Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
11
"රංගන හදාරලා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත තමයි.." - දුලානී අනුරාධා - Photos

- "රංගන හදාරලා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත තමයි.." - දුලානී අනුරාධා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"කව්ද එහෙම කියන්නේ,මම දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ..."

"තවම ඉතින් මට හිමි කෙනා හමුවුණේ නැහැ..."

දුලානි අනුරාධා කියන චරිතය සිනමා කාචයට සුවිශේෂී චරිතයක්. ඒ නිසාම නිර්මානාත්මක සිනමා කෘති සදහා ඇයගේ රංගන දායකත්වය ලැබෙනවා. රංගන ශිල්පිනියකට අමතරව නර්තන ආචාර්යවරියක ලෙස සේවය කරන දුලානි නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. මේ ඇය ගැනයි.
කොහොමද දුලානි..
හොඳින් ඉන්නවා

කාර්ය බහුල කාලයක් අවසන් කළා කියා ආරංචියි..
අපෝ ඔව්. පහුගිය කාලයේ පාසල් ළමයින්ගේ විභාග කටයුතු නිසා කාර්ය බහුලවෙලා හිටියා.නර්ථන ආචාර්ය වරියක ලෙස මෙවර උ.පෙළ සඳහා මුහුණ දෙන සිසුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දුන්නා. දැන් ඉතින් පාසල් නිවාඩු කාලය නිසා ටිකක් විවේකයෙන් ඉන්නවා.

දුලානි කලාවෙන් ඈත් වෙලාද..
නැහැ. කලාවෙන් ඈත් වෙන්න කිසිම අදහසක් නැහැ.

එහෙනම් ඇයි කලාවේ දකින්න නැත්තේ‍..
මම කොහොමත් නිතරම කලාවේ පේන්න ඉන්න චරිතයක් නෙමෙයි. තෝරා බේරාගත් චරිත පමණයි රඟපාන්නේ. ඒ අතරත් චිත්‍රපටවලට විශේෂ තැනක් දෙනවා. පසුගිය දවස්වල ධම්මික තිසේරාගේ ඉලක්කය සහ ළමා චිත්‍රපට දෙකක රඟපෑවා. එම චිත්‍රපට ඉදිරියේදි තිරගතවීමට නියමිතයි. වෙයි.

කොහොමද මේ වෘත්තීන් දෙකම සමබරව කරගෙන යන්නේ..
ගොඩක් වෙලාවට රංගන කටයුතුවල නියැළෙන්නේ පාසල් නිවාඩු කාලයේ සහ ‍සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී. රියැලිටි වැඩසටහන් සහ ‍රූපවාහිනි නාලිකාවලින් ආරාධනාකරන ගේම් ෂෝ වැනි වැඩසටහන්වලට ආරාධනා ලැබුණත් භාර ගන්නෙ නැහැ. පසුවදා ඉස්කෝලෙ යන්න තියෙන නිසා.

දුලානි ආඩම්බරයි කියන කතාව ඇත්තක්ද..?
කවුද කිව්වේ මම ආඩම්බරයි කියා. මම ආඩම්බර නෑ. මම දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ.

ඒ නිසාද පාසලේ ළමයි හොරෙන් බලන්නේ..
ඒකනම් ඇත්ත තමයි. අලුුතෙන් අපේ පාසලට එන ළමයි මට තේරෙනවා මගේ දිහා හොරෙන් බලනවා. මම අඳින්නෙ මොනවද බලනවා. ටික දවසක් යනකොට ඒ අයට මාවත් අනෙක් ටීචර්ස්ලව වගේම සාමාන්‍ය කෙනෙක් වෙනවා.

දුලානි සිනමාවට එන්නේ අබා චිත්‍රපටයෙන්..
ඔව්. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටයෙන්. අබා මාව වෙනස් මාවතකට යොමුකළා. මෙරට සිනමා කලාව වෙනස් කළ චිත්‍රපටයක් ලෙසයි මම අබා දකින්නේ. එහි ගුම්බකබූතාගේ චරිතය තමයි කළේ. එය අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තිබෙනවා.

ඉන් පසුව ඔබ සිනමාවට නැතුවම බැරිව ගියා..
අපෝ නැහැ. තවම චිත්‍රපට හයක් විතරයි කළේ. එයින් චිත්‍රපට තුනක් විතර එන්න තියෙනවා.

ඇයි වැඩිපුරම ‍‍ඵෙතිහාසික චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ..
ඒකනම් කියන්න මටත් තේරෙන්නෙ නැහැ. නමුත් මම හිතනවා අධ්‍යක්ෂවරුන්ට මගේ ස්වරූපය පෙනෙන්නෙ ඒ වගේ වෙන්න ඇති.කොහොමත් මම කැමැතියි ‍රසිකයන්ට දැනෙන යමක් කරන්නට. ඒ නිසයි ටෙලිනාට්‍ය වුණත් භාරගන්නෙ නැත්තෙ.

සිනමා නිර්මාණවල පමණක් පෙනී සිටින්නද කල්පනාව..
මම කලාවට ආවේ සිනමාවෙන්. ඒ නිසා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. කොහොමටත් මෙගා නාට්‍ය රැල්ලට මම කැමැති නැහැ. අපි රසට කෑමක් හැදුවොත් ඕන කෙනෙක් කන්න කැමැතියිනේ. ඒ වගේ තමයි නිර්මාණයක් වුණත් ලස්සනට කළොත් කවුරුත් ආසාවෙන් වැලඳගන්නවා. ඒ නිසයි ධර්ම යුද්ධය, හෝ ගානා පොකුණ, වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගත්තේ.

දුලීකා හිතන්නෙ රංගනයට හැදෑරීමක් කළ යුතුයි කියාද..
රංගනය ගැන අපේ රටේ හදාරන්න තැනක් නෑ. කෙනෙක් ආවනම් ආවෙ දක්ෂතාවයෙන්. අද වන විට නම් හදාරා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත. ඒ නිසා මම හිතන්නේ අපේ කලාව තුළ දැනට වඩා නිර්මාණ සඳහා දක්ෂයින්ව තෝරා ගන්නවානම් හොඳයි.

දේශපාලනයට ආරාධනා ලැබුණොත්..
ඒ ගැන කිසිම අදහසක් නැහැ.

කාවද ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ..
කලා ක්ෂේත්‍රයේ ‍කිසිවකු ළඟින් ඇසුරු කරන්න ලැබෙන්නෙ නෑ. පාසල් වැඩත් එක්ක කාර්ය බහුල නිසා අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න කිසිම දේකට යන්නේ නැහැ.

හැමදාමත් රංගනයයි, ගුරු වෘත්තියයි කරන්නද කල්පනාව..
මම දන්නව අහන්න යන්නේ මොකක්ද කියල (හිනා). තවම ඉතින් මට හිමි කෙනා හමුවුණේ නැහැ.

ගෙදරින් මනාලයෝ හොයනවා කියන්නේ ඇත්තක්ද..
අපේ අම්මයි, අයියයි ඒ ගැන උනන්දුයි. කොහොමත් මම හොයන්නෙ මාත් සමග සැහැල්ලුවෙන් මැරෙනතුරු ඉන්න පුළුවන් කෙනෙක්. විශේෂයෙන් ඔහුට මගේ වෘත්තීන් දෙක පිළිබඳවම අවබෝධයක් තිබිය යුතුයි.

නයනි වෑත්තෑව




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top