඇහෙන වෙලාවේ, අතපය දිග ඇරලා කම්මැලි නැතිව වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්නේ. ක්‍රීඩාවට නිවැරදි වෙලාවේ නිවැරදි වටිනාකමක් නොලැබීම තුළ පාසල් ක්‍රීඩාව පවා පසුගිය කාලයේ වැටෙන්න ගිය අවස්ථා තිබුණා. සමහර වෙලාවට ක්‍රීඩාව ගැන මම දන්නේ මොනවද කියලා මගෙන් අහන සමහර බලවතුන් හිටියා. ඒ සියල්ල කොහොම වුණත්, මට ක්‍රීඩාවේ තිබෙන දැනුම, අත්දැකීම් හා අවබෝධය එක්ක මේ ලැබුණ තනතුර උපයෝගී කරගෙන ක්‍රීඩාව දියුණු කරන්න කටයුතු කරනවා"

සංජීව ධර්මසේන



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top