"මගේ Lap top එක නැති වී ඇත. එය ආපසු ලබා දෙන අයෙකුට මුදල් ලැබේ."
රැකියාවේ වටිනා ලිපිගොනු රැසක් ලැප් එකේ තිබිලා..
අප කාටත් අමතක වීම් කියන දේ වෙනවා. මේ නිසා අපගේ වටිනා දේවල් අපට නොදැනීම නැතිවෙනවා. ඇතැම් අවස්ථාවල අප නිවසින් පිටු වන්නේ අපගේ වටිනා දේවල් අතේ ඇතැතිවයි. නමුත් ඒවා අපට බස් රථයේදී, දුම්රියේදී හෝ අප ගමන් ගන්නා වෙනත් වාහනයකදී අපට අමතක වෙන සිදුවීම් අනන්තවත් වෙනවා. ඒ වගේ අමතක වීමක් නිසා විදේශිකයෙකු වෙන්න ගිය සිදුවීමක් ගැන මේ දිනවල සමාජ ජාලයේ ඡායාරූප කිහිපයක් හුවමාරු වුණා.
මේ සිදු වීම වෙලා තියෙන්නේ චීන ජාතික තරුණයෙකුට. ඒ තමයි ඔහුගේ ලැප්ටොප් පරිඝණකය තමන් ගමන්ගත් ත්රීවිල් රථයකදි අමතක වෙලා ගොස් තිබීම. ඔහු වැඩ කරන ඔෆිස් එකේ වැදගත් ලිපිගොනු රැසක් මේ ලැප් එකේ තිබිලා තියෙනවා. නිසාම රැකියාව පවා නැතිවෙන තත්වයක තමයි ඔහු හිටියේ.
චීන ජාතික තරුණයට මේ වෙච්ච දේ ගැන ඔහුට කියන්න කවුරුත් නැති නිසා ඔහු කොළඹ ගංගාරාමය අසල පහුගිය දවසක බෝඩ් එකක මේ විදියට ලියලා අල්ලගෙන හිටියා. "මගේ Lap top එක නැති වී ඇත. එය ආපසු ලබා දෙන අයෙකුට මුදල් ලැබේ." යනුවෙන්.
මේ සිද්ධිය දුටු පිරිසක් මේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් වෙත එකතු කරලා තිබුණා. මේ ඡායාරූප හැමතැනම හුවමාරු වෙද්දි චීන තරුණය ගමන් ගත් ත්රී රෝද රථයේ රියදුරාත් මේක දැකලා මේ විදේශිකයාට දුරකථනයෙන් කතා කරලා තිබුණා.