ලාංකීය ටෙලි නාට්‍ය තුළ දක්ෂ රංග ශිල්පිණයක් තමයි තනූජා දිල්හානි කියන්නේ. නමුත් ඇය කාලයක් දකින්න ටෙලි තිරයේ අපට දකින්න ලැබුණේ නැහැ. ඒ ඇය කාලයක් නවසීලන්තයේ ජීවිත් වුණු නිසයි. ඇය මේ වනවිටනම් නැවත ලංකාවට ඇවිල්ල කියලා දැනගන්න ලැබුණා. ඇය ඒ ගැන පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.
තනූජා මෙච්චර කාලයක් කොහේද ගිහිං හිටියේ ?
මම ටික කාලයක් ලංකාවෙන් ඈත්වෙලා නවසීලන්තයට ගියා.
ඇයි ලංකාව දාලා ගියේ ?
ඇත්තටම ලංකාව දාලා ගිය හේතුව හරියටම මේකයි කියලා කියන්න බැහැ. මම ලංකාව දාලා ගියේ මගේ හොදම කාලයේ. ඒ වෙනකොට මට කලාව ගැන කලකිරීමකුත් නැතිවම නෙමෙයි. සමහරක් වෙලාවට අපිට කරන්න පුළුවන් පරාසය තුළ අපිට වැඩ හම්බවුණේ නැහැ. ඒ පැත්තෙන් ගොඩක් දේවල් සිද්ධවුණා. ඒ කලකිරීමත් එක්ක තමයි ලංකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්න තීරණය කලේ.
ආපහු ලංකාවට ආවේ අවුරුදු හතකට පස්සේ නේද?
මම මීට පෙරත් ලංකාවට ආවා. ඇත්තටම මම කරපු වැඩ අතරමග නතර කරලයි ගියේ. ඒක හින්දා ඒ නිර්මාණ අවසන් කරන්න මට නිතර ලංකාවට එන්න සිද්ධවුණා. කොහොමටත් දෙපාරක් තුන්පාරක් මම ලංකාවට ආවා. ඊට පස්සේ අවුරුදු හතරකට විතර පස්සේ තමයි මම ලංකාවට ආවේ.
මේ පාර දිගටම ලංකාවේ ඉන්නද සූදානම ?
මම නවසීලන්තයේ ස්ථාවරත්වයක් හදාගෙන ඉවරයි. මට මෙහේ හිටියත් එකයි ලංකාවේ හිටියත් එකයි. මම කාලයක් නවසීලන්තයේ හිටියා. ඉතිං මට හිතුණා ආපහු ලංකාවට එන්න ඕනෑ කියලා. ලංකාවෙන් ඈත්වෙලා හිටියාට කලාව මගේ ඇගෙන් ඈත්වුණේ නැහැ. වැඩ කරන හැම වෙලාවකම හිතෙනවා ලංකාවේ හිටියා නම් රගපාන්න තිබුණා කියලා. ඉතිං මට හිතුණා දැන් ආපහු රගපාන්න ඕනෑ කියලා. මම හිතනවා මගේ කාලය හොද ඇති කියලා. ඒකයි ලංකාවට ආවේ. වැඩ ලැබුණොත් දිගටම ඉන්නවා. නැතිනම් ආපහු යනවා. කියන්න බැහැනේ” මගේ කාලය ඉවරද මන්දා.
දැන් දිගටම රගපාන්නද සූදානම?
අනිවාර්යයෙන්ම. මම බලාපොරොත්තුවෙනවා.
මේ පාර මොනවගේ චරිත රගපාන්නද කැමැති ?
අපි හැමකෙනාටම කරන්න පුළුවන් දේවල් තියෙනවා. ලැබෙන චරිත අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් වුණහම ඕනෑම චරිතයක් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ. ඒ අභියෝගය භාරගන්න මට පුළුවන්. හොඳ වැඩක් කරන්න ඇත්තටම හරි ආසාවෙන් ඉන්නේ.
හැබැයි ඉස්සර වගේ නෙමෙයි. දැන් මෙතැන ලොකු තරගයක් තියෙනවා නේද?
තරගයක් කියන එක මට හිතන්න අමාරුයි. හැබැයි දැන් ගොඩක් කට්ටිය ඉන්නවා. අපේ තරුණ පරපුර හරිම දක්‍ෂයි. දැක්කහම ආසයි. මම ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ.
හිතනවාද 2010 අවුරුද්දේ වගේ ආපහු වැඩ හම්බවෙයි කියලා ?
නවසීලන්තයේ ඉන්නකොටත් මුහුණුපොත හරහා ගොඩක් අධ්‍යක්‍ෂවරු මට රගපාන්න ආරාධනා කළා. ගොඩක් වෙලාවට මට සුමුදු වෙල්ලාලගේ අධ්‍යක්‍ෂවරයා කිහිපවතාවක්ම අලූත් වැඩ පටන්ගන්නවා කියලා කතා කළා. ඒ එක අවස්ථාවකටවත් මට එන්න බැරිවුණා. චිත්‍රපටයකටත් අධ්‍යක්‍ෂවරයෙක් ආරාධනාවක් කළා. එතකොට තමයි මට ආසාව ඇතිවුණේ ආපහු රගපාන්න ඕනෑ කියලා.
දැන් විවාහවෙලා ඉන්න හින්දා ආපහු පෙම්වතියගේ චරිතය එහෙම රගපාන්න පුළුවන්වෙයි කියලා හිතනවාද?
ඒක ඇත්තටම කියන්න අමාරුයි. දැන් ඉන්නෙ හරිම යං ක්‍රවුඩ් එකක්. ඔවුන් එක්ක බලද්දී අපි හරියට වයසයි. ඒක තීරණය වෙන්නේ අධ්‍යක්‍ෂවරුනේ.
නිර්මාණවලට ආරාධනා නොලැබුණොත් ලංකාව දාලා යනවාද?
ඇත්තටම මම ආවෙත් නිර්මාණවලට දායකවෙන්නයි. ඒ දේ වෙන්නේ නැතිනම් මගේ කාලය මෙතැන නාස්ති කරන එක අපරාධයක්. මොකද මම එහේ හොද රැකියාවක් කරනවා. දැනට මට නිවාඩුදීලා තියෙනවා. මම ඒක දාලා මෙතැනට ආවේ ආපහු රගපාන්න හිතාගෙන. එහෙම නැතිනම් මගේ කාලය මෙතැන නාස්ති කරන එක අපරාධයක්.
තනූජා නවසීලන්තයේ ගිහිං මොකක්ද කළේ ?
මම එහේ ගුරුවරියක් විදිහට තමයි සේවය කළේ. ඔවුන් දන්නවා මම ලංකාවේ නිළියක් විදිහට වැඩකරනවා කියලා. ඒක හින්දා තමයි ඔවුන් මට නිවාඩු දුන්නේ.
කොච්චර කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවාද?
මට වැඩ ලැබෙන විදිහට තමයි ඒක තීරණය වෙන්නේ. කොහොමටත් දැනට මාස හයක් ලංකාවේ ඉන්න තීරණය කළා. මට වැඩ හම්බවෙනවා නම් ඉන්න පුළුවන්. නැතිනම් ලංකාව දාලා යන්නත් පුළුවන්.
අවුරුදු හතරකට විතර පස්සේ ලංකාවට ආවහම මොකද හිතෙන්නේ ?
තවම මම ඇවිත් සතියයි. කිසිම දෙයක් ගැන හිතාගන්න අමාරුයි. විටින් විට ඒ ආපු කාලය ඇතුළත නම් මට ආරාධනා කිහිපයක් ලැබුණා. නිවේදිකාවක් විදිහටත් වැඩකරන්න හම්බවුණා. මම වැඩකරපු අධ්‍යක්‍ෂවරුන් සියලූ දෙනාම ඉදිරියටත් මට ලොකු සහයෝගයක් ලබාදේවි කියලා හිතනවා.
සහෝදර නළු නිළියෝ දන්නේ නැතිද තනූජා ලංකාවට ඇවිත් ඉන්නවා කියලා ?
මම හිතන්නේ තවම කවුරුවත් දන්නේ නැහැ මම ඇවිත් ඉන්නවා කියලා. කිහිපදෙනයි දන්නේ. මේ ආටිකල් එකෙන් පස්සේ ගොඩක් දෙනෙක් මා ගැන දැනගනීවි.