Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
14
නිවුන් සොයුරියන් කෙළෙසා කට්ටි පනිමින් සිටි තරුණයා සරසවි සිසුවියන් දෙදෙනෙකුගේ ඉමෝ ආදරයක පැටළී වැඩ වරද්දා ගත් හැටි

- නිවුන් සොයුරියන් කෙළෙසා කට්ටි පනිමින් සිටි තරුණයා සරසවි සිසුවියන් දෙදෙනෙකුගේ ඉමෝ ආදරයක පැටළී වැඩ වරද්දා ගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
රැකියාවක් දෙන බව පවසා බෝඩිමකට රැගෙන ගිහින් දූෂණය කරලා..
සරසවි සිසුවියන් දෙදෙනෙක් සමඟත් ඉමෝ චැට් කරලා මුණගැහෙන්න ගිහින්..
 
දෙමාපියන් සමග අමනාප වී නාවලපිටියේ සිට කොළඹ පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනෙක් දූෂණය කොට වසරක්‌ පුරා සැඟව සිටි බව කියන සැකකරුවෙක් සරසවි සිසුවියන් ලෙස පෙනී සිටි පොලිස්‌ කාන්තාවන් දෙදෙනකුගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයකින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. 
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නාවලපිටිය වෙරළුගස්‌හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසුවන සැකකරු වෙතින් දූෂණය වූ බව පැවසෙන නිවුන් දැරියන් දෙදෙනා නිවැසියන් සමඟ අපනාප වී ඔවුන්ට නොදන්වා කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ. 
 
පසුව ඔවුන් පිටකොටුව බස්‌ නැවතුම්පළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ ඔවුන් දෙදෙනාට රැකියාවක්‌ දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස්‌ බෝඩිම් කාමරයක තබාගෙන දූෂණය කර ඇති බව පැවසෙනවා. 
 
අදාළ දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවලදී ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයාගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගතකර තිබෙනවා. 
 
සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක්‌ නොදන්නා බව හෙළිවීම හේතුවෙන් සැකකරු සම්බන්ධයෙන් ලැබී තිබූ සාමාන්‍ය තොරතුරකට අනුව ඔහු සොයා පරීක්‌ෂණ සිදුකර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස්‌ කාන්තාවන් දෙදෙනෙක් මෙම සැකකරු සමඟ ඉමෝ තාක්‌ෂණයෙන් සම්බන්ධ වී දැඩි ලෙස ආදරයක්‌ පෙන්වා ඔහුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබෙනවා. 
 
සරසවි සිසුවියක ලෙස පෙනී සිටි එක් පොලිස් නිලධාරිනියක් සැකකරු සමඟ ඉමෝ ඔස්සේ සම්බන්ධතා පවත්වමින් සිටියදී අනෙක් පොලිස් නිලධාරිනිය ද ඉමෝ ඔස්සේ සැකකරු සමඟ සම්බන්ධතා ගොඩනඟා ගෙන ඇත්තේ පළමුව සැකකරු සමඟ සම්බන්ධතා පැවැත්වීමට කටයුතු කළ සරසවි සිසුවියගේ යෙහෙළිය ලෙස පෙනී සිට එම යෙහෙළියට හොරෙන් සැකකරු සමඟ ආදරයක් ගොඩනඟා ගන්නා බව අඟවමින් බවයි වාර්තා වන්නේ.
 
සැකකරු මාතර වලස්‌මුල්ල ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළිවී ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඊයේ (13) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top