Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




May
21
ප්‍රධාන ගංඟා පිටාර මට්ටමට පැමිණෙයි - අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි - Video

- ප්‍රධාන ගංඟා පිටාර මට්ටමට පැමිණෙයි - අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මහවැලි,කැළණි,මා ඔය පිටාර මට්ටම පැමිණෙයි..
ගංඟා අවට ජනයාට ඉවත්වන්නැයි නිවේදයක්..


දිවයිනේ දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.  

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.

වැඩිම  වර්ෂාපතනය වූ මිලිමීටර 353.8 ක අගය වාර්තාවුණේ ආණමඩුව ප්‍රදේශයෙන්.

ආඬිගම සහ කමලාශ්‍රම් ප්‍රදේශ වලින්ද මිලිමීටර් 300 ඉක්ම වූ  ක වර්ෂාපතනයන් වාර්තා වුණා.

මේ අතර වර්ෂාවත් සමඟ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කැලණි, කළු, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා සහ අත්තනගලු ඔය සහ මා ඔය අද දහවල්වන විට ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටම ඉක්මවා ගොස් තිබුණා.

අද දහවල් 12 වන විට කැලණි ගඟේ දැරණියගල ජලමාපාංකය හැර සෙසු මාපාංක සියල්ල සටහන් වූයේ අවදානම් මට්ටමට ඉහළින්.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබුනා.

අධික වර්ෂාව හේතුවෙන් හලාවත ආරච්චිකට්ටුව - විජයකටුපොත වැව ද මේ වනවිට වාන් දමමින් පවතිනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ 1974 වසරනේ පසුව විජයකටුපොත වැව වාන් දැමූ පළමු අවස්ථාව මෙය බවයි.  

මේ හේතුවෙන් කටුපොත, බත්තුලුඔය, මාඑළිය, අරච්චිකට්ටුව ආදී ප්‍රදේශ ගණනාවක පදිංචි ජනතාවට බලපෑම් එල්ල වි ඇති අතර, ඔවුන් මුදා ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාවික හමුදාව සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිනවා.

වර්ෂාවත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී කළුතර - බුලත්සිංහල මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙනවා.

හොරණ - මාහේන - හෑගල්ල ප්‍රදේශයේ ඊයේ සුළු නායයාම් තත්ත්වයක් වාර්තා වූ අතර, ප්‍රදේශවාසීන් චෝදනා කළේ ඉදිකෙරෙමින් පවතින හෝටලයක් හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බවටයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට  ලක් වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට  ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව විදුහල්පතිවරුන්ට පාසල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳව පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය හැකියි.

මේ අතර ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිට ඇත්තේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් දිස්ත්‍රික් හා  ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සම්බන්ධවී ජනතාවට සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙසයි.

මේ අතර මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගනිමින් විපතට පත් ජනතාවට සියලු පහසුකම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාල අංශවලට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top