Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
හෙදියක් වෙන්න ඉගෙනගත්ත සඳුනි බලපත්‍රලාභී කොන්දොස්තරවරියක් වූ කතාව

- හෙදියක් වෙන්න ඉගෙනගත්ත සඳුනි බලපත්‍රලාභී කොන්දොස්තරවරියක් වූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,692 Views
‘‘මේක රස්සාවකට වඩා සේවයක් විදිහටයි මට හිතෙන්නේ...‘‘ 
 
‘‘මේ හැම සතයක්ම මම ඉතිරි කරනවා.‘‘ 
 
බස් කොන්දොස්තරවරියන් ගැන අප අසා තිබුණේ ලංගමයේ ස්වර්ණමය යුගයේදීය. එදා ලංගම බස්වල කොන්දොස්තරවරියන් ගමන් කළ බවට සිටි අය සඳහන් කළද වර්තමානයේ කොන්දොස්තර වෘත්තියේ කාන්තාවක් නියැලෙන බවක් අප දැක හෝ අසා තිබුණේ නැත. එහෙත් පසුගිය දිනෙක ගම්පහ කිරිඳිවිට හන්දියේ අප සිටින විට හදිසියේ දුටු දසුනකින් අප පුදුමයට පත් වුයේ එහෙයිනි. පැරැණි පන්නයේ ටාටා බස් රථයක පාපුවරුවේ අතරින් මතු වුයේ කාන්තා රුවකි. කොන්දොස්තර නිල ඇඳුමින් සැරසි සිටි ඇය ලාබාල තරුණියකි.

ඇය මගීන් අතර සිටිමින් අතිශය කාරුණික අයුරින් මගීන් වෙත සිය සේවය සලසමින් සිටියාය. තොරතුරු සොයා බැලු අපට දැන ගන්නට ලැබුණේ ඇය ගම්පහ සිට අස්ගිරිවල්පොල හරහා මිනුවන්ගොඩ බලා ධාවනය කෙරෙන 270/1 බස් රථයේ සේවය කරන බව සහ ඇය සේවය කරන්නේ තමන්ගේ පියාට අයත් බස් රථයක බවය. 
 
ඇය නමින් සඳුනි මධුවන්ති වන අතර උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා රජයේ නොවන හෙද විදුහලකින් අධ්‍යාපනය ලබා හමුදා රෝහලේද පුහුණුව ලැබු ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක හෙදියක ලෙසද සේවය කර තිබේ. එම රැකියාව අතැර බස් රස්සාව තෝරා ගත්තාය. 
 
අනෙක් කොන්දොස්තරවරු මෙන් නොව සඳුනි සියලු ගනුදෙනු සිදු කරනු ලබන්නේ පිළිවෙළකටය. සියලු ආදායම් පොතක සටහන් කර රියැදුරු මහතා වෙත බාර දීම ඇයගේ පිළිවෙලය. අප සමග කතා කිරීමට ඇය මේ සියලු කටයුතු අකුරට නිම කළ අතර අප සමග කතාවට එක් වු‍්යේ ඉන් පසුවය. 
 
“ කොහොමද රස්සාව .? අප විමසුවෙමු 
 
මොහොතක් නිහඩව සිටි අපට පිළිතුරු දීම ආරම්භ කළාය. 
 
“ගොඩක සතුටින් මම මේ රස්සාව කරනවා. ඇත්තෙන්ම මේක රස්සාවකට වඩා සේවයක් විදිහටයි මට හිතෙන්නේ. බස් එකේ යන නැන්දල මාමල වගේම නංගිලා මල්ලිලත් මාත් එක්ක ආදරෙන් සහයෝගයෙන් වැඩ කරනවා..ඇත්තෙන්ම පුදුමත් හිතෙනවා වෙලාවකට බස් එකේ යන කාගෙ හරි ගෙදරක උත්සවයක් තිබුණොත් දාන ගෙයක් තිබුණොත් අපේ පංගුව අනිවාර්යෙන්ම ලැබෙනවා..කලින් දවසෙම ඒ අය කියනවා හෙට දවල්ට කෑම ගේන්න එපා කියලා. ඒ විදිහෙ සහයෝගයක් අපි අතර තියෙනවා.“ 
 
හෙදියක් වෙන්න පෙරුම් පිරූ සඳුනි කොන්දොස්තර වෘත්තිය තෝරා ගත්තේ ඇයි ද යන්න අප විමසූ කල ඇයගෙන් ලැබුණේ මෙවැනි ප්‍රතිචාරයකි.
 
 “හෙදියක් විදිහට ගමනක් යන්න තමයි මම බලාපොරොත්තු වුණේ. ඒත් හෙදියක් විදිහට සාර්ථක ආදායමක් නැහැ කියලා මට තේරුණා..නිවාඩුවක් නැහැ පඩියකුත් නැහැ . දුවේ ඔය වැඩෙන් වැඩක් නැහැ ගෙදර නැවතිලා බස් එකක වැඩ කරන්න කියල තාත්තා කිව්ව මම ටික දවසක් කල්පනා කර තීරණය කළා බස් එකක වැඩ කරනවා කියලා . අද වෙද්දි මට දවසකට තාත්තා රුපියල් එක්දහස් පන්සියයක පඩියක් ලැබෙනවා මේ හැම සතයක්ම මම ඉතිරි කරනවා. 
 
ඇයට තමා ලැබු හෙද පුහුණුව වැදගත් වු අවස්ථාද තිබේ. එක් දිනක යතුරු පැදියක් බස් රථයේ ගැටී මාරක යතුරුපැදිකරුවන් බරපතළ තුවාල ලැබු අතර ඔවුන් රෝහල්ගත කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය. එහිදී මුලික ප්‍රතිකාර ලබා දුන් සඳුනී ත්‍රිරෝද රථයකින් රෝගින් රෝහලට ගෙන යාමටද මැදහත් වුවාය. හෙද පුහුණුව නිසා ඇයට මේ අවස්ථාවේ ජීවිත දෙකක් ගලවා ගැනීමට හැකියාව ලැබුණු අතර ඒ ගැන ඇය අදත් කතා කරන්නේ ආත්මාභිමානයෙනි. 
 
ගම්පහ බස් නැවතුම්පොළේදී සඳුනි සමග කතා කළ අප එදිනම රාත්‍රියේ සඳුනිගේ නිවෙස බලා ගියේ ඇයගේ පියාණන්වන ජේ ඒ සුනිල් ජයසිංහ මහතා හමු වීමටය. සඳුනිට කොන්දොස්තරවරියක් ලෙස සේවය කිරීමට අවශ්‍ය මුලික සුදුසුකම් සපයා දී ඇත්තේ සුනිල් මහතාය. 
 
“දුවට මම කිව්ව මොකටද අනුන්ගෙ තැන්වල වැඩ කරන්නේ තමන්ගේ බස් එකක වැඩ කරල පඩියක් ගන්න කියලා..මේ විදිහට වැඩ කරන්න ගියාම විවිධ තැන්වලින් බාධා ආවා සමහරු හිනා වුණා ..මේ හැම බාධාවක්ම මැඩගෙන යන්න අවශ්‍ය නීතිමය පිළිවෙත මම දුවට හදල දුන්න. මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියට කියලා කොන්දොස්තර බලපත්‍රයක් හදා දුන්නා. මගෙ දුව තමයි බලපත්‍රයක් තියෙන එකම කොන්දොස්තරවරිය ඒ ගැන මම සතුටු වෙනවා. අද දුවට ඕනෑම බස් රථයක සේවය කරන්න පුළුවන් පුහුණුවක් පලපුරුද්දක් තියෙනවා. 
 
සුනිල් ජයසිංහ මහතාගෙන් පසු අප සමග කතාබහට එකතු වුයේ සඳුනිගේ මව වන වරුණි ශ්‍යමලී අබේසිංහ මහත්මියයි. 
 
“ දුව මේ රස්සාව කරනවට මම අකැමැති නැහැ ඒත් මුලින් සමහරු ටිකක් වෙනස් ඇහැකින් බැලුව . සියල්ල දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා ඒත් මම අම්මා කෙනෙක් විදිහට කැමැතියි මීට වඩා හොඳ රැකියාවකට යනවා නම්.“ 
 
මව සමග කතා කරමින් සිටියදී දියණිය සඳුනි ද පැමිණි අතර ඇය තමන්ගේ යටි හිතේ තිබු අපේක්ෂාවක් පිළිබඳව අප සමග කීමට උත්සුක විය. 
 
මට මේ රස්සාවෙන් හොඳ ආදායමක් වගේම වැදගත් සමාජ ඇසුරක්ද ලැබෙනවා..ඒත් මම ආසයි හෙදියක් විදිහට ලෙඩ්ඩුන්ට සලකන්න .. මට හොඳ පුද්ගලික රෝහලකින් හෙද සේවයට අවස්ථාවක් ලැබුණොත් ඒ සේවය මම තෝරා ගන්නවා. 
 
සඳුනි සමග සේවය කරන රියැදුරු මහතාද ඇයටම ගැලපෙන පන්නයේ නිහඬ චරිතයකි..ඔහු නමින් තුෂාර අධිකාරී මහතාය. ඔහු මෙයට පෙර බස් රථ කිහිපයක සේවය කර ඇත ඔහු කියන ආකාරයට තමාට හමුවු වඩාත් දක්ෂ අවංක සහ කාර්යක්ෂම ගෝලයා සඳුනි මධුවන්තිය. 
 
“දුවත් එක්ක රස්සාව කරන්න පහසුයි. ඇය ගොඩක් දක්ෂ දරුවෙක් බස් එකේ කලෙක්ෂන් එක සතයට එකතු කර ගණන් හදල මට බාර දෙනවා.. ඇත්තෙන්ම මට හම්බ වෙච්ච හොඳම ගෝලය සඳුනි දුව. 
 
පොදු ප්‍රවාහන පහසුකම් ඉතාමත් අඩු කටුගස්තර , අස්ගිරිවල්පොල , කලවාන වැනි ප්‍රදේශ හරහා ගමන් කරන 270/1 ගම්පහ මිනුවන්ගොඩ බස් රථය නිසා මගීන් විශාල පහසුවක් ලබති එහෙත් සඳුනි මෙන්ම ඇය වැනි දහස් ගණන් කාන්තාවන් මුහුණ දෙන තවත් ප්‍රබල ගැටලුවක් තිබේ එනම් හදිසි ශරිරික අවශ්‍යතාවක් සපුරා ගැනීමට සුදුසු වැසිකිලි සහ කිසිකිලි පහසුකම් කිසිවක් නොමැති වීමය. 
 
සියල්ල සතුටින් සහ සැහැල්ලුවෙන් කරන සඳුන්ට ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේ මෙවැනි මොහොතකදීය. ඇය මේ තත්ත්වය ගැන අපට සඳහන් කළේ මාධ්‍ය හරහා හෝ තම ගැටලුව විසඳා ගැනීමේ අරමුණෙන් විය යුතුය. සඳුනි මධුවන්ති කොන්දොස්තර මෙනවිය ගැන බස් රථයේ ගමන් කරන මගීන්ට ඇත්තේ ඉතාමත් ආදරණීය හැඟිමකි.අප සමග බස් රථයේදීම කතා බහට ඔවුන් එක් වුයේ අනාරාධිතවමය. 
 
“මේ දුව වීරයෙක් දිරිය දියණියක් කිව්වොත් ඒක හරි..වෙන ළමයි රස්සා නෑ කියල බැණ බැණ ඉන්නවා ඒත් මේ දරුවා එහෙම නොවෙයි තමන් ආදායමක් ලබන අතර ගමටත් සේවයක් කරනවා.. ඉස්සර අපිට දවසකට ත්‍රීවිල්වලට රුපියල් දෙසීයක් තුන්සීයක් වියදම් වෙනවා දැන් අපිට කාරුණික සේවයක් සමග ලාභදායි ප්‍රවාහනයකුත් සලසා ගන්නවා.
 
සඳුනි ගැන පළමු චරිත සහතිකය ලබා දුන්නේ ගම්පහ ප්‍රධාන බාලිකා විදුහලක ආචාර්යවරියක වන ජයතිලක මහත්මියයි. සුනිත්‍රා මහත්මියද බස් රථයේ නිතර යන එන මගියෙකි.ඇයද සඳුනි ගැන විශාල ඇගැයීමකට ලක්කරයි. 
 
මේ දුව අපිට දුවෙක් සහෝදරියක් වගේ ඉස්කෝලෙ දරුවන්ටත් ලොකු ආරක්ෂාවක් දෙනවා..ඇත්තෙන්ම මට හිතෙනවා බස්වලට වැඩි වැඩියෙන් කොන්දොස්තර නොනල හිටියනම් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා. සඳුනි ඉතාමත් ආදර්ශවත් විදිහට තමන්ගේ සේවය ඉටු කරනවා. 
 
ශ්‍රීලංකාවේ වලංගු බලපත්‍රයක් සහ පුහුණුවක් ලද එකම කොන්දොස්තර මෙනවිය වන සඳුනි මධුවන්ති. සපයන ආදර්ශය අගනේය. ආදර්ශවත්ය. ඇයගේ තාරුණ්‍යය තවත් සවිමත් කළ හැකිය. ඒ සඳහා වගකීම සහ සවිය ඇත්තේ බලධාරීන්ටය. 
 
උදිත ගුණවර්ධන 
ඡායාරූප මන්ත වීරසිරි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top