Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
12
"එයාට මම නැතුව එයාගේ ජීවිතයට වෙන ඕනෑ තරම් අය තෝර ගන්න තිබුණා" - ක්‍රිකට් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ රංගි කියයි - Photos

- "එයාට මම නැතුව එයාගේ ජීවිතයට වෙන ඕනෑ තරම් අය තෝර ගන්න තිබුණා" - ක්‍රිකට් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ රංගි කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
එයාගේ ජීවිතේට මාව තෝර ගත්ත එක ඇත්තටම මගේ ලොකු වාසනාවක්..
මගෙන් යාළුවෙන්න අහද්දී මගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් තිබුණා..

ඩිල්රුවන් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු දැන්නම් පුංචි පුතාලා දෙනෙකුගේ තාත්තා කෙනෙක්. ඔහුගේ ආදර කතාන්දරය ගැනත් පුංචි පවුල ගැනත් ඩිල්රුවන්ගේ ආදරණීය බිරිඳ රංගි ප්‍රසාදි පුවත් පතක මේ විදියට පවසා තිබුණා.

මතකද පෙම්වතෙක් කාලේ ඩිල්රුවන්?

ම්... ඔව්... ඔහු ඒ කාලේ වගේම තමයි අදටත්. මං එයාව අඳුන ගත්තේ මගේ අක්කගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. එයා මගෙන් යාළුවෙන්න අහද්දී මගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් තිබුණා. හැබැයි මං හිතුවේ මට එහෙම යෝජනාවක් ගෙනෙයි කියලා. කොහොමහරි ඉතිං ටික දවසක් ගිහිං මම හා කිව්වා. පෙම්වතෙක් විදිහට හිටපු ඩිල්රුවන්ම තමයි අදටත්. ඒ කාලේ වගේම හරිම නිහතමානී ගති ගුණ අදත් ඔහු ළඟ තියෙන්නේ.

ප්‍රථම ප්‍රේමය ගැන රංගි දන්නවද?
ඩිල්රුවන්ගේ අම්මා මට හරිම ආදරෙයි. ඇය මගෙත් එක්ක හරිම හිතවත්. ඉතිං අම්මටත් පුදුම හිතිලා එයා ගෑනු ළමයෙක්ට කැමැති උනයි කිව්වම” ඇයි කතා බහක්වත් නැතුවනේ ඉන්නේ. අම්මා මේ දේවල් මට කිව්වේ අපි දෙන්නා ගැන දැනගත්තාට පස්සේ. ඉතිං ඔහුගේ ප්‍රථම ප්‍රේමය  තමයි මම. මගෙත් පළමු ආදරය ඔහු.

කොහොම චරිතයක්ද?

හුඟක් පවුලට ලැදි කෙනෙක්. පුහුණුවීම් ඉවර වුණත් ඉක්මනට ගෙදර එන්න තමයි එයා කැමැති. අනික දරුවෝ දෙන්නත් එක්ක කාලය ගත කරන්න සෙල්ලං කරන්න එයා හුඟක් කැමැතියි. වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි. හුඟක් නිහඬ කෙනෙක්. එදා ඉඳන්ම ඒ ගති ගුණය නම් වෙනස් වෙලා නෑ.

රංගිට ලැබෙන සහයෝගය

අපි තාම ගේ හදනවා. දැන් අපි ඉන්නේ ඩිල්රුවන් ගේ අම්මාත් එක්ක. ඉතිං අම්මා තමයි අපේ හැමදේම හොයලා බලලා කරන්නේ. ඇය අපේ ජීවිතවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතිං ඩිල්රුවන් ගෙදර එන්නේ ප්‍රැක්ටිස් ගිහිල්ලා මහන්සි වෙලා. ඒ හින්දා අපි කැමැති නෑ එයාට කරදර කරන්න. ගෙදර ඉන්න දවස්වලට නං බබාලා දෙන්නව බලන්න කිව්වොත් චුට්ටක් ඉතිං එයාලව බලා ගන්නවා. ගෙදර දේවල්වලට නම් ටිකක් කම්මැලියි. හැබැයි ඉතිං බබාලා දෙන්නව පොඩ්ඩක් බලාගන්න එකත් මට නං ලොකු උදව්වක් තමයි. ඒ උදව්ව කරන එක ලොකු දෙයක් කියලා හිතෙනවා.

ගෙදර ඉන්න වෙලාවට මොකද කරන්නේ

පොඩි අය එක්ක කාලය ගත කරනවා. තව පරණ මැච් බලනවා. අපි නං ආසත් නෑ. හැබැයි ඉතිං එයා වෙන රටවල මැච් ඔක්කොම වගේ බලනවා. රෙස්ලින් වලට ආසයි. නැත්නං සින්දු අහනවා.

කැමතිම ගායකයා

කසුන් කල්හාරට තමයි කැමැති. හින්දි ෆිල්ම්ස් බලන්නත් හුඟක් කැමැතියි. ඉස්සර නං අපි දෙන්නම ඇත්තටම ෆිල්ම්ස් බලන්න හරියට යනවා. දැන් ඉතිං පොඩි අය හින්දා යැවෙන්නේ නෑ.

ඩිල්රුවන්ට තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර

එයා වැඩිය කැපිලා පේන්න කැමැති චරිතයක් නෙමෙයි. එයා ඉන්න විදිහ හරි වෙනස්. ටිකක් චාම් නිශ්ශබ්ද විදිහටනේ ඉන්නේ.

රංගි ඔහුගේ අකැමැතිම ගතිගුණය

පොඩ්ඩක් විතර කේන්ති යනවානේ. ඒක එහෙම නොවෙනවා නම් මම හරි කැමතියි. මං චුට්ටක් හරි අකමැති දේකට තියෙන්නේ ඔය ටිකක් විතර ඉඳලා හිටලා කේන්ති යන එක තමයි.

කැමැතිම ගතිගුණය

ඔහු බොහොම නිහතමානී හරිම හොඳ කෙනෙක්. පොළවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක්. අනිත් එක ඕනෑ කෙනෙකුට උදව් පදව් කරන පිනට දහමට ආගමට ලැදි කෙනෙක්. අනික පවුලටත් ලැදියි. ඔහුගේ නිහතමානිකමට තමයි මං වැඩියෙන්ම කැමැති.

දුක හිතුණොත්

මං බබාලට සැර කළාම එහෙම එයාට හුඟක් දුක හිතෙනවා. අනික ඕන කෙනෙක්ගේ දුකකදී එයාගේ හිත උණුවෙනවා. මට වුණත් සැර කළහම ඒකට දුකක් ආවොත් එයාටත් ඒකට හරි දුකයි.

සතුටු හිතුණොත්

එයාට සතුටු නම් ඒ දේවල් එයාම විස්තර කරලා කියනවා. එකෙන් තමයි අපි දැනගන්නේ එයා ඉන්නේ සතුටින් කියලා. එහෙම වෙලාවට අම්මයි මමයි කතා වෙනවා අද නං මූඩ් එක හොඳයි වගේ කියලා. කතා කරන විලාශයෙන් තමයි ඒක තේරුම් ගන්නේ. මට අද හරි සතුටුයි කියන වචනය නං කවදාවත් එයාගේ කටින් පිටවෙලා නෑ.

ක්‍රිකට් ඇරුණම වෙන දක්ෂ මොනවාටද

බැඩ්මින්ටන් වලට එයා දක්ෂයි. ඒ දවස්වල සමස්ත ලංකා සෙල්ලං කරලා තියෙනවා මං හිතන්නේ බැඩ්මින්ටන්.

අපි නොදන්න රහස්

හ්ම්... එයා හුඟක් වෙලාවට එයාට පුළුවන් විදිහට හුඟක් උදව් කරනවා. හැබැයි ඒ ගැන කිසි කෙනෙකුට කියන්නේවත් සමාජ මාධ්‍ය වල දාන්නේවත් නෑ. අඩු තරමේ ෆොටෝ එකක්වත් දාන්නේ නෑ. එයා හරියට හිත උණුවෙන කෙනෙක්. අනික වැඩි කතා බහක් නැති වුණත් අඳුන ගත්තම හරිම මිත්‍රශීලි කෙනෙක්. මම ඇත්තටම හුඟක් සතුටු වෙනවා මට එයාව ලැබුණු එකට. මොකද එයාට මම නැතුව එයාගේ ජීවිතයට වෙන ඕනෑ තරම් අය තෝර ගන්න තිබුණා. එයාගේ ජීවිතේට මාව තෝර ගත්ත එක ඇත්තටම මගේ ලොකු වාසනාවක්.

-යුගන්ති යශෝධරා-


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top