Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
11
තාත්තා දාලා ගියාට පස්සේ අම්මා රෑ දවල් නොබලා වැඩ කළා.." - පියාගේ රැකවරණය නැතිව ඉතාම දුක්ඛිත ළමා කාලයක් ගෙවූ දැරිය අහම්බෙන් සුපිරි ගායිකාවක් වූ හැටි

- තාත්තා දාලා ගියාට පස්සේ අම්මා රෑ දවල් නොබලා වැඩ කළා.." - පියාගේ රැකවරණය නැතිව ඉතාම දුක්ඛිත ළමා කාලයක් ගෙවූ දැරිය අහම්බෙන් සුපිරි ගායිකාවක් වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
"ගීත ඇල්බමයේ පිටපත් මිලියන ගණනක් අලෙවි කරමින් ලෝක වාර්තාවක් තිබ්බා.."

"අම්මා නිතරම කිව්වේ එක දෙයකට ඇලෙන්න එපා කියලයි.."

ජීවිතය හරියට සප්ත ස්වරය වගේ. මන්ද්‍ර ස්වර, මධ්‍ය ස්වර, උච්ච ස්වර අතරේ දෝලනය වන පද රටා ඔස්සේ මනරම් ගීත නිර්මාණ බිහි වෙනවා. ජීවිතයේත් උස් පහත් වීම් මැද්දෙන් ලියැවෙන අත්දැකීම් ඔස්සේ ලස්සන කතා ලියැවෙනවා. සැප, දුක සමබර කරගෙන ජීවන පද මාලාව ලියූ ඇය බරසාර හඩින් ලොව පුර දෙසවන් පිනවූ ජනප්‍රිය ගායිකා අඩෙල්.

1988 වසරේ මැයි පස්වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ටොටැන්හැම් ප්‍රදේශයේදී අඩෙල් ලෝරි බ්ලූ ඇඩ්කින්ස් (Adele Laurie Blue ) උපත ලබනවා. අඩෙල් බිහි වෙද්දී ඇයගේ මව පෙනී ඇඩ්කින්ස්ට වයස අවුරුදු 18යි. අඩෙල් ඉතා කුඩා කාලයේදී පියා පවුලෙන් වෙන්ව යන්නේ මවගේ රැකවරණය පමණක් අෑට ඉතිරි කරමින්. තරුණ මවක වුණු පෙනීට ආර්ථික වශයෙන් බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණත් තම දියණියගේ දියුණුවට දිවා රෑ නොබලා වෙහෙසුණේ අෑට ජීවිතය දිනන්න හැකි බව දැනුණු නිසායි.
අඩෙල්ට මවගෙන් නිතරම ලැබුණු ඔවදනක් තිබුණා. ඒ තමයි "එක දෙයකට ඇලෙන්න එපා, හැම දෙයක්ම ගවේෂණය කරන්න "කියන ඔවදන. ඒ නිසා අඩෙල් ගවේෂණශීලී දැරියක් විදිහට වැඩුණා. ඒ ගවේෂණය ඔස්සේ තමයි අඩෙල්ට තමන් පොතපතට වඩා සංගීතයට වඩාත් දක්ෂ බව අවබෝධ වන්නේ.

පාසල් කාලයේදීම අඩෙල් අත්හදා බැලීමක් විදිහට ගීත තුනක් නිර්මාණය කරලා ඒ දවස්වල ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වුණු Myspace එකට Upload කරනවා. මිතුරු මිතුරියන්ගෙන් ලැබෙන අනිවාර්ය ප්‍රශංසා ප්‍රතිචාර ඇරුණාම විශේෂ යමක් ඇයට පෙරළා ලැබෙන්නේ නෑ. අඩෙල්ටත් ඒ ගැන එහෙම්මම අමතක වෙලා යනවා.

අවුරුදු දෙකකට පස්සේ XL recordings ආයතන ප්‍රධානීන් විසින් Myspace අඩවිය පීරද්දී අහම්බෙන් මේ ගීත තුන ලැබෙනවා. යමක් කළ හැකි හඬක් කියන දේ තේරුම් යන XL ආයතනයේ ප්‍රධානීන් අඩෙල්ව සම්බන්ධ කරගෙන 2006 වසරේ නොවැම්බර් මාසයේදී ඇය සමඟ එක්ව ගීත නිෂ්පාදනය කරන්න එකඟතා ගිවිසුමකට එළැඹෙනවා.

අඩෙල්ගේ පළමුවැනි ගීත ඇල්බමය 19. ඇය ඇල්බමය පටිගත කරද්දී වයස තමයි නමට යොදන්නේ. විචාරක පැසසුම් රාශියක් ලැබෙන 19 ඇල්බමය ඔස්සේ බ්‍රිතාන්‍යය අඩෙල්ට ඇමෙරිකාවට පය තියන්නත් අවස්ථාව ලැබෙනවා.

බරසාර ස්වරයකින් හද අමතන හඬ ගැන ලෝක අවධානය යොමු වෙන්නේ ඇගේ දෙවැනි ඇල්බමය 21 සමඟයි. අඩෙල්ගේ පෞද්ගලික අත්දැකීම් ඔස්සේ නිර්මාණය වුණු 21 ගීත ඇල්බමය 2011 සහ 2012 වසරවල ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුණු ගීත ඇල්බමය විදිහට අභිෂේක ලැබුවා. එහි අඩංගු Rolling in The Deep, Someone Like You සහ Set Fire to the Rain ගීත තමයි සංගීත ක්ෂේත්‍රයේ අඩෙල්ගේ ස්ථාවරත්වය සනිටුහන් කරන්න සමත් වුණු බල කණු තුන.

මිනිසුන්ගේ පෙනුමේ අඩුපාඩුවලට කවදාවත් හිනාවෙන්න එපා කියන ගුරුහරුකම අපට පොඩි කාලෙදී ලැබෙනවා. සමීප අය එක්ක හිතවත්කමට කොටා, බතලයා වගේ කතා කිව්වාට වෘත්තීයමය වශයෙන් ඒ ගැන සඳහනක් වෙන එක අනුමත කරන්න බෑ. ඇතැම් විදෙස් මාධ්‍යකරුවෝ අඩෙල්ව හඳුන්වා දෙන්නේ 'මහත ගායිකාව' කියලයි. ඇය තවමත් තරුණ වුණත් මහත වැඩි නිසා පෙනුම හරි වයස්ගතයි. ගැඹුරු කටහඬ නිසා තවත් වයසට ගිය ප්‍රතිරූපයක් දෙනවා කියන වැරැදි අදහස් දැක්වීම් විවිධාකාරයෙන් පළවෙන්න ගත්තා. නමුත් අඩෙල් ඒ සියල්ලටම පිළිතුරු දුන්නේ තමන්ගේ හැකියාවෙන්.

අඩෙල්ගේ මෙතෙක් ගත කළ සංගීත දිවියේ උච්චතම එළිදැක්වීම තමයි ඇයගේ තුන්වැනි ඇල්බමය 25. එය අතිසාර්ථක වුණේ රටවල් 110ක iTunes දර්ශකවල අංක එකේ රැඳෙමින්. සතියක් ඇතුළත බි්‍රතාන්‍යයේදී 25 පිටපත් මිලියනයක් සහ ඇමෙරිකාවේදී පිටපත් මිලියන 3.35ක් අලෙවි වූයේ ලෝක සංගීත වාර්තාද පිහිටුවමින්.

25 ඇල්බමයේ ප්‍රධාන ගීතය 'Hello' ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්නට වැඩි කලක් ගියේ නෑ.

නිකුත් වුණු කාලයේ සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවල වාදනය වුණු, හැම මුවගම රැඳුණු ගීතය වුණේ 'Hello' . එම ගීතය පමණක් අඩංගු කර තැනූ Single තැටි මිලියනයක් සතියක් ඇතුළත ඇමෙරිකාව පුරා වාර්තාගත ලෙස අලෙවි වුණේ, සප්ත ස්වරයට ජාති භේද අදාළ නෑ කියන සාධකය ඔප්පු කරමින්.

පියාගේ රැකවරණය නැතිව ඉතාම දුක්ඛිත ළමා කාලයක් සහ තරුණ කාලයක් ගත කරලා හැකියාවෙන් දියුණු වුණු අඩෙල් අද ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක වත්කමක්, ට්පචථථර සම්මාන 15ක්, Grammy සම්මානයක් ඇතුළු සම්මාන 136ක් සහ Guinnes ලෝක වාර්තා 11කට හිමිකම් කියනවා. හැඩට වඩා හඬට මුල් තැන දුන්නු අඩෙල් ලෝක ඉතිහාසයේ බිහිවුණු අතිසාර්ථක ගායිකාවක්. ජීවිතය ගවේෂණය කරන්න. ඔබ කවුද කියන දේ හඳුනාගන්න ලැබේවි.

ෂෙනාල් ගුණසේකර




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top