Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




May
22
මහ වැස්ස තවත් දරුණු වෙයි, පළාත් 5කට කාලගුණයෙන් කළ අනතුරු ඇඟවීම මෙන්න - Video & Photos

- මහ වැස්ස තවත් දරුණු වෙයි, පළාත් 5කට කාලගුණයෙන් කළ අනතුරු ඇඟවීම මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

මිලිමීටර් 194.8ක වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයට...
දිස්ත්‍රික්ක 12ක පවුල් 10,000ක් පීඩාවට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.

එමෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70, 80 දක්වා තාවකාලිකව ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.


මේ අතර, සීමා මායිම් නොබලා අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයට අද උපදෙස් ලබාදී තිබෙනවා.

බෙංගාල බොක්කේ පවතින කැළඹිලිසහගත තත්ත්වය අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයට ලැබී ඇති අතර, එය මිලිමීටර් 194.8ක්.

ලක්ෂපාන, නෝර්ටන් ඔය, කොත්මලේ, දුම්මලසූරිය, කාසල්රී යන ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ලැබී තිබෙනවා.




මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 10,000කට අයත් පුද්ගලයින් 38,000කට වැඩි පිරිසක් පීඩාවට පත්වී සිටිනවා.

එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නාය යාමේ අවදානම බලාත්මක කර තිබෙනවා.

එමෙන්ම කැළණි, කළු, ගිං යන ගංඟා මෙන්ම මාඔයේ ද ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දින ඉහළ ගොස් තිබූ නිල්වලා ගෙඟ් සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට පහත බසිමින් පවතින බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, දින කිහිපයක් යන තුරු ජලාශ පරිහරණය කිරීමෙන් වළකින ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මීට අමතරව පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 තවමත් විවෘතව පවතින අතර, එමගින් පිටවන ජලය මහවැලි ගඟට නිකුත් කෙරෙන බැවින් ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවිය යුතු බවටයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු මේ වනවිට වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ම තවමත් අඩිය බැගින් විවෘතව පවතින අතර, මේ හේතුව නිසා පුත්තලම සහ ආනමඩුව ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම ප්‍රදේශවල කුඩා වැව් සියල්ලම ඊයේ රාත්‍රිය වන විට වාන් දමමින් පැවතියා. කඩුපිටිඔය පිටාර ගැලීම නිසා හලාවත - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම රතඹලාඔය පිටාර ගැලීමත් සමඟ සේරුකැළේ සහ මදවක්කුලම යන ගම්මානවල පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

කලාඔයේ ජල මට්ටම ද ඉහළ යාම නිසා පුත්තලම - මන්නාරම පැරණි මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.

එමෙන්ම හැමිල්ටන් ඇල පිටාර ගැලීමත් සමඟ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් ජල ගැලීම් හේතුවෙන් ස්ථාන කිහිපයක කොටු වී සිටින බවටද වාර්තා වනවා.

නාන්තණ්ඩිය - තුන්මෝදර ප්‍රදේශයේ කොටු වී සිටි පවුල් 16ක් නාවික හමුදාව විසින් බේරා ගනු ලැබුවා.

මේ අතර, වර්ෂාවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, ඇලපාත සහ කලවාන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේදී අදාළ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කරනු ලැබුවේ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහායි.

ජල ගැලීම් හේතුවෙන් රත්නපුර - කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 9 දෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව ඊයේ බේරා ගැනුණේ සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුවයි.

එම මව්වරුන්ගෙන් 6 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රත්නපුර අප වාර්තාකරු ධනේෂ් පෙරේරා කියා සිටියේ මේ වන විටත් එම ප්‍රදේශයට වැසි ඇද හැලෙමින් පවතින බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල සියළුම පාසල්වලට ඊයේ සහ අද යන දෙදින නිවාඩු ලබාදුන්නා.

මීට අමතරව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ද ඇතැම් ප්‍රදේශ තවමත් සුළු වශයෙන් ජලයෙන් යට වී පවතිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුපනාව, නාගොඩ සහ බුදපනාගම ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පානදුගම යන ප්‍රදේශවල පහත්බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී පවතිනවා.

කළුතර දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවූ පහත්බිම්වල ජලය බැස යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජල ගැලීම් සහ විවිධ ආපදා හේතුවෙන් විපතට පත් පුද්ගලයන් මුදා ගැනීම සඳහා නාවික හමුදාව, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව මේ වන විට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවලට තවත් අතිරේක බල ඇණි කිහිපයක් යෙදවීමට කටයුතු කළ බවයි.

එමෙන්ම ජල ගැලීම් සහ ආපදා තත්ත්වයන් පිළිබද සොයා බැලීම සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක අද උදෑසන යෙදවීමට පියවර ගත්තා.

වර්ෂාවත් සමඟ පස් කඳු සහ ගල් පෙරලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග අවහිරතා පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

පස් කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.

මීට අමතරව බියගම - මල්වාන, බණ්ඩාරවත්ත, මාපිටිගම යන ප්‍රදේශ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාර්ග අංක 226 මාර්ගය සහ කැළණිය - බියගම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම අධික වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා.

ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි.

මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් මෙන්ම මාතර සහ ගාල්ලේ සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.

මාතර - අකුරැස්ස, ගාල්ල, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලද ඊයේ ඇතිවූ වර්ෂාපතනයත් සමඟ මාර්ග අවහිරතා ඇති වුණා.

එමෙන්ම හලාවත - කොළඹ මාර්ගය, මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් තවමත් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රතඹලාඔය පිටාර ගැලීම නිසා ආනමඩුව - හලාවත මාර්ගයේ ඇතැම් ස්ථාන ද මේ වන විට ජලයෙන් යටව පවතිනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top