දිස්ත්‍රික්ක 15 කට බලපෑම් අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815කට අයත් පුද්ගලයින් 38,040ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු දැනටමත් මිය ගොස් ඇති අතර, අකුණු අනතුරු, පස් කඳු කඩාවැටීම්, දියේ ගිලීම් සහ ගස් කඩාවැටීම්වලින් මෙම මරණ සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
දැඩි වර්ෂාවත් ඇති වූ සුළං හේතුවෙන් පූර්ණ නිවාස හානි 19ක් හා අර්ධ නිවාස හානි 918ක් වාර්තා වනවා.
පීඩාවට පත්ව සිටින සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ආපදාවට පත්වූවන්ට ඕනෑම අවස්ථාවක සහන සැළසීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටිනවා.
දැනටමත් යුද හමුදා භට පිරිස් සහ නාවික හමුදා බෝට්ටු කළුතර, රත්නපුර සහ ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවල පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීම සඳහා යොදවා ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.
මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පානීය ජල පවිත්රාගාර කිහිපයක්ද වසා දැමීමට සිදුව ඇති බවයි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ.